සිත් අහසට පෑයූ පුන් සඳ 1

මේ මගේ කුළුදුල් කතාව, ඒ නිසා වැරදි අඩුපාඩු නම් ඇති. කථාව බලලා වැරදි පෙන්නලා දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම කතාව ගැන හිතෙන දේත් පුලුවන් නම් කියලා යන්න.




වැහි බිඳු එක්ක මුහු වුන කඳුලු බින්දුවක් කාටවත් නොපෙනෙන්න මගේ ඇස් වලින් ගලාගෙන ගියේ මටත් නොදැනුවත්ව.අතීතය ආවර්ජනයක් කරන්න තරමේ   හිත නිදහසක් නොතිබුනත්, ඒ සුන්දර ඇස් ගාව මගේ හිත නතර වෙලා තිබුන කාලය සිතුවම් පටක් වගේ මැවී පේන්න පටන් ගත්තේ මම ඉන්න තැන නොතැනවත් නොබලා..ජීවිතේ අතරමගකදි තාවකාලික නවාතැන්පලක මුණගැහුන මගියෝ දෙන්නෙක් වුණ අපිට බෙදාහදාගන්න හුඟක් දේ තිබුනත් මට අද ඉතිරි වෙලා තියෙන්නේ මගේ ඇස් වලින් මටත් හොරා ගලාගෙන යන කඳුලු බිංදු විතරයි.

අතීතයට ගිය හිත නතර වුනේ මීට අවුරුදු 6ක් එපිටින්එදත් මේ වගේම සුන්දර වැහි දවසක්බලාපොරොත්තු ගොන්නක් හිතේ නොතිබුනත් , අනාගතය ගැන හීන මහ ගොඩක් පොදි නොබැන්දත් වෙනදා වගේම පන්තියට යන්න මම පිටත් වුනේ අම්මා හදල දීපු බත් මුලත් බැදගෙන,.මගේ හොඳම යාලුවා චතූ අපේ ගෙදරට ආවේ මීට කලින් තනියම පන්තියකට ගිහින් හුරුවක් මට නැති නිසා. පාරට ඇවිත් ගාල්ලට යන්න බස් එකකට නැග්ගත් බස් එකේ ඇගිල්ලක් ගහන්න තරමටවත් ඉඩ කඩක් ඉතිරි වෙලා තිබුනේ නෑ. ගාල්ල බස් නැවතුම්පලෙන් බද්දෙගම යන බස් එකකට ගොඩ වුනේ උලුවිටිකෙ තියෙන පන්තියට යන්න. ඒ මගේ උසස් පෙල පන්තියේ පළවෙනිම දවස. මුලින්ම group class එකක් විදියට පටන් ගැනුන අපේ accounts class එකේ මුල්ම දවස. වැස්ස නිසා පන්තියට යන්න බෑ කියලා හිත බෑගිරි තලද්දිත් ලක ලෑස්ති වෙලා ගියේ එදා පළවෙනි දවස නිසා.. ඒත් ඒ දවස මගේ ජීවිතෙත් අලුත් වෙනසක් වෙන දවසක් වේවි කියලා මම හිතුවෙ නෑ.
 හැම කෙනෙක්ම තමාගේ ජීවිතේදි එක් වරක් විතරක් පතන රූපයක් තියෙනවා. ඒ රූපේ හොයාගන්න, කොටින්ම කියනව නම් තමන්ගේ ඉරණම්කාරය හොයාගන්න හැමෝම මහන්සි වෙනවානේ. මම හොයන්නෙවත් නැතුව මෙන්න මේ රූපෙ මගේ ඉස්සරහ,උසට හරියන මහත, දිගටි මූණ ,ඔව් .. ඔක්කොම හරියටම හරි. ඒ වගේම නිවිච්ච ගතිගුණ. ඒත් මේ කව්ද කියලවත් මම දැනගෙන හිටියේ නෑ. එයත් මගේ දිහා බැලුවේ එයා හොය හොය හිටපු කෙනා මම වගේ

"ඔයා හැමදාම අහනවනෙ මගේ dream boy මොන වගේද කියලා.අන්න ඉන්නව එයා. මොකද කියන්නේ හොඳද, නරකද? "

නිකමට වගෙ එයාව චතූට පෙන්නලා මම ඇහුවා.

අනේ ඉතින් මගෙන් හොඳ නරක අහන්නේ මම නරකයි කිව්වොත් අත් අරින්ඩද, නෑනේ,.. නිකන් බොරු නොදා යනවා මෝඩි,.”

