රූ ‍රැජිනිය තම රුවට පෙම් බැදි පෙම්වතාගෙන් විමසුවේය මෙසේ


වැහැරී ගිය දිනෙක මගේ මේ සිනා මුව
නුඹ ඔය ලෙසම මට නුඹෙ පෙම පුදාවිද,
ගැලවී දත්ද වියැකී මගේ තරුණ කම
ගිය දා මගෙ ඇති අගයක් නොම වේද ,.

හැර දා එමියි නුඹ කියු ඒ සියලු සැප
වියපත් දිනෙක මා නුඹ යලි සොයාවිද,
මිය යන දිනක මා නුඹ හැර යන දිනෙක
එය සහනයක් වේ යැයි නුඹ සිතාවිද,.

නැති වූ විටෙක කිම් ලෙසකින් හෝ රුසිර
නුඹ පෙම් බදින මේ මාගේ කුනු සිරුර,
පෙම හැර යාවි නුඹෙ දොර පෑලෙන් පිටට
එදිනට මගේ පෙම නුඹ හට පල කිම්ද,.

රූසිරි කිසිම දිනයක නොපතන්න ප්‍රියේ
හදවත සොදුරු නම් ප්‍රේමය රසය ගෙනේ,
රූපය නැතත් හදවත ඔබ ලගම තියේ
හිත නුඹෙ සොදුරු  නම් පෙම පල දරයි ලයේ,.

CONVERSATION

7 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඒකනේ මම් කෙල්ලෙක්ගේ ලස්සනට නැතුව ගතිගුණ වලට ගුණයහපත්කම් වලට ආදරේ කරන්නේ. ඒවා ජීවිත කාලෙම තියෙන දේවල්. ලස්සන කියන්නේ තවකාලික දෙයක් !!!

    ReplyDelete
  2. ලස්සන ,මිල මුදල් හැමදේම තාවකාලිකයි අයියා.. ගුණයහපත්කම, අවංකබව තරම් වටින ධනයක් වෙන කොහේවත්ම නෑ..

    ReplyDelete
  3. නියම කවියක් අක්කියෝ..ඒත් අද ගොඩ දෙනෙක් ආදරේ කරන්නේ රූපෙට..

    ReplyDelete
  4. රූපය නැතත් හදවත ඔබ ලගම තියේ
    හිත නුඹෙ සොදුරු නම් පෙම පල දරයි ලයේ,.

    අද හැමෝම වගේ ආදරේ කරන්නේ රුපයට අක්කේ. හිතට ආදරේ කරන අය ගොඩාක් අඩුයි..

    ReplyDelete
  5. ඔව් නංගෝ,. ඒක නම් ඇත්ත. රූපෙට සල්ලි වලට තමයි හැමෝම ආදරේ,. :)

    ReplyDelete
  6. ප්‍රේමනීය වූ හැගීමක
    වින්දනීය වූ චමත්කාරය
    රාගය වූ කලි ......
    ආදරය රාගය
    පන පොවන ජීවත
    උරුම අපි
    දුක කඳුල අතර
    සැරිසරන '
    ආත්ම පතා
    බැදීම් පතන
    නිවටයන් රැලකි
    ඒ වුනාට
    අපි බුද්දීමත්ම
    ජාතිය
    මහා පොළොවේ
    අපිමයි
    එහෙම කියන්නේ ,.,................

    ReplyDelete

Back
to top