මනමේ කුමරිය චපලද?



ඇත්තටම මනමේ කුමරිය චපලද? ඒ ගැන ලියන්න හිතාගෙන ඉදිද්දී මට මතක් වුනා පරණ කතාවක්. අපේ අම්මා සිංහල ගුරුවරියක් නිසා හැම අවුරුද්දකම අම්මා යනවා උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂා කරන්න. ඔහොම ගියපු එක අවුරුද්දක, ( මට මතක විදියට නම් 2000, හරි 2001 හරි අවුරුද්ද) අම්මා බලපු එක උත්තර පත්තරේක මේ ප්‍රශ්න නියම උත්තරයක් තිබුනලු. ඒ උත්තර පත්‍රය බලපු හැමෝම ඒකේ තිබුන රසවත් භාවය නිසාම ටික වෙලාවක් ඒ වෙනුවෙන් වෙන් කරලා ඒ උත්තරේ පිටපත් කරගත්තාලු. එහෙමයි මම මේ කියන්න යන කතාව මගේ අතට ලැබුනේ. කොහොම වුනත් එක දෙයක් කියන්න ඕනේ, එහෙම පිටපත් කරන එක ටිකක් විතර නීති විරෝධී වැඩක්. ( එහෙමයි කියලා අපෙ අම්මට නඩු දාන්න යන්න හදන්න එපා හොඳේ :P ). ඒත් මේ උත්තරේ තිබුන රසවත් භාවය නිසාම මේක පිටපත් කරගන්න හැමෝම පෙළඹුනාලු. කොහොම වුනත් මේ උත්තරේ අයිතිකාරයගේ අදහස් හරිම රසවත්. ඒ රසය තව ටිකක් වැඩි කරන්න මනමේ නාටකයෙන් උපුටා ගත්ත දෙබස් ටිකකුත් මම මේ කතාවට එකතු කරගත්තා. මොකද ඇත්තටම කියනවා නම් මේ උත්තරේ ලියද්දි ඒකට ඕනේ උදාහරණ උපුටා ගන්න තරම් මේ විචාරය ලියපු කෙනාට මතකයක් තිවිලා නෑ. මනමේ නාටකය කියවගෙන යද්දි මේ කියන කතාවලත් බොරුවක් නෑ නේද කියලා මටත් හිතුනා.. :) හික්.... මේ විදියට හරි තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න නම් යම් විදියක වෙනස දැක්මක් තියෙන කෙනෙක් වෙන්නම ඕනේ. 


තව දෙයක් කියන්න ඕනේ, මේ ප්‍රශ්නේ ඒ අවුරුද්දේ paper එකේ අන්තිම ප්‍රශ්නෙලු. ඒ නිසා කම්මැලි කමක් ඇවිත් මේ වෙනස් විචාරකයා ඒක ජොලියක් ගන්න ඔය විදියට ලියන්න ඇති කියල තමයි අපෙ අම්මා නම් කියන්නේ ( අපිත් ඉතින් ඔහොම ලිව්ව වෙලාවල් සා/පෙ, උ/පෙ වල ඕනේ තරම් තිබුනනේ ;) ) . මේ විදියට උත්තර ලියලත් අපේ කථා නායකයට B සාමාර්ථයක් තිබුනා කියල තමයි අපේ අම්ම කිව්වෙ. බලමුකෝ ඒකෙත් හැටි :) .


මේ කතාව ගැන ලියන්න හිතුවේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ටවත්, මනමේ නාටකයටවත් අපහාසයක් කරන්න හිතාගෙන නං නෙවෙයි. මනමේ නාටකය ගැන ඉතාම සරළ විදියට, කොටින්ම කිව්වොත් අපේ භාෂාවෙන්ම, කියලා තියෙන අපූර්වත්වය නිසයි මම මේ කතාව දාන්න හිතුවේ.. වැඩි වැල්වටාරම් නැතුව බලන්නකො එහෙනම් මේ කතාව.


මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචිත මනමේ නාටකය ඉතා විශිෂ්ඨ ගණයේ ලා සැලකිය හැකිය. මෙහි ඇති සුවිශේෂ ලක්ශණය වන්නේ එහි නිරූපිත චරිත ස්වභාවික මිනිස් හැසිරීම් වලට සමාන ලෙස පිලිගත හැකි වීමයි,.
මනමේ කුමරුගේ චරිතය ගත් විට ඔහු රජ පරම්පරාවකින් පැවතෙන්නෙකි, ඉහල කුලයක යැයි කියන්නෙකු සතුවන අහංකාර කම ඔහු සතුව නොඅඩුවම පවතියි. ඔහු මුලින්ම සබයට එන්නේ පියාගේ බලපුළුවංකාරකම් කියාගෙනමය. සාමාන්‍ය පුද්ගල හැසිරීමත් බොහෝ විට ඒ හා සමාන වේ.


නන් සිරින් වො‍රැදි බරණැස් පුරයේ-තෙද යුත් උතුම් භූ පාලනා මා පිය වේ
වී එතෙරා සිප් සයුරා-ධනු ශිල්පෙද යුධයට නෙක කඩු හරඹද
උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද,
යන්නට වේය දැන් කල් පැමිණා-පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා
ගොස් එපුරා රජ වී යෙහෙනා වැසි-දනන්ගේ මනකොඳ පොබයන සඳ ලෙස
දැහැමින් රජ කර වෙසෙමිය තු‍ටු ලෙස.


බොහෝ චණ්ඩි කෑ ගසන්නේ උගේ ‍ෆිට් එකට නෙවෙයි, ඌ හේත්තු වෙලා ඉන්න එකාගේ ‍ෆිට් එකටයි. හේත්තුව නැත්තං ඌට කරන්න පුළුවන් දෙයක් නැත, අනිත් එක ඌ දන්නවාය කියා හිතේ තියෙන අලි එකය. ඌ පන්ඩිත කං කියන්න ගිහින් බැරි වෙලාවත් වැද්දා ගැන්සිය එක්ක ආවා නම් මනමේට කෙළ වෙන්න ඉඩ තිබුනි. ඒත් වැද්දාගේ තියෙන හොඳ කමට තනියෙන් ආවා.
අනිත් එක මනමේ කුමරියයි. ඒකි ගෙදරටම වෙලා ඉඳලා ඉඳලා දැකපු එකම වැඩ්ඩා මනමේ නිසා ඌ එක්ක යන්න කැමති වුනා. ඒත් වැද්දාගේ ඇඟ දැක්කම ඒකිට මෝල් ගාය හැදුනා. එහෙම නැත්නම් මනමේ down නිසා කවුරු හරි එකෙක් එක්ක ඉන්න ඕනේ නිසා වැද්දාව මුරුංගා අත්තෙ තිබ්බද දන්නේ නෑ


වැදි රජ- නොකියනු එලෙසා මා ප්‍රිය කුමරී- වෙමි මම ඔබටා සැමදා සරණා
හිමගිරි අරණේ ඔබ වේ ‍රැජිනි- වෙනු මැන ම බිසෝ, වෙනු මැන ම බිසෝ


කුමරිය- නැත අන් සරණා ඔබ හැර මෙමටා- වනයේ විසුමා වෙන්නේ සැමදා
වග වලසුන්ගේ උවදුරු වලකා- රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා


කොහොම හරි අන්තිමට මාලුවා නහින්නේ කට හින්දා කියන්න වගේ කුමරියත් ඉල්ලගෙන කෑවා. අන්තිමට ඒකිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. කරන්න දෙයක් නෑ නංගී ඔහොම තමයි ජීවිතේ.


කුමරිය-
මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා
කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා
කළ තැත දු‍ටුවද- ඔබ ගලවන්ටා
සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා


ඔබේ දිවි මම ගලවා ගතිමි වැදි රජාණෙනි. ඔබට ආල නුවූයේ නම් කුමකට එසේ කළෙම්දැයි සිතා බලනු යෙහෙනි.


වැදි රජ-
ඔබගේ මේ බස මට නොතේරේ. සොඳුර, මා දිනූයේ මාගේ දක්ෂකමින් මිස, ඔබගේ උපකාරයෙන් බව නොදනිමි. සැමියාගේ අණ පරිදි, මාගේ ගෙල සිඳිනු වස් ඔහුට කඩුව දීම සඳහා ඔබ සැරසුණා මම දිටිමි.


කුමරිය- මා කඩුව ගත්තේ ඔබට දීමට මිස මනමේ රජුට දීම සඳහා නොවේ..


