එදා සහ අද අපේ මිතු දම..



පෙනි පෙනී ලග ඉදන් දුරින් නුඹ ‍රැදෙන විට
දෙසුම් හල පුරාවට නුඹේ සිනා නැගෙන විට,
අවන්හල තුල නුඹේ රුව දුරින් පෙනෙන විට
සිහිවුනේ අතීතය සොදුරුතම ගෙවී ගිය,.


මිතුදමින් බැදුන ඒ  සොදුරු කාලය නොවේ
නුඹත් මම දෙතැනකයි මිතුදමත් නෑ අපේ,
සතුට දුක බෙදාගත් සොයුරුපෙම මට අගේ
ගිවිසීම් නොතිබුනත් ඔබේ මිතුදම අගේ,..


එක කුසක ඉපිදුනේ නොමැති වුව මිතු මගේ
සොහොයුරෙක් විය මගේ දුක බෙදා ගත් අගේ,
කොතැන හෝ වැරදුනත් ඇවිද ගිය මග අපේ
එන්න මිතුරේ යලිත් මිතුදමත් ගෙන අපේ,.


කාලෙකට ඉහත මගේ කලණ මිතුරාට ලියවුන කවියක්.. 
ඒත් අද...


මිතුරුදම නිසා ඔබේ නැසෙයි මගේ දුක හදේ,
දලු ලමින් වැඩෙනු ඇත සැබෑ මිතුදම අපේ,
කෙටි කලක් ‍රැදී යන අමුත්තන් නෑ අගේ,
නුඹ තරම් කිසි කෙනෙක් නොදන්නේ සිත මගේ,


දුකේදි නොහඬවා කඳුලු මගේ පිසිනවා,
දෙසුම් හල තුලදි මල් සිනා මට නගනවා,
සොඳුරු ගැ‍ටුමන් නිසා මිතුරුදම වැඩෙනවා,
පැය ගනන් සිනාවෙන් දින මගේ ගෙවෙනවා..






CONVERSATION

18 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. යහපත් මිත්‍රත්වය අවසානයක නුබට නොදැනීම
    දැනේවි මොකක්දෝ හැගී සමුදායක්
    ඔහුව නැතුවම බැරිවේවි
    ඔහු සිහිවී හිනාවේවි...
    ඇයි ඔබ ආත්මාර්තකාමී වෙන්නේ??
    ඇයි ඔහුගේ කදුලු පිසින්නට නොයන්නේ...
    ඈත් ඉදන් නෙමෙයි ලග ඉදන් ඔහු දිහා බලපන්...
    සහෝදරයෙක් වගේ එකපාරක් අතින් අල්ලපන්...
    එතනින් කෙල්ලෙ පටන් ගනීවි අනන්තය තෙක් සහෝදර කමක්...

    ජය වේවා

    ReplyDelete
  2. නියම මිත්‍රත්වය කවි මනසකින්... ඇත්තටම ලස්සනයි.. සංවේදී

    ReplyDelete
  3. හරිම ලස්සනයි......... ඊටත් වඩා මිත්‍රත්වය පිරි හදවතක් ලියපු බොහොම සංවේදී පද වැලක්.......
    මිතුරු කමේ අගේ දන්නේ හොඳම මිතුරෙක් මිතුරියක් ඉන්න කෙනෙක් විතරයිනේ.........

    ReplyDelete
  4. ගොඩක්ම ලස්සනයි යාළුවා.
    සැබෑ මිතුදම හැමදාම අපේ හිත්වල තියෙනවා.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කමෙන්ට් එකක් නෑ මගෙන් හොදේ.....

    ReplyDelete
  7. @යසියා- අපේ මිතුදම ගොඩාක් දුර ගිය එකක්, සහෝදර ප්‍රේමය, කළණ මිතුරුදම ඒ හැම දේම කැටි වුන බැදීමක්... ඇත්තටම මම ගොඩාක් වාසනාවන්තයි ඒ වගේ මිතුරෙක් ලැබුන නිසා,

    @චතූ- බොහොම ස්තුතියි සහෝ,

    @හා පැටික්කි- ස්තුතියි, මම මේ කවිය ලිව්වේ බොරුව, වංචාව රජයන ලෝකෙක ඔහුගෙන් මට ලැබුන කළණ මිතුරුදම ගොඩාක් සංවේදී විදියට මට ලැබුන නිසා, හැම කෙනෙක්ම මාව දාලා යද්දිත් මා ගාව හිටිය කළණ මිතුරෙක් නිසා.

    @නෙත්පනි- ස්තුතියි යාලු... :)

    @පොඩි මෑන්- හී හී ,, ස්තූතියි හොදේ

    ReplyDelete
  8. ලස්සනයි අක්කියෝ

    ReplyDelete
  9. ස්තුතියි නංගියෝ

    ReplyDelete
  10. මිතුදමින් බැදුන ඒ සොදුරු කාලය නොවේ
    නුඹත් මම දෙතැනකයි මිතුදමත් නෑ අපේ,
    සතුට දුක බෙදාගත් සොයුරුපෙම මට අගේ
    ගිවිසීම් නොතිබුනත් ඔබේ මිතුදම අගේ,..


    එක කුසක ඉපිදුනේ නොමැති වුව මිතු මගේ
    සොහොයුරෙක් විය මගේ දුක බෙදා ගත් අගේ,
    කොතැන හෝ වැරදුනත් ඇවිද ගිය මග අපේ
    එන්න මිතුරේ යලිත් මිතුදමත් ගෙන අපේ,.

    ReplyDelete
  11. @all in one- ස්තුතියි..
    @ ඇනෝ- ස්තුතියි ..

    ReplyDelete
  12. ඔයා දන්නවනේ.. මට කියන්න තියෙන්නේ මොනාද කියලා. නියමයි කියන්නෙ. ඇත්තටම එහෙම නිසා....

    ReplyDelete
  13. ස්තුතියි පාදඩයා... :D

    ReplyDelete
  14. නියම යාලුකමක් !!!!
    මටත් සරසවියේ ඔහොම යාලුවෝ ගොඩක් හම්බ උනා.

    ප.ලි. - මේ ලිපියත් එක්කම හිස් අහසේ ගතකල සොඳුරු නිමේෂය නිම වෙනවා. එහෙනම් අලුත් ලිපි ලියන්න.

    ReplyDelete
  15. ස්තූතියි අයියා. හ්ම්ම්,,, මගේ හිත් අහස සොහොයුරුදමට හැමදාමත් විවෘතයි.. :)

    ReplyDelete
  16. මිත්‍රයෝ ගැන නම් කියල වැඩක් නෑ.ගොඩාක් අය හැලිලා.

    ReplyDelete
  17. හ්ම්ම්.. ඔව් නංගා. ඒත් හොඳම යාළුවො කවදාවත් අපිව දාලා යන්නේ නෑ,.

    ReplyDelete

Back
to top