හද බිඳ යන නුඹට

හිස් වූ ගුවන් ගැබ තුල,
ඇදි වලාකුල් සිතුවම්
අහස් කෙත පුරා
වැපිරූ සිහින,
සැබෑවක් කරමින්
ලෝකාන්තයෙන් එගොඩ වන්නට ගිය,
කදුලු පාලම මත
අහම්බෙන් හමුවී,
කාලාවකාශයන් තරනය කරමින්
මා සොයා ආ ආදරය ඔබ...
දියව වැගිරෙන හදවත
දෝතට ගෙන
සු‍රැකිව තබා ගනු මැන
මට නොපෙනෙන දුරක
ලෝකාන්තයෙන් යලිත්
එගොඩ යන්නට සිතුන දිනක
නිම කර දෙනු මැන
පිරිසිදු පාශානයෙන්
කපා ඔප මට්ටම් කර
යලිත්......
දියවී නොවැගිරෙන ලෙසට....

CONVERSATION

5 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගල් හිතක් !!!!
    ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. හිතකට දරාගන්න බැරි තරම් දුක් වුනාම ඒ හිත ගල් වෙනවා අයියා..
    ස්තූතියි... :)

    ReplyDelete
  3. ඇත්ත.. ගල හිතකට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ගල හිත කාටවත් රවට්ටන්න බැහැ,,

    ReplyDelete
  4. ඔක්කොටම වඩා ගල් හිතකට දුක දැනෙන්නේ නෑනේ නංගෝ,.

    ReplyDelete
  5. ඔව් අක්කේ. දුක දැනෙන්නේ නැති නිසා අපිව වට්ටන්න කාටවත් බෑ. සමහරුන් අපේ ජීවිතේට ඇවිත් උපරිමයෙන් දුක් දීල අපිව වට්ටනවා.

    ReplyDelete

Back
to top