අනිත් එකා වැද්දා, ඌටත් කැලේ කළු ගැහිච්ච බඩු කෑලි දැකලා කුමාරිව දැක්කම ඉන්න බැරි වුනා. අනුන්ගේ වත්තේ පොල්මයි කන්න හදන්නේ (ගොඩක් උන් එහෙමනෙ). තමන්ගේ ගෑණි ගෙදර තියලා අල්ලපු ගෙදරට හොරෙන් යන එකනේ කරන්නේ. නරක නෑ, ඒ කාලෙත් ඒවා තිබිලා තියෙනවා. කොහොමත් හොරෙන් කන ඒවා රහයි කියනවනේ. හැබැයි දිරවන්න ගියාම තමයි මළ.......
කොහොම වුනත් වැඩ්ඩා එල බුවා, අරූට ගැන්සිය පිටින්ම ගිහින් නෙලන්නේ නැතිව තනියෙන් ගිහින් ගැහැව්වේ. හැබැයි මල්ලිට කෙළ වෙනවා ගෑනි නොහිටියා නම්. වැද්දත් වැරදි නෑ, අරූව මැරුවේ නැත්නම් ඌ වැද්දව මරනවනෙ. ඌත් ඉතින් ඇඟ බේරගන්න තමයි ඇත්තේ. අන්තිමට ගෑනි ඌටම අරින්න ආවනේ. කව්ද කැමති දකින දකින අය පස්සෙ යන ඒවාට. එයා කැමති නෑනේ. මමත් කැමති නෑ..


වැදි රජ-
අන්ද මන්ද වූයේ මසිතා - මෙ පුවතින
කිම්ද වූයේ නොදැනේ අරුමා
සරණ කර සිටි නරන හිමිහට
කරන අණ වින මෙවැනි බිහිසුණු


බිසව-
වෙන්ට කමා වැදි රජිදේ - මෙ වරදට
බැන්ද සෙනෙහස හින්දා
චපල විය සිත ප්රනබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය


වැදි රජ-
සින්දවූ ගෙල සැමියා - කවර සෙනේ
යන්ට යව වනේ නොසිටා
අමන ගති ඇති මෙවැනි අඟනන්
ම වැනියන්හට කුමන සරණද


බඩුවක් ගෙදර තියාගන්න ඇහැකිද? ඒ වගේද පිරිසිදු ලඳ බොළඳ ළඳක් කව්ද අකමැති. වැද්දා අත ඇරපු එක සාධාරණයි. හැබැයි ගෑනිත් වැරදි නෑ, ඇයි මනමේ, ඌත් හරි ඉතින් ගෑනිව බේරගන්නනේ ඌත් එලියට බැස්සේ..
සොරි වෙලාව මදි වුනා, කීයක් හරි දෙන්න..


හික්.. ඔන්න ඔහොමලු වුනේ,.



CONVERSATION

31 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මනමේ කුමරි චපල නෑ. කෙල්ලෝ තමා චපල. මනමේ කුමාරිත් කෙල්ලෙක් නිසා චප බව පිහිටලා තියෙනවා. :)

    ඔන්න මම කිව්වේ මට හිතුන දේ. මාව අනුභව කරනවා එහෙම නෙමෙයි ඕං !!!!!

    ReplyDelete
  2. අඩේ නියම උත්තරේ... මුටත් හිතිච්ච විදිහ

    ReplyDelete
  3. @මදුරංග- හික්ස්.. හපොයි අනුභව කරන්නේ නම් නෑ,..
    කෙල්ලෝ චපල නම්, මනමේ කුමාරිත් චපලයි...
    ඒත් ඉතින් මෙහෙමයි කුමාරිට තිබ්බ එකම පිලිසරණ නැති වුන නිසා කුමාරි වැදි රජ්ජුරුවන්ට බොරුවක් කරා වෙන්න පුළුවන්.

    @ශ්‍රී- හපොයි, එතකොට කෙල්ලො විතරද චපල.. :P

    ReplyDelete
  4. හෙහ්..හෙහ්...හෙහ්...පොරට B එකක් නෙමෙය් A එකක් දෙන්න තිබ්බෙ

    ReplyDelete
  5. අප්පේ කෙල්ලෝ චපල නෑ. එයාලා මනමේ කුමාරිලා වගේ. :D

    ReplyDelete
  6. අඩෝ....පට්ටයි නේ...කවුද මේ උත්තර ලියපු එකා....

    ReplyDelete
  7. මූට නම් A එකක්ම දෙන්න වටිනවා. කවුද B එකක් දීපු පරීක්ෂකවරිය !!!!!! අඩෝ.....ව් !!!!!

