෴දෙවනි කිරි මව්෴

මිනිසත්කම නැති
මේ පොලොව මත,
නුඹ මට උපත දුන්නා
මගේ අම්මේ,.


නොදැන සිටියෙමි 
ලෝකය කුරිරු බව මෙතරම්,
ඉපදි දිනයේ මා 
නුඹ මගේ සතර පය,
පොලොව බදා අල්ලා ගන්නා විට,
ස්නේහය පිරි දෙනෙතින් 
නුඹ මා දෙස බැලූ හැටි, 
මට තවම මතකයි අම්මේ


නුඹ දෙවෙනි කිරි අම්මා වී
දහසක් කුස් පිරවූ හැටි
ඔහුට අද අමතකද අම්මේ


කිරිමව් මරා මස් කරන්නට
හිතක් පපුවක් නැතිද ඔය හැටි,
මනසින් උසස් වූවාට අම්මේ,.


සමුගැනීමට පෙර 
ඔය සෙනෙහෙබර දෙනෙතින්,
යලිත් ආදරයෙන්
මා දෙස බලා යන්න අම්මේ...




CONVERSATION

5 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හ්ම්ම්ම්ම් ඔහුටත් අමතකයි. තව ගොඩ දෙනෙක්ටත් අමතකයි. :(

    ReplyDelete
  2. හ්ම්ම් .. ඒක තමයි මනසින් උසස් කියලා පුරාජේරු කියන මනුස්සයාගේ ස්වභාවය,..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කිරිමව් මරලා මස් කන එක මහ අපරාදයක්. එහෙම කරන එවුන්ට මෙලොවෙදිම විපාක දෙනවා.

    ප.ලි. - බ්ලොග් එක ලෝඩ් වෙද්දි ජාවා ස්ක්‍රිප්ට් විසික් වෙනවා. පොඩ්ඩක් ඒක බලුවනම් ..... (java script pop-up windows)

    ReplyDelete
  5. ස්තුතියි අයියා, මම බලන්නම්..

    ReplyDelete

Back
to top