මගේ කතාව

බිඳුනු නෙතු අඟ කඳුලු බිඳුවක්
සොරෙන් විත් මගෙ දුක අසන විට,
ඒ කඳුල තුල ‍රැදෙන මතකය
දිය කරමි මම සැඟව යන්නට,.

කඳුලු බිඳුවේ සැඟවි ගත් මගේ
සිහින ලෝකය දියව යන විට,
ලඟ නොසිටි නුඹ ඇවිත් අද මගෙ
ඉල්ලන්නෙ නුඹෙ සිහින දෙන්නට,.

දෙන්න සිහිනය කොහිද මා ලඟ
මගේ සිහිනත් බිඳ වැ‍ටුන කල,
ඇවිද යමි මම ඉබාගාතයෙ
නුඹට නොපෙනෙන අනන්තයකට,.

පෙම් කෙරූ සිත වෛර බැදුමට
හැකි වුනේ අද කෙලෙස ඔබ හට,
තරහා නෑ ඔබ සමග මම අද
ගන්න බෑ කියු වචන නුඹ පෙර,.

බලෙන් ඉල්ලන මගේ උතුම් පෙම
පෙර නුඹට එය නොදැනුනේ කිම,
දැන් නුඹට නෑ මගෙ හිතේ පෙම
දමා ගිය දින නැති වුනා එය,.

ලබා දෙන කල ගඟක් මෙන් පෙම
වුනේ මම වෙසඟනක් ඔබ හට,
දැන් එහෙම කියු ඔබම ඇවිදින්
සුරඟනක් වෙන්නට අසයි මට,.

එහෙව් පෙමකට නිගා දුන් නුඹ
යලිත් ආවේ කුමට සොයමින,
අගේ නැති මගෙ පෙම අරන් නුඹ
කුමන සිහිනෙක පාට දෙන්නද,.

යන්න යලි එනු එපා නුඹ හෙට
පසු තැවෙමි මම නුඹට පෙම් කල,
ද්වේශ ප‍ටු සිත ලඟ නුඹෙ ඔය
ඉඩක් නෑ මගෙ සොඳුරු ප්‍රේමෙට,.

කුසුමියයි මම නුඹයි බබරිඳු
එපා මගෙ පෙති සිඳ දමන්නට,
මටත් ආදරෙ කරන සමනල්
පෙම්වතෙක් ඇති නුඹ නොවූවට,.

මල් උයන් තිබු ඔබේ සිත් ලග
තනි මලක් වී පිපුන මම පෙර,
මගේ පෙර වූ වාසනාවට
දුටිමි ඒ මල් ලියූ පෙම් කව,.

තනි මලක් බව දැන දැනම මම
නුඹට පෙම් කලේ හද පුරාවට,
අනිත් මල් වල පෙති සිදින කල
කෙසේ නම් එය බලා ඉන්නද,.

ඉතින් යනු මැන හද අගුලු හැර
නවතන්නේ නෑ මේ පාර මම,
ගොසින් නුඹගේ අනිත් මල් මැද
රොන් උරා සතුටින් හිදිනු මැන,.

බලෙන් ගන්නට බෑ මගෙ පෙම
හදවතේ මගේ නෑ නුඹට ඉඩ,
ඉල්ල ඉල්ලා එනු එපා එය
එපා වෙයි මට නුඹේ දැකුමද,.

බොලද පෙමකට එපා හැඩුමට
නුඹම පෙර දින කීවේ මා හට,
කඳුලු නෑ අද නුඹෙ නමින් මට
දුකක් නෑ ඔබ දමා ගිය වෙද,.

යලිත් බෑ මා බිය කරන්නට
වෙන්නේ නෑ නුඹෙ දාසි මම අද,
බැරිම නම් මා දමා යන්නට ,
ඇදලා දමනෙමි නුඹව එලියට,..

CONVERSATION

7 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගොඩක්ම ලස්සනයි මෙකනම්...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මිනෝලි

    ReplyDelete
  3. ස්තූතියි අයියේ... :)

    ReplyDelete
  4. අක්කගේම ජීවිතේද?

    ReplyDelete
  5. ඔව් නංගා,. ඉස්සර මගේ ජීවිතේ මේ වගෙයි,.

    මල් උයන් තිබු ඔබේ සිත් ලග
    තනි මලක් වී පිපුන මම පෙර,
    මගේ පෙර වූ වාසනාවට
    දුටිමි ඒ මල් ලියූ පෙම් කව,.
    මේ කවිය නම් ගොඩාක්ම ඇත්ත,.

    ReplyDelete

Back
to top