    ReplyDelete
  8. නියමයි..බන්ඩිය පැලෙන්න හිනා උනා.. :ඩී

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හික්ස්... මෙන්න බොලේ ඔක්කොම අර ලියපු කොල්ලගෙ පැත්තේ.. මේ පොස්ට් එක ලිව්ව මගෙ පැත්තට සප් එකට කවුරුත් නෑ.. :'(

    @observer- හී හී.. ඔව් ඔව් මාත් අම්මට කිව්වා ඕක.. කොල්ලගෙ 4න් නම්බරෙත් ඔය එක්ක ලියල එවලා තිබුන නෙව..

    @පූසා- මනමේ කුමාරයෝ, වැදි රජවරු ඉන්නව නම් මේ ලෝකෙ, මනමේ "කුමාරිලා" නැති වෙන්න විදියක් නෑනේ.. හී හී...

    @රත්ගමයා- හික්ස්,, ලියපු කෙනාගේ මොලේ නම් මරුනේ..

    @මදුරංග- අපේ අම්මා, ඇයි මොකෝ??.. හී හී..
    අයියා වගේ කෙනෙක් මගේ බ්ලොග් එක පැත්තෙ ආපු එකට ස්තුතියි හොඳේ,.

    @චතු- ඔව් මල්ලියා මටත් ඕක දැකපු දවසේ පන ගියා හිනා වෙලාම.. ඕකෙන් copies අරගෙන බෙදුවා මගේ හැම යාලුවටම..

    ReplyDelete
  11. ඇත්ත ඇති සැටියෙන් විචාරය කොරලා තියෙනවා... නියම පොරක් තමයි.

    ReplyDelete
  12. නියම පිලිතුරක්නේ,මටනම් හිතෙන විදියට මනමේ කුමරිය චපලයි පෑහෑදිලිවම වෑද්දා කරපු දේ හරි,මට මතක විදියට මනමේ නාට්ටිය හදලා තියෙන්නේ ජතක කතාවක් මුලික කරගේන නේද??

    ReplyDelete
  13. ෂා නියමයි කතාව...

    ReplyDelete
  14. අන්ද මන්ද වූයේ මසිතා - මෙ ලිපියෙන
    කිම්ද වූයේ නොදැනේ අරුමා
    විචාර කර සිටි නරන පුතුහට
    දුන්න ප්‍රති එල මෙවැනි බිහිසුණු

    යස අගෙට A එකක් දෙන්න තිබුණා නේ :D

    ReplyDelete
  15. චුල්ල ධනුද්දර ජාතකය.ජාතකේ විදිහටනං මනමේ කුමාරයා චාටර්.ඌ කුමාරිව හොරු සෙට් එක ළඟට(ඒකෙ ඉන්නෙ හොරු සෙට් එකක්) යවනව තනියම ගින්දර ඉල්ලං එන්න.හරි හමං කොල්ලෙක් කරන වැඩක් නෙමෙයිනෙ.සරච්චන්ද්‍ර මාස්ටර් ජාතක කතාව ටිකක් වෙනස් කරල චරිත තුනටම වැරැද්දක් නොවැටෙන්නයි මනමේ නාට්‍යය හැදුවෙ.

    ReplyDelete
  16. අන්න උත්තර :D මොනවා උනත් නියම පොරක් :D

    ReplyDelete
  17. සොරි වෙලාව මදි වුනා, කීයක් හරි දෙන්න.. හික් හික්..මූට A එකක් දෙන්න වටිනව නොවැ..මේක අපිත් එක්ක බෙදාගත්තට ප්‍රාර්ථනා නගාටත් තැන්කූ හොඳේ...(නගාගෙ අම්මටත් තැන්කූ කිව්වා කියන්න..)

    ReplyDelete
  18. @sameerausa- නියම පොරක් නෙවෙන්නම්, අදටත් අම්මයි මායි හිනා වෙනවා මේක බලලා.. හික්ස්...

    @අසංක- හ්ම්ම්.. ඔව් වැද්දා කරපු දේ වැරදියි කියලා කියන්න බෑ,.. ඔව් ජාතක කතාවක් මුල් කරගෙන තමයි මනමේ නාටකය ලියවුනේ.. චුල්ල ධනුද්දර ජාතකය..

    @හංසි- ස්තුතියි හංසි...

