නිමිත්ත


අවන්හලක මඩුවිත තොල ගෑ තරුණයෙක් හා තරුණියක්


ලෝකයා පවසයි ඔහු ගැන
ඔහුගෙ සිත සිස් බව, 
ඇය ඔහු දමා ගිය බව,


ලෝකයා පවසයි ඇය ගැන
ඇය වෙසඟනක්  බව,
පෙම් කරන්නට නොදන්නා බව,..

CONVERSATION

6 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඔය දෙදෙනාම
    හිනාවිය
    ලෝකයට
    ඔවුන්ගේ
    නොදන්නා කම ගැන

    ReplyDelete
  2. සිනා වුනු නමුත්
    ඔවුනට,
    නොදන්නාකම හංගන,
    ලෝකයට නොපෙනින ඒ බව,..

    ReplyDelete
  3. ඇත්තමයි ප්‍රාර්තනා මට තේරුම්ගන්න බෑ.... ඇය සහ ඔහු කියන්නේ හැමදාමත් එකට බැදුනු වච්ක්න දෙකක්.....

    ඇය වෙසගනක් වීම නොවීම ඇගේ කැමැත්ත....

    ඔහුට ඇගේ ඇසුර මහමෙරක් නම්..
    එහි තිබෙන්නාවූ වරද කිම???.....


    ජය වේවා...

    ReplyDelete
  4. ඒක හරි යසියා, ඒත් ලෝකයා හිත බිදුනු දෙන්නෙක් ගැන දෙවිදියකට දකින එක ගැනයි මම මේකෙන් අදහස් කරේ.. ඔහු වුනත්, ඇය වුනත්, හිත බිඳුන අවස්ථාවක එකම තත්වෙකට පත් වෙන්න පුලුවන්. ඒත් ලෝකයා ඒක දකින්නේ වෙනස් කෝණ වලින්.. ඒකයි වැරදි.

    ReplyDelete
  5. දෙන්නගේම තියෙන්න ඇත්තේ කලකිරීම් වෙන්ටෑ.
    කවිය ලස්සනයි කියනවා ඇරෙන්න වෙන මුකුත් හිතෙන්නේ නෑනේ :(

    ReplyDelete
  6. ඔව් අයියා, කලකිරීමයි දුකයි දෙකම..
    :)
    ස්තූතියි ..

    ReplyDelete

Back
to top