අනේ ඉතින් මෙහෙමත් යාලුවෙක්, මටම හරියනවා.. :D

පන්ති ඇරිලා උලුවිටිකෙ ඉදන් ගාල්ලට අපි ආවෙත් එක බස් එකේ. පන්තියේ හැමෝමත් හිටියේ ඒ බස් එකේමයි. හැමෝම කෑ ගහද්දී මගේ හිත ගිය කෙනා නම් ගොඩාක් නිහඬයි,මාත් නිහඬයි, ඒත් එයා හිටගෙන ඉන්න ගමන් මා දිහා බලල හිනා වෙනවා, බොහොම අහිංසක ලස්සන හිනාවක් ඒක. ඒ හිනාව අදටත් මට වෙන කාගෙන්වත් දකින්න ලැබිලා නෑ

ආ ආ.. කොල්ලා දිහා බලාගෙන භාවනා කරනවා වගේ...

මම පියවි සිහියට ආවේ චතූගේ කෑගැහිල්ල නිසා.
කොහෙද මේ මෝඩිටත් කෑ ගහන්න ගියාම තැනක් නොතැනක් නෑනේ..
 ඒ සද්දෙ ඇහුන ගමන් එයා අහක බලාගත්තා..

කටවහගෙන ඉන්නවා හලෝ, එපා වෙනවනෙ.

ලැජ්ජාව වහගන්නත් එක්ක එහෙම කිව්වට මටම ලැජ්ජයි වුන දේට.

... අපිව තමයි දැන් එපා වෙන්නේ, හරි හරි ඔහොම යමුකෝ, අනේ මට මොකෝ, ඕනේ දෙයක් කරගන්නවා. එපා වුන අයව හොයාගෙන එනවකො උදව් ඕනෙ වුනාම.

 විහිලුවෙන් වගේ එහෙම කියපු චතූ හිනාවෙලා අහක බලාගත්තා.

ආයෙ නම් ඉතින් එයා නම් මගේ මූනවත් බලන එකක් නෑ, මම ගැන මොන විදියට හිතුවද දන්නෙත් නෑ. මොනව කරන්නද?
හ්ම්ම්...එදා ඒ ඇති වුන බැඳීම මාව මේ තරම් රිද්දන බවක් දැනගෙන හිටියා නම්..

CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. වරදක් නෑ නේ..... :)

    ReplyDelete
  2. ස්තුතියි, වරදක් තිබුනොත් ඉස්සරහට ලියනකොට ඒවා පෙන්නල දෙන්නකෝ.. :D

    ReplyDelete
  3. යමු යමු..
    ස්තුතියි සහෝ...

    ReplyDelete
  4. සිතක සංවේදී බව සමහර විටෙක වේදනාවක් වන්නටත් ඉඩ තිබෙනව .... ඒ වෙලාවටත් ඔබට හැකි නම් කදුලු බිංදුවකින් හිත හදා ගන්න ...
    http://nursinglanka.wordpress.com

    ReplyDelete
  5. ලස්සන කාතාවක්.ආදරේ මුල කොච්චර ලස්සන උනත් සැබැ ජිවිතේ ලස්සන අවසානයක් තියෙන්නේ ආදර කතාවලින් කියේන් කියකටද?

    ReplyDelete
  6. එළ එළ....
    ඔහොම යංංංං...........
    :D

    ReplyDelete
  7. ලස්සනයි.. බොල සහෝ..මේක ඇත්තම කතාවක්ද?

    ReplyDelete
  8. @පිස්සු පූසා- හ්ම්ම් .. ඔව් යාලු. ලස්සන කතාවක් වුනත් ඒකට හොඳ අවසානයක් තියෙන්නෙ නෑ කවදාවත්ම.

    @නෙත්පානි- ස්තුතියි යාලු

    @චතූ- අනේ ස්තුතියි, හ්ම්ම් .. ඔව් ඇත්ත කතාවක් චතූ

    ReplyDelete
  9. ඉතුරු ටිකත් ලියන්ඩකෝ......ලියල් තියෙන විදිය මරු...හොඳට ගලාගෙන යනවා..එළ එළ...

    ReplyDelete
  10. නියමයි, කමෙන්‍ටුවට ස්තුතියි.. :)

    ReplyDelete
  11. ඇත්තටම මේක ඇත්ත කතාවක්ද අක්කියෝ ?

    ReplyDelete
  12. ඔව් මල්ලියා ඇත්ත කථාවක් තමයි... :(

    ReplyDelete

Back
to top