නුඹ , මම සහ ඇය

නුඹ..
හදෙහි පෙම දරාගෙන
මගේ නමට සිත පුදා,
ගොසිනි ඇය හා
සසර බැමි බිද දමා,
රන් හුයෙන් දෙ අත පටලවා,..

ඇය..
හදෙහි පෙම දරාගෙන
ඔහු නමට සිත පුදා,
බැදුනි නුඹ හා
සසර බැමි බිද දමා,
රන් හුයෙන් දෙ අත පටලවා,..


මම..
හදෙහි පෙම දරාගෙන
ඔබෙ නමට සිත පුදා,
බැදුනි තනිකම හා
සසර බැමි බිද දමා,

Add caption
රන් හුයෙන් දෙ අත් පැටලුන දා,..

CONVERSATION

7 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක ගියාම දුක තමයි ඉතින්. මොනා කරන්නද අපි කොහොමහරි හිත හදාගන්නවා මිසක් !!!!
    මේක සිතුවිල්ලක් පමණකමයි නේද ?

    ReplyDelete
  2. හ්ම්ම්... එයා අපිට ආදරේ බව දැන දැනත් එහෙම වෙද්දී ගොඩාක් දුකයි අයියේ... ඇත්තක් නැත්තෙමත් නෑ... ඇත්තක්මත් නෙවෙයි හැබැයි... :)

    ReplyDelete
  3. හ්ම්ම්...

    මා ඔබට පෙම පුදා
    දෑස් දල්වා බල සිටියෙමි
    කවදා හෝ එනතුරා
    දකින්නට මා..

    පැමිණියා නුඹ
    ගිවිසි ලෙසටම මා සොයා
    නමුත් ඈ සිටි පසෙක
    නුඹේ අයිතිය "මගේ කියා.."

    ReplyDelete
  4. හ්ම්ම්.. එහෙම වුනාම දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ නේද නංගියෝ..

    ReplyDelete
  5. මගේම කියන දෙයක් වෙන කෙනෙක්ගේ වෙනකොට දැනෙන වේදනාව.. හ්ම්ම් .. මට ලියපු කවියක් මේක :(((

    ReplyDelete
  6. ඔයාගේ ජීවිතේ මේ වගේ අත්දැකීමක් තියෙනවද නංගෝ,.. හ්ම්.. වේදනාකාරියි නේද?

    ReplyDelete
  7. අනිවා අක්කේ තියෙනවා. වේදනාකාරියි උපරිමයෙන්ම. :(((

    ReplyDelete

Back
to top