අහන් ඉන්න, අහගෙන ඉන්න....


හැමදාමත් වගේ එදත් උදේම මම ක්ලාස් එකේ. උදේ පාන්දරම නාවොත් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ ක්ලාස් එකේ ඉස්සරහම පේලි, අපි හොදට පාඩම අහගෙන ඉන්න ලමයි නේ :) ඒ නිසා අපිට ඔය ඉස්සරහම පේලි වල ඉන්න හරිම අමාරුයි, හැම ක්ලාස් එකකම අපි යන්නේ මැද පෙල අසුන් වලට.. මැද පෙල අසුන් කිව්වට ඔය පේලි වල ඉස්සරහ ඉන්නෙ පිරිමි ලමයි. කොහොමින් හරි පොර කාලා ඔය පැත්තෙන්ම පේලියක් අල්ලගන්න තමයි අපි වලි කෑවේ. මේ කාලෙ ඉතින් කොල්ලො කෙල්ලො වෙනසක් නෑනේ , අපේ ගොඩාක් යාලුවො කොල්ලො තමයි ඉතින්..

කොහොමින් කොහොම හරි අදත් ඉඩ අල්ලගත්තා කියමුකො මේ මැද පෙල අසුන් වලින්. ඉස්සරහ ඉන්නෙත් පිරිමි ලමයි, පැත්තෙනුත් එහෙමයි.ඒත් වාඩි වුනාට පස්සේ මොකක්දෝ අමුත්තක් දැනෙන්න ගත්තා වෙනදා නොදැනුන, හරිනේ කව්දෝ මන්දා කලින් නොදැකපු පිරිමි ලමයෙක් මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා, ඒ බැල්ම දැක්කම, ඒ ඇස් වල තියුණු බව දැනුනම මට දැනුනේ පුදුම අපහසුවක්, ලැජ්ජාව නිසා මගේ ඔලුව බිමට බර වුනා, ඒත් මොනව කරන්නද? අහක බලාගන්න කියල කියන්න පුලුවනෑ, මමත් හිටිය මට නෙවෙයි වගේ. සැරෙන් සැරේ ඒ ඇස් දෙක මගේ පැත්තට හැරෙනවා, කොහොමින් කොහොම හරි අමාරුවෙන් ඔහොම ඉදලා ක්ලාස් එක ඉවර වුනා, අයෙමත් හවස business studies ක්ලාස් එක, එකෙත් මැද පෙල අසුන් අපි එනකන් බලාගෙන හිටියා, මැද පෙල අසුන් විතරක් නම් මදෑ ,අර තියුණු ඇස් දෙක ආයෙමත් මගේ දිහා බලාගෙන ඉන්නවා, ඒත් මේ ඇස් වල අයිතිකාරය නම් ටිකක් ආඩම්බරකාරයෙක් වගේ. මම එයා දිහා බලන බව දැනගත්තාම අහක බලාගන්නවා. මුකුත්ම කියන්නෙවත් නෑ. ඒ නිසා මගේ ඇසුත් ටිකක් එයාගෙ පැත්තට ඇදිලා ගියා. ඒත් ඉතින් මම කෙල්ලෙක්නේ වැඩිය ගනන් ගත්තේ නෑ එයාව. සුමාන ගානක් ඔය විදියටම ගත වුනා, හැමදාමත් ආඩම්බරකාරයා මම එනකන් බලා ඉන්නවා, මම ඉන්න තැන පේන තැනකින් වාඩි වෙනවා, ඒත් කවදාවත්ම මට ලැජ්ජාවක් වෙන විදියට හැසිරෙන්නෙ නෑ.
පන්තියත් ඇරුනා ගෙදරත් ගියා කියමුකෝ, ඒත් මගේ හිත අර ලස්සන ඇස් දෙක ගාව නතර වෙලා වගේ මට හිතුනේ, මගේ සිතිවිලි ඔක්කොම අර තියුනු ඇස් දෙකට නතු වෙලා.. කවදාවත් නොදැනුන ආගන්තුක හැගීමක් මාව වෙලාගෙන. ඒ ඇස් ආයෙ දකිනකන් මගේ හිතට ඉවසිල්ලක් නෑ. වෙනදට පන්ති යන්න කම්මැලිකමේ හිටපු මම දැන්.. දැන් ඊලග සුමානේ වෙනකන් ඇගිලි ගනිනවා. ඒ මගේ කෝඩුකාර ආදරේ. මගේ හිතේ තියෙන දේ රහසින් ඒ ඇස් වලට එබිලා කොදුරන්න ඇත්නම් කියල හිතුන වාර අනන්තයි. හැම හීනෙකම ඒ තියුනු ඒත් සුන්දර ඇස් මාව හොයාගෙන ආවා. මගේ මුලු ලෝකයම මම ඒ ආඩම්බරකාරයට පූජා කරා, ඔහුට ඇහෙනවා නම් මගේ හිත කියන දේ...........

අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
මුමුනනවා...

යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා,.
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා,.
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා,
ඒ සුවඳින් මගෙ හුස්ම
රටා මවනවා,.

සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි,
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහ මෙරයි,
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි,
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි,..

මෙතනින් සින්දුව අහන්න



CONVERSATION

22 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මමත් ඒලෙවෙල් කලා මමත් ක්ලාස් ගියා, මගේ ඇස් අස්සෙත් ඔය වගේ ලස්සන කෙල්ලෙක් හොල්මන් කලා... කාලය ගෙවිලා ගියා ... දෙවෙනි වාරයට අවසාන ක්ලාස් දවසේ මම එයත් එක්ක කතා කලා....
    "පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද ?"
    "බෑ මට පරක්කු වෙනවා "
    එයා යන්න ගියා...
    ඒත් අද එයා ස්ලිට් එකේ, මම ගෙදර ආතක් පාතක් නැතුව ඉන්නවා...
    බුකියේදි මම කොච්චර මැසේජස් යැව්වත් එයා නෙමෙයි සහතික කරන්නේ........

    ඔයගේ කතාව බැලුවම මේක මට කොටන්න හිතුනා...
    ජය වේවා...

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි යසියා..
    ඒ වගේ ඇස් මුන ගැහෙන්නේ ජීවිතේටම එක පාරයි. යන්න දුන්නොත් ආයේ හොයාගන්න වෙන්නේ නෑ, අන්තිමට ඒ ගැන සදාකාලික මතකයක් විතරක් ඉතිරි වෙනවා..

    ReplyDelete
  3. ඔහොම කතා කාටත් තියෙනව නංගි.ඉතින් දිගු ගමනකට සුබ පැතුම්

    ReplyDelete
  4. බොහොමත්ම ස්තුතියි අයියේ, ඔයාටත් ජය වේවා...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලස්සනයි.. මගේ කතාවත් ඕකම තමයි.. මගේ අඩම්බරකාරි මේක දැක්කොත් හිතයි මං ලියපු එකක් කියලා

    ReplyDelete
  7. අපේ පන්තියෙත් ඔහොම කොල්ලෙක් හිට්යා.ලස්සන ඇස් දෙකක් තිබුනෙ.අපිට ගිය සතියෙන් AL පන්ති ඉවර උනා.අන්තිම දවසෙ හොදට exam කරන්න ආයිමත් හමුවෙමු කියලා ඇහෙන නෑහෙන ගානට කියල එයා ගියා.මාත් ඉතින් හිනා වෙලා ඔයත් හොදට exam කරන්න කියලා ආවා

    ReplyDelete
  8. @චතූ- හ්ම්ම් හැමෝටම තියෙන සුන්දර අත්දැකීමක්. ඒත් ඒ මතකය හිතට වෙලාවකට ගොඩාක් වද දෙනවා.. බොහොම ස්තුතියි..

    @හිම හංසි- ස්තුතියි නංගා කමෙන්ට් එකට, මගේ කතාවෙත් අවසානය ඉතින් ඔයාගේ වගේම තමයි. :D

    ReplyDelete
  9. ඒ ඇස් එදා මොනවා නම් මුමුනන්න ඇත්ද කියල දැනගන්න විදියක් තියෙනවනම්....

