සේපාලිකා මලක්


සේපාලිකා මලක් 
පිපිලා තනියම,
කවුරුවත් නොදකින
පාලු තුරු මුදුනක,.


ඒ දු‍ටුව බඹරිඳු
රොන් අරන් එමලෙන්,
තලා දැමුවා තුඩගින්
හිත් පිත් නොමැති විලසින්,.


පිපී හිනැහෙන සියක් මල්,
රොන් අරන් රුචියෙන්
තලා දමනා බඹරුන්,
ඇත ලොවේ හැම කල්,.

CONVERSATION

11 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. බ්ලොග් ලියන්න ප්‍රාර්ථනාලා දෙන්නෙක් ඉන්නවා....
    ඒක නිසා පොඩ්ඩක් පැටලේවි දෙන්නම.... :))

    ReplyDelete
  2. ඔව් ඔව්, ඒත් මගෙ ඇත්ත නමත් ප්‍රාර්තනා.. ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.. :D :D

    ReplyDelete
  3. සෑම බඔරෙක්ම මල තලා දමන්නේ නැත.. මලට ආදරේ කරන බඔරුන්ද සිටිති. ඔවුන් මල නොතලා රොන් උරා බොති.. එවන් බබර පහසක් ලබන්නට මලක් පින් කල යුතුය.. ඒ වගේම බුද්ධිමත් විය යුතුය..

    ReplyDelete
  4. පිපුනද සේපාලිකාවක්
    පාලු සිතල අදුරේ
    රොන් ගත්තද බඹරුන්
    නෑත අඩුවක්
    සුවදේ
    දෙව් සිත් නොම අසයි
    කොහි මලේ නුඹේ පිපි රොන්......

    ReplyDelete
  5. හ්ම්ම්ම්.....

    බඹරිඳු රොන් ගන්නේද
    සමනලුන් මෙන්ම තුඬගිනි
    ඇයිද කවුරුත් බඹරුන්
    මල් තලා රොන් ගන්න බව
    කියා අපහස කරන්නේ.......??????

    ReplyDelete
  6. @චතූ- ඔව්, ඒත් බඹරෙක් බලන් ඉන්නේ රොන් උරා බොන්න මලක් ලැබෙන තුරුයි. ඒක තමයි බඹරාගේ ස්වභාවය.

    @උදාර අයියා-
    එහෙව් බඹරුන්
    සිටින මුත් ලෝ තුල
    සොයන්නට හැකි වෙද
    දිනෙක දිවියේ කුසුමක,.

    @හා පැටික්කි-
    බඹරිඳු රොන් ගනුයේ
    තලා දමමිනි මල් පෙති,
    රොන් ගත් පසුව යති
    නොදු‍ටු ලෙස ඒ මලේ කඳුලැලි,..

    ReplyDelete
  7. රොන් දෙන්න පෙර
    බඹරා අඳුන ගන්න
    මලටත් තියෙනවා
    යුතුකමක් සහ වගකීමක්

    ReplyDelete
  8. රොන් දෙන්නේ කුසුමිය,
    මුලු හදින්ම බඹරුට පෙම් කරනා නිසා,.
    නමුත් බඹරිඳු රොන් අරන්,
    අත් හැර දමනවා ඒ කුසුමියව,..

    ReplyDelete
  9. බිඳින කල සිරි ඇති
    පසුව එහි සිරි නැති
    සුවඳ කුසුමක් වෙති
    බඹරුන් පසු නොයෙති
    එයයි දහමෙහි හැටි .......

    ReplyDelete
  10. ඒ අතින් මල නොතලා රොන් ගන්න බබරු වාසනාවක්. මටත් කියන්න තියෙන්නේ රොන් ගන්න එන බබරුව මුලුමනින්ම විශ්වාස නොකර පොඩ්ඩක් හොයලා බලන එක මලටත් වටිනවා.

    මම දන්න විදිහට බ්ලොග් ලෝකේ ප්‍රාර්ථනාලා තුන්දෙනෙක් ඉන්නවා. මට නම් කොයිල් වෙයි වගේ.

    ReplyDelete
  11. @සජීවනි- හ්ම්ම්..
    පසු පසින් යන බඹරිඳු,
    රොන් උරා බොති රුචි වෙති,
    මලේ රොන් නිම වෙති
    ඉතින් බඹරුන් මලත් හැර යති

    @මධුරංග- ඔව් ඒත් මලක් බඹරෙක්ට හිත පුදන්නේ අවංකවම..
    හික්ස්.. එහෙනම් මම නම වෙනස් කරන්නද?

    ReplyDelete

Back
to top