    @චතූ මිතූ- අන්ද මන්ද වූයේ කිම් සොවිනා
    දුන්න ප්‍රථිපල එ නරන පුතු හට,
    විචාර ලිවුමට උපන දස්කම,
    දුන්නේ යහපත සැලසි අටියෙන,.

    @දිනුක ජයකොඩි- මමත් ඔය කතාව අහල තියෙනවා මිතූ, ඒ කථාවේ විදියට නම් මනමේ කුමාරයා තමයි වැරදි..

    @යොහාන් කනිෂ්ක- හික්ස්.. මේ වගේ උත්තරයක් අර වගේ වෙලාවක මොළේට එනව කියන්නෙත් කොච්චර ලොකු දෙයක්ද..

    @මකුළු පැංචි- ඒක නෙව අක්කේ කියන්නේ, මේකා තව බය නැතුව නමයි, ටෙලිෆෝන් නම්බ්ර් එකයිත් ලියලා එවලා තිබුනා නෙව..

    ReplyDelete
  19. patta uthttharayakne deela thiyenne..anithima kalla thama maru..
    "සොරි වෙලාව මදි වුනා, කීයක් හරි දෙන්න.."

    aparade matat lit paper ekata ohoma liyanna thibune hamlet gana..:P lol

    ReplyDelete
  20. මතක් කර කර හිනා වෙන්න පුලුවන් නියම කතාවක්.

    ReplyDelete
  21. @දිලීප- ඒක නේ.. කිසි ගානක් නැතුව කියලා දාලා, බොරු මොකටද මම නම් ඕනේ තරම් පේපර්ස් වල ඔය වගේ ලියලා තියෙනවා, හැබැයි ලකුණුත් ලැබිලා තියෙනවා..

    @සජීවනී- හී හී.. ඔව්, කියවන වාරයක් ගානේ මට හිනා යනවා මේ කතාව

    ReplyDelete
  22. යකුනේ ගෑනිට තරහ යන එක සාදාරණයිනෙ... දැන් බලාපල්ලකො.. බැදල අලුත් ජෝඩුව... යන්නෙ කැලේ මැද්දෙන්.. තනියෙන්.. ඒත් මේ මනමේ කාරයා සින්දු කියනව විතරයිනෙ.... ෆුල් රොමෑන්ටික් උනාට විතරක් මදිනෙ.. පොඩ්ඩක් සෙක්සි වෙන්නත් ඕනෙනෙ.... මනමෙ කුමාරිත් බැලුවා යකෝ බැදල පලවෙනි දවසෙත් මූ මෙහෙම සින්දු කියනවනම්... අවුරුද්දක් දෙකක් යනකොට සිංදු අහලම මැරෙන්නයි වෙන්නෙ... වෙන කිසිම වැඩක් වෙන්නෙ නෑ කියල.. ඒකනෙ වැද්දට කඩුව දුන්නෙ.. උත්තරේ ලියපු එකාට ඒ ටික තේ රිලා නෑ ඒකයි B එකක් ලැබිල තියෙන්නෙ..
    මට ඔය ප්‍රස්නෙ අහු උනානං A . ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

    ReplyDelete
  23. හිකිස්.. ඒක් තමයි වෙන්න ඇත්තේ, දවස පුරාම කවි කිව්ව විතරනේ.. හී හී..
    එහෙනම් පොඩි මෑන්ට තියෙන්නේ ඔය ප්‍රශ්නෙටම උත්තරේ ඔය හිතෙන විදියට ලියලා දාන එක, මම අම්මගෙන් අහන්නම් A එකක් දෙන්න පුළුවන් වෙයිද කියලා.. හික්ස්

    ReplyDelete
  24. අපරාදේ.. ඒ පාස් එකක් දෙන්න වටිනවා...

    ReplyDelete
  25. @සුළඟිල්ල- හික්ස්... ගන්න තිබුනා ඔය ප්‍රශ්නෙටත් හරියට උත්තරේ ලිව්වා නම්..

    ReplyDelete
  26. සුපිරි. ඔය විචාරයට විතරක් ලකුණු කීයක් හම්බවෙලාද??

    ReplyDelete
  27. Niyamai ane liyapu kenanam.....

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. බැදල හනිමූන් ගිහින් සිංදු කියන එකෙක්ට මොන කෙල්ලද යකෝ කැමති වෙන්නේ . . . කෙල්ල කරපු දේ හරි

    ReplyDelete

Back
to top