නොදු‍ටු නුඹට

කාශ්ටක තෙත් පොලව 
නුදු‍ටු වැහි බිදු සොයයි,
වියලි හද බිම මගේ
නුදු‍ටු ඔබ ගැන සොයයි,.


කොහිද නුඹ සැගවුනේ
සොයමි මම සැම දිනේ,
සප්ත සමුදුරු එහා
සිටින බව දනිමි මා,.


මගේ හදවත හිදැස 
නුඹෙ නමිනි වෙන් වුනේ,
තවම නෑ කිසි කෙනෙකු
ඒ හිදැස පිරවුයේ,.


සක්වලක් කලඹවා
මහා වැස්සක් වෙලා, 
කුනා‍ටුව වෙලා හෝ 
එනවාද මා සොයා,..

CONVERSATION

6 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඉදලා ඉදවා වහින්නේ හද්දා වැහි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා නංගිගේ හිතටත් කවදහරි ආදරයේ හද්දා වැහි වහීවී.

    ReplyDelete
  2. හ්ම්ම්...ඒත් ඒ වැස්සත් කුණාටුවක් වුනොත්...

    ReplyDelete
  3. එයි අක්කේ කවදාහරි එයි.. එයා ආවේ නැති උනොත් එයාට වඩා හොද කෙනෙක් එයි..

    ReplyDelete
  4. හ්ම්.. එයා ඇවිත් නංගෝ,. :)

    ReplyDelete
  5. එකනේ... දෙවියෝ දුක දෙන වෙලාවට ගොඩාක් දෙනවා. සතුට දෙන වෙලාවට දරන්න බැරි තරම් දෙනවා :))

    ReplyDelete
  6. ඇත්ත,. ඒත් ඒ සතුට දරාගන්න බැරි වෙලා කඳුලක් වෙන වෙලාවලුත් තියෙනවානේ...

    ReplyDelete

Back
to top