මලක් වුනේ ඇයි නුඹ මට

සුන්දර මලක් පිපෙන්නේ අපෙ නෙත් වලට පෙනිලා සුවඳ බෙදලා පරවෙල යන්න, ඒත් අත ඉද්දර තියෙන මලක් නෙලා ගන්නවත් සුවඳ විදින්නවත් වාසනාවක් නැති වුනොත්, ඒ මල කොතරම් සුන්දර වුනත් කොතරම් සුවඳ හැමුවත්, එ මලේ සුමුදු පෙති සිඹින්න අපිට බැරි නම්...
ඒ මලට පෙම් කරන්න සමනලයෙක්ට ඒ හැගීම කොතරම් වේදනාවක් වෙනව ඇත්ද? 
තමන්ගේ ආදරය අතේ දුරින් පිපුන මලක් වුනත් ඒ මලට හදවතින්ම පෙම් කරන පෙම්වතෙක් කොතරම් වේදනාවක් විඳිනවා ඇත්ද?

මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන,
එනමුදු සිප ගන්නට තහනම්,.

පිපාසිත සිතට ආදරය සිහිලක් සැදුවත්, පිපාසය නිවාගන්න නොහැකි මිරිඟුවක් වගේ ඒ ආදරයම අපෙන් ඈතට යනව නම්, පිපාසිත සිත යලිත් කතරක අතරමං වෙනවා නම් ඒ ආදරය සිතකට කොතරම් වේදනාකාරීද? තමන්ගේ ආදරය පෙනෙන මානයක තිබුනත් තමන්ටම අයිති නොවෙන බව දැන දැනත් ආදරේ කරන ආදරවන්තයන් කොයි තරම් නම් මේ ලෝකයෙ ඉන්නවද?
ඒ වගේ හිත් වල කැකෑරෙන විරහ වේදනාව කැටි කරපු සුන්දර ගීතයක් තමයි මේ.

මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන,
එනමුදු සිප ගන්නට තහනම්,.
විලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින,
දිය දෝතක් බොන්නට තහනම්,.

පහන් තාරකාවක් සේ 
ජීවිතයට මග කීවද,
ඒ එලියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්,..
කියන්න...

සහන් ගීතිකාවක් සේ,
ජීවිතයෙ ගිම්නිව්වද ,
ඒ ගීයෙ සොදුරු වදන් මුමුනනු කෙලෙසින්,..
කියන්න...


ගායනය- අමරසිරි පීරිස්

CONVERSATION

9 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හදිසියේම මොකද මේ වගේ සින්දුවක් දාන්න හිතුනේ?

    ReplyDelete
  2. හ්ම්ම්...
    හෙතුවක් ඇත්තෙත් නෑ සහෝ , නැත්තෙත් නෑ..
    මේ සින්දුව මගේ හිතට ගොඩාක් දැනුන සින්දුවක්. ආදරේට දුර, ලඟ කියන දේ බලපෑමක් නෑ. අයිති වුනත් නැතත් අවංක ආදරයක් හදවතේ හැමදාමත් ‍රැදෙනවා. අවංක ආදරවන්තයෙක් තමන්ගේ ආදරේ අහිමි වුනත් ඒ ආදරේට හැමදාමත් ආදරේ කරනවා.

    ReplyDelete
  3. නෙලා ගන්න මලක් ලග තියන් ආදරෙන් හෑමදාටම රෑක බලා ගන්න බෑරිනම් ඒ මල හෑමදාකම ගහේම තියෙන්න දෙන්න.

    මලක් ලස්සන වෙන්නේ නෙලා ගත්තම නෙමෙයි.
    පිපිල ගහක තියනකොට....

    ReplyDelete
  4. හ්ම්ම්.. ඒත් අපි පෘතග්ජන මිනිස්සුනේ අයියේ... ඒක නිසා මලක් දැක්කම ඒ මල නෙලා ගන්න හිතෙන එක වැ‍රැද්දක් නෙවෙයි

    ReplyDelete
  5. පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද,
    ඒ එලියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්,..
    කියන්න...

    ReplyDelete
  6. ලස්සන සිංදුවක් !!!!
    ඒක නෙමේ මොකෑ එකපාරටම මෙහෙම හිතුනේ ?
    හැම මලක්ම එකම පුදසුනක පිදිලා මැලවෙන්න තියෙනවනම්.... ඒත් එහෙම වෙන්න පුලුවන් කීයෙන් කීදෙනාටද

    ReplyDelete
  7. අනේ මන්දා අයියා, නිකන්ම හිතුනා..
    කැමති වුනත් කාටවත්ම එකම පුදසුනක පීදිලා මැලවෙන්න ඉඩක් නෑ.. මලක් තරමට මිනිස් ජීවිතයක් පියකරු නෑ නේ

    ReplyDelete
  8. ආදරේ පෙනී පෙනී වේදනා විදින ආදරවන්තයන් විතරක් නෙමෙඉ වන්තියනුත් ඉන්නවා. ::((((

    ReplyDelete
  9. සහතික ඇත්ත නංගෝ,. :((

    ReplyDelete

Back
to top