    ReplyDelete
  10. හ්ම්ම්.. ඒ ඇස් දෙක මුමුනපු දේ මට තෙරුනා, දැනගෙනත් මම නොදන්නවා වගේ හිටියා,. ඒත්...

    ReplyDelete
  11. ම්හ්.....ලස්සන කතාවක්,මටත් ඔහොම වෙලා තියෙනවා....:)

    ReplyDelete
  12. ප්‍රාර්තනා මම දෙයක් අහන්නද??
    පඩත්තල කමින් ඒ කෙල්ල නැති කරගන්නෙ අවංක ආදරයක් වෙන්න බැරිද?
    ඇස් වලින් කතා කරන ඒවා ඔයාට තේරුනානම් ඇයි ඔයා ඇස් වලින් උත්තර නුදුන්නේ??

    ReplyDelete
  13. එහෙම දෙයක් නෙවෙයි මෙතන වුනේ,, ඒ කතාව ගොඩාක් දුර ගියපු එකක්, පස්සෙ දවසක සම්පූර්න කතාවම පොස්ට් එකක් විදියට දාන්නම් යසියා.. මේ ඒ කතාවෙ එක පුංචි කොටසක් විතරයි.

    ReplyDelete
  14. ශා........ මං දැන් නෙ මේක දැක්කෙ.. හරිම ලස්සනයි අක්කි.. මට දැනුනෙ මේ මගේ කතව ලියලා කියලා..:) මාටටහ් ඔහොම අත්දැකීම් තිබ්බා...

    ReplyDelete
  15. ඔය කොරලා තියෙන්නේ !!!
    හනේ අනේ !!!! පන්ති ගිහින් මේයැයි කරලා තියෙන්නේ පුදුම වැඩ නේ !!!! කොහොමින් කොහොම හරි නංගිට හරි ගියා. සුබ පැතුම් !!!

    ReplyDelete
  16. @හිතුවක්කාරී- ස්තූතියි නංගා, හ්ම්ම්.. හැමෝගෙම ජීවිතේ සුන්දර මතකයන් එකතු කරන වැදගත් මතකයන් තියෙනවානේ.. අපි හැමෝම ඒවා අමතක නොකර තියන් ඉන්නේ ඒ සොඳුරු බව නිසාමනේ.. :)

    @මධුරංග අයියා- හපොයි මම කරපු දෙයක් නෑ, එයා තමයි මගේ හිත හොරාගත්තේ.. :) :D

    ReplyDelete
  17. හැමොටම ඔය අත්දැකීම් තිනවා.....,මටත් එහෙමයි.
    ප්‍රාර්ථනා -: බොහොම ස්තුතියි එ කාලෙට එක්ක ගියාට,


    මට ආයි කෑම්ප් එකත් මතක් උනා..
    මාත් එකේ පේලියකට පොර කැවා..

    ReplyDelete
  18. ස්තූතියි රහස් පරීක්ෂකයා...

    ReplyDelete
  19. ඒ කාලේ ඔයවගේ සිදුවිම් කොච්චරක් වෙන ඇතිද.. දවසක් මට මතකයි සක්යා ඒකෙන එලියට ඇවිත් කොහුවල හන්දිය පැත්තට හැරෙද්දීම කොල්ලෙක් ඇවිත් මගෙන් ඇහුවා එයාගේ යාළුවෙක්ව පෙන්නලා ඒ කෙනා ට මාත් එක්ක කතා කරන්න ඕනි කියලා කියුවා. ඒ කාලේ මම හෙන ආඩම්බරයි, හිකිස්‌, මම කියුවා එයාටමඇවිත් කියන්න තිබුනනේ කියලා මම හිමින් මාරුවෙලා ගියා,, හිකිස්‌..

    ReplyDelete
  20. හිකිස්,.. ආඩම්බරකම නිසා අපිට සමහරවෙලාවට ගොඩක් දේවල් නැති වෙනවා නංගෝ,.. :D

    ReplyDelete
  21. ඇත්ත අක්කේ. මේ ආඩම්බර මට ලන්වුනු එකම කවියේත් , අකුරු දැන් බොදවෙලා ,, හිස පිටුවක් වෙලා..

    ReplyDelete

Back
to top