සම්භාව්‍ය ඝනයේ රියැලිටි වැඩසටහනක් නැරඹුවෙමි..



රණවිරුවන් අපේ දේශයේ ප්‍රාණ වායුවයි. නිදහස් රටක් ගැන සුබ සිහින දකිනා අපගේ සිහින සැබෑ කෙරුමට නෙතට නිදි නොමැතිව වෙර දැරූ ඔවුන්ගේ වීරත්වය ඇගයීමට එක් දිනක් ප්‍රමාණවත් නොවේ..  මානුෂික මෙහෙයුමට සහභාගී වූ රණවිරුවන්ට නොයෙකුත් චෝදනා එල්ල වන මෙවන් යුගයක රණවිරුවන්ගේ මානුෂීය හැගීම්, ඔවුනුත් අප මෙන්ම ලේ, මස් ඇට නහර වලින් සැදුන සංවේදී මිනිසුන් බව කියාපාන රියැලිටි වැඩසටහනක් සංවිධානය වීම අගය කල යුතු කරුණකි. රණවිරු  REAL STAR  වැඩසටහන මා සම්භාව්‍ය ගනයේ රියැලිටි වැඩසටහනක් ලෙස නම් කරනුයේ එබැවිනි. ගිනි අවි අත දරා රට වෙනුවෙන් යුධ වැදුන ඒ අභීත රණවිරුවන් ඊයේ රාත්‍රියේ සන්නද්ධ වූයේ තම සංගීත කුසලතාවයන්ගෙනි. ආරම්භයේ සිට අවසානය දක්වාම මා දු‍ටුවේ ශ්‍රී ලාංකේය අභිමානය ඉස්මතු වන අයුරින් මනාව සංවිධානය වූ වැඩසටහනකි.අනිකුත් රියැලිටි වැඩසටහන් තුල නොවූ සංයමය, ප්‍රෞඩත්වය හා අභිමානනීය බව මම මෙම වැඩසටහන තුල දු‍ටුවෙමි. රණවිරු REAL STAR ජයග්‍රාහකයා වන ඩේමියන් ප්‍රනාන්දු මහතාට සුබ පතමින් මම මේ ලිපිය අවසන් කරන්නෙමි. ඔහු කියූ වදනක් මෙහි අවසානයට එක් කිරීමට කැමැත්තෙමි.
 "අපිත් සාමාන්‍ය මිනිස්සු, අපිටත් හැගීම් තියෙනවා" 


සැබැවින්ම ඔවුන් මවුබිම වෙනුවෙන් තම ජීවිතය කැප කල සොඳුරු මිනිසුන් වේ. එවන් සොඳුරු මිනිසුන්ට මාගේ උත්තමාචාරය...


CONVERSATION

7 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ආ... ඩේමියන්ද දිනුවෙ... ඕක බලන්න කියල ඉදියෙ දිගට බලන්නෙ නැති උනාට ඒත් මට අමතක උනා.. කොහෙද ටීවී බලන පුරුද්ද දැන් නැතිවෙලාම ගිහින්නෙ..

    ReplyDelete
  2. රනවිරු රියල් ස්ටාර් එකට සහෝදරී මමනම් පෞද්ගලිකව හුගාක් විරුද්දයි.. මොකද තාම අපේ රනවිරුවා විදින්නේ දුකක්... එකායි දෙන්නයි ඕකෙන් ගොඩ යන්නේ...
    ඒකනේ ඇත්ත...
    තව රනවිරුවන්ට කෙරෙන්න ඕන දේවල් හුගාක් තියෙනවා...

    රියලියි කියන්නේ දැන් පුස් කාපු ඔටුන්නක්....

    තව එකක..

    හමුදාවට නේවි එකට ගහන්න බැරුව හිටි නැගෙනහිර ප්‍රදේශ අවුරුදු ගානක් අල්ලගෙන හිටියෙ පොලිස් විශේශ කාර්ය බලකාය...ඒ අයට සින්දු කියන්න බැරි නිසාද? නැත්නම් එයාල දෙපාර්තමේන්තුවක් නිසාද? නැත්නම් එයාල වීරයෝ නෙමෙයිද කියල මම නම් අහන්නේ....


    දැන් රනවිරුවා සන්තෝසෙන්....

    ශාහ් ජෙහාන් වගේ හදපු ප්‍රදාන වඩුවාගෙ අත් බැදලා..


    ජය වේආ...

    ReplyDelete
  3. @පොඩි මෑන්- ඔව්, මම නම් ඒ වැඩසටහන මුල ඉදන්ම බැලුවා..
    @යසියා- මෙහෙමයි සහෝ, ඔයා ඒ වැඩසටහන බැලුවා නම් තේරුම් ගනියි රණවිරුවන්ට සිදු වුන සේවාව. ඒ සඳහා වුන ස්ම්ස් වලින් ලැබෙන සම්පූර්ණ මුදලම බැර වුනේ රණවිරුවන්ගේ යහපත උදෙසා.. හදපු ප්රුදාන වඩුවාගේ අත් බැඳීමක් මේකට අදාල වෙන්නේ නෑ, මේ රියලිටි වැඩසටහන ප‍ටු දේශපාලන අරමුණු ඉ‍ටු කරන්න සංවිධානය වූවක් නෙවෙයි. සුලු දෙනෙක් වුනත් ඒ හැමෝම අපේ රටට සේවය කරපු රණවිරුවො. බ්රිනගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි කියන්නේ ක්රිනයාන්විතයේදී තමන්ගේ ජීවිතය එක පාරක් මරණය පෙනි පෙනී බේරාගෙන, තවත් අවස්ථාවක තමන්ගේ දකුණු කකුල අහිමි වුන රණවිරුවෙක්. ඒ වගේම ඩේමියන් ප්රීනාන්දු අපේ රටට කරපු සේවය කියල නිම කරන්න බෑ. මේ තරගයට සහාභාගී වුන අනිකුත් හැම රණවිරුවෙක්ම ඒ වගෙයි. සිරසෙන්, ස්වර්ණවාහිනියෙන් කරන කිසිම වැඩකට නැති රියලිටි වැඩසටහනකට වඩා මේ රියැලිටි වැඩසටහනේ අගයක් තියෙන්නේ ඒ නිසයි..

    ReplyDelete
  4. අපේ ගෙදර අයත් ඕක බැලුවා. අනිත් වැඩසටහන් වගේ නෙමේ මේක නියම වැඩසටහනක්. කොහොමත් රූපවාහිනියෙන් දෙයක් කලොත් ඒකේ ගුණාත්මකබව ගැන කියන්න ඕනේ නෑනේ.

    ReplyDelete
  5. ඔව්,. මම බලපු එකම හා හොඳම වැඩසටහන... :)

    ReplyDelete
  6. මමත් බැලුවා. එත අවසාන වැඩසටහන බලන්න බැරුව ගියා. හේතුව මට අමතකයි..

    ReplyDelete
  7. මම නම් මතක ඇතුව අන්තිම එකත් බැලුවා... :)

    ReplyDelete

Back
to top