ස්තුතියි


අද දවස හිතට ගෙනාවෙ සතුටක්ද දුකක්ද කියලා තාමත් මට තේරුම් ගන්න බෑ.මගේ සිතුවිලි වටහාගන්න බැරි වුන ගොඩාක් දෙනා අතරේ ඒ සිතුවිලි වලට ඉඩ දෙන අතලොස්සක් හරි ඉන්න එක ගැන සතු‍ටු වෙන්න අවස්ථාවක් මට ලැබිලා තියෙනවා. බ්ලොග් එක පටන් අරගෙන වැඩි කාලයක් නැති වුනත් මගේ බ්ලොග් එකටත් ඔන්න සොඳුරු සිතැත්තෝ ගොඩ වෙන්න පටන් අරන්. හිතට දැනෙන සතුට කියා ගන්න බෑ. ඒත් මගේ ලගින්ම ඉන්න අයට මේ හැඟීම් තේරුම් ගන්න බැරි ඇයි කියලා හිතුවාම ඒ සතුට අස්සෙන් පොඩි දුකකුත් මෝදු වෙනවා,. 
කොහොම වුනත් මගේ බ්ලොග් එකට ආපු මගේ අදහස් තේරුම් ගත්ත , බ්ලොග් එකට ඇවිත් කමෙන්‍ටුවක් හරි, නියමයි, හොඳයි, එහෙමත් නැත්නම් වැඩක් නෑ කියලා අදහසක් හරි දාල ගියපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් මේ විදියටම මා එක්ක ‍රැදෙන්න කියලා අවිහිංසක ඉල්ලීමකුත් කරන්න කැමතියි. හැමෝටම ගොඩාක් ස්තුතියි

CONVERSATION

12 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මම සිත් අහසට ගොඩ වැදුනෙ අදමයි.. මේ පෝස්ට් එක දැක්කට පස්සෙ.. සිත් අහසේ අනිත් පොස්ට් කියවන්න මගෙ සිත් අහසට හිතුනා.. එතනින් නැවතුනානම් කමක් නෑ.. මේක Follow කරන්න කියලත් මගේ සිත් අහස කියනවනේ.. මං ඔබට සුබ පතනවා.. ඉදිරියට තව තවත් දියුණු වෙන්න

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි චතූ.. වැ‍රැද්දක් අඩුපාඩුවක් දැක්කොත් පෙන්නලා දෙන්නත් අමතක කරන්න එපා. ඒ හැම දෙයක්ම මට ලබා දෙන්නේ ලොකු ශක්තියක්. ස්තුතියි..

    ReplyDelete
  3. මාරයියගේ Post එක හරහා මේ පැත්තේ ආව.දිගටම ලියන්න.හැමදාමත් අලුත් අදහස්, නව නිර්මාණ වලින් ඔයාගේ මේ බ්ලොග් පිටුව සරසන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.මාත් අලුත් කෙනෙක්.මගේ බ්ලොග් එකේ ඊයේ දවසට විතරක් Hits Counter එක 200 ක්.ඒ හැම දේම මාරයා සහ වැප් නිශාන්ත නිසා.සුභ පැතුම් !!!

    ReplyDelete
  4. ස්තුතියි තිශ්, ඔන්න මමත් ඔයාගේ බ්ලොග් පි‍ටුව පැත්තට ආවා, හැමදාමත් මගේ බ්ලොග් පි‍ටුව එක්ක ‍රැදෙන්න කියලා ඔයාටත් ආරාධනා කරනවා.. :D

    ReplyDelete
  5. ඔන්න මං බස් එක පැත්තෙන් පොඩි පබ්ලිසිටි පාරක් දුන්න.බස් එකටත් එන්න.තව ටිකකින් හසී කියල කෙනෙකුත් Comment කරයි.

    ReplyDelete
  6. එන්න කලින්ම දැනුම දිලානේ... ලස්සන බ්ලොග් එකක්... කලින් දැක්කා කියවන්න වෙලාවක් තිබ්බේ නම් නෑ... එත ඔන්න අද ඉදන් එනවා පස්සෙන්.... ජයවේවා..!

    ReplyDelete
  7. ඔන්න මාත් ආව ......
    ලියන්න ලියන්න අපි ඉන්නවා කියවන්න ......

    ReplyDelete
  8. ගොඩාක්ම ස්තුතියි තිශ්ට, ඒ වගේම මාරය අයියාටත්. ලැබෙන ප්‍රතිචාර දැක්කම හිතට අත්ත‍ටු ලැබෙනවා.

    @හසී - බොහොමත්ම ස්තුතියි මාත් එනවා ඔයාගෙ පස්සෙන්..:D අදුන ගන්න ලැබීම සතුටක්.

    @කල්හාර- ස්තුතියි.. කියවන ගමන්ම මගේ වැරදිත් පෙන්නලා දෙන්න කියලා නිහතමානීව ඉල්ලනවා.. :D

    ReplyDelete
  9. සුබ පැතුම්
    හදවතින්
    ඉත සිතින්
    දෙමි ඉතින්

    ReplyDelete
  10. සුබ පැතුම්
    ඔබගේ මං
    භාර ගමි
    තු‍ටු සිතින්..

    ස්තුතියි අයියේ

    ReplyDelete
  11. දිගටම කියවන්න එනවා නංගි.
    ඇත්තටම බ්ලොග් ලියන අපට කමෙන්ටුවක් දකින්න තියෙනවනම් ඊට වඩා සතුටක් තියේ යෑ.

    ReplyDelete

Back
to top