෴තුම්මුල්ල පහල බාලාංශය෴

අද මම කියන්න ලේස්ති වෙන්නේ කැම්පස් එකේ ‍රැග් