ඔබ ආයෙත් හිත මත ‍රැදුනා...

මම ඔයාට කොච්චර ආදරේ කරාද?. එත් අන්තිමේ ඔයා මාව දාලා යන්නම ගියා,, මාව රවටලා, අඬවලා දුක් දීලා යන්නම ගියා.. ඔයාගේ වචන මාව මේ තරම් රිදවයි කියලා, ඔයාගේ බොරු මාව මේ තරම් අඬවයි කියලා මම හිතුවේ නෑ..

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා..
සීතල හීනෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුනා..

අපි ඉස්සර අත් වැල් අල්ලන් ගියපු පාරෙම අද මම තනියම යනවා ඔයාගේ මතකය එක්ක,, ඔයාගේ ලස්සන වචන, අපි මවපු හීන හැමදේම අද මිරිඟුවක් වෙලා. ඒත්.. මගේ මේ අසරණ හිත ඒ ඇත්ත පිලිගන්නේ නැතුව මිරිඟුව පස්සෙම දුවනවා,  ඔයා ඉස්සර ආවා වගේ එක සැරේට පාරේ කොනකින් මතු වෙනකන් මම බලන් ඉන්නවා, ඔයා එනකන් හැමදාම වාඩි වෙලා ඉදපු බංකුවේ තනියම වාඩි වෙලා මම බලන් ඉන්නවා.. අපි දෙන්නට හෙවණ හදපු මේ ගහ යට අද මම තනියම.. ඒත් ඔයා එන්නෙ නෑ,, ආයේ කවදාවත්ම එන්නෙ නෑ
ඒත්...
මගේ හිත ඔයාගේ ලඟ නතර වෙලා,

ඔබ ආයෙත් හිත මත ‍රැදුනා
පුරුදු දුකම දැනුනා
ඔබ ආයෙත් හිත මත ‍රැදුනා...
............................................................................................................

සුන්දර ගීතයක් ගැන මට හිතුන දේ අමාරුවෙන් පද පෙලකට ගොනු කරගත්තා, ගීතයේ පද මාලාව සුන්දරයි, අදහසත් ගොඩාක්ම සුන්දරයි..විරහ වේදනාව උපරිමයෙන් මේ ගීතය ඇතුලේ ගැබ් වෙලා තියෙනව කියල මට හිතෙනවා, ඔයාලට බලාගන්නත් එක්ක සම්පූර්න පද මාලාව පහලින් දාන්නම්.

නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුනා,
සාර සියක් තරු එලි නිවුනා
සඳ මැකුනා,

හිත දැවුනා..
සඳ මැකුනා..

ඔබ ආයෙත් හිත මත ‍රැඳුනා
පුරුදු දුකම දැනුනා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුනා ..

දෑල මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා..
දූවිලි දුම් මැද මා මග තනි කර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුනා..

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා..
සීතල හීනෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුනා..

නෙතු කඳුලැලි ඉනුවා
හිත දැවුනා,
සාර සියක් තරු එලි නිවුනා
සඳ මැකුනා,

හිත දැවුනා..
සඳ මැකුනා..

ඔබ ආයෙත් හිත මත ‍රැඳුනා
පුරුදු දුකම දැනුනා
ඔබ ආයෙත් හිත මත ‍රැඳුනා..

ගායනය  :ඉන්දිකා උපමාලි
මෙතනින් සින්දුව අහන්න

CONVERSATION

11 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගොඩක්ම ලස්සනයි....

    ReplyDelete
  2. ගොඩක්ම ලස්සනයි....

    ReplyDelete
  3. ස්තුතියි ඉමශ්කා

    ReplyDelete
  4. ගොඩක් සන්වෙදි හදවතක්...........

    ReplyDelete
  5. මේක සිතුවිල්ලක්ම පමණකම නේද ?
    ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් දුක හිතෙන කතාවක්. ආදරයක් නැති වෙලා යනවා කියන එක කොච්චර නම් දුකක් ද.

    ReplyDelete
  6. කවියකට, ගීතයකට වස්තු බීජය වෙන්නේ කාගෙම හරි හිතට ගොඩාක් දැනුන සංවේදී අත්දැකීමක් අයියේ... ගොඩාක්ම ස්තූතියි ඔයාට.. :)

    ReplyDelete
  7. හ්ම්ම් ඔබ හා මම එකට අත්වැල් බැදගෙන ගිය පාරේ මම අද තනිව යන්නේය.. ඔව්.. මම තනිව යන්නේය.. :((

    ReplyDelete
  8. හ්ම්.. ඒත් යම් දිනයක් කිසිවෙක් හෝ මගේ තනි රකින්නට එනු ඇත,. :))

    ReplyDelete

Back
to top