පියානෙණී

                               





ළමා මාගේ සොදුරු මතකය
නුඹත් සමගිනි බැදී ඇත්තේ,
එදා මෙන් අදටත් මගේ ලොව
නුඹයි රජවී කිරුලු දැරුවේ,.

දු‍ටුවේ නව ලොව හිරු කිරන මම 
සොදුරු නුඹගේ සොදුරු දෑසින්,             
කියා දුන් හැටි අගෙයි පාඩම්
මතක් වෙයි අදටත් එදා මෙන්,.


කවා බත් ගුලි එකින් එක ගෙන
කියා දී හොද ගුන දහම් කද,
සදා මාගේ ලගින් සිටි සඳ
වදිමි ඔබගේ පා පියුම් යුග,.


නුඹේ සෙනෙහේ නිමක් නොදුටිමි
එදා මෙන් අද හෙටද විදිනෙමි,
පියානෙනි නුඹ සිතේ සිතුවිලි
සදා මම ඉ‍ටු කරමි නොපැකිලි,.


ගඟක් විය නුඹ දිය ලබා දෙන
පින් කෙතක් නුඹ සෙත සදා දෙන,
ලතෙත් උනුසුම නුඹෙ සොයාගෙන
සදා එමි සසරේ පතාගෙන,.

CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. සිත් අහසට නිතර නිතර ගොඩ වැදීමට
    මගේ සිත කියයි මා හට
    සිත් අහසේ ලියවෙන සොදුරු සිතුවිලි වලට
    සිත් පහන් වේ නියමට

    මං නම් කවි ලියන්න දන් නැතො. අක්කිගෙ කවි ලස්සනයි. සංවේදී.. රස විදල විතරක් මදිලු මගේ මුරණ්ඩු හිතට.. ඔං ඒ මුරණ්ඩු හිත කියපු විදියටම හිතුන අදහසත් අකුරු වලට පෙරලුවා

    ReplyDelete
  2. ඔය තියෙන්නෙ ඔයාගේ කවිත් නියමෙට.. ස්තුතියි මල්ලියා..
    මුරණ්ඩු හිත් වලට තමයි මේ ලෝකේ වෙනසක් කරන්න පුලුවන්,
    සිත් අහසට ඕනේ වෙලාවක ගොඩ වැදෙන්න, කවුරු හරි මම ලියපු දෙයක් රසවිඳිනවා නම් ඒක තමයි මගේ සතුට..

    ReplyDelete
  3. අදහසත් ලස්සනයි, කවියත් ලස්සනයි.

    ReplyDelete
  4. ස්තුතියි කසුන්.. :D

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සිත් අහස එන්න එන්නම හැඩ වෙනව.....
    හැමදාමත් අපි ඉන්නවා හැම අකුරක්ම කියවන්න...
    ලස්සනයි... සුභපැතුම් !!!

    ReplyDelete
  7. ස්තුතියි තිශ්, සිත් අහස ලස්සන වෙන්නේ සිත් අහසේ සරන සොදුරු සිත් තියෙන සියොතුන් නිසා. ඉතින් සිත් අහස ඒ සියොතුන්ට හැමදාමත් ලෙංගතුයි...

    ReplyDelete
  8. සිංහල බ්ලොග් අවකාශේ හැමෝම සොඳුරුයි ප්‍රාර්ථනා...
    හැමදාමත් සොඳුරුයි..කෙනෙක්ගේ දුක කිව්වොත් එයා වටා කී දෙනෙක් රොක් වෙනවද.සමීපතම උදාහරනේ ඉලන්දාරියා..
    එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වසති. එකට පියාඹති. අනිකුන් වික්ෂිප්තව බලා සිටිති. මං හරි නේද??

    ReplyDelete
  9. හරියටම හරි තිශ්, සොදුරු නැති හිතකට කොච්චර දුක කිව්වත් වැඩක් නෑ.. . එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වසති, දුක සැප බෙදාගනිති, බ්ලොග් අවකාශයේ සොදුරු සිත් අතරට එක් වෙන්න ලැබුන එක ගැන මාම් කොයි තරම නම් සතු‍ටු වෙනවද කියල කියාගන්න මට වචන නෑ

    p.s -ඉලන්දාරියා අයියාව මට අදුන ගන්න බැරි වුන එක ගැන මම අදටත් දුක් වෙනවා.

    ReplyDelete
  10. ස්තූතියි අයියේ... :)

    ReplyDelete
  11. ගොඩාක් ලස්සනයි අක්කේ..

    ReplyDelete

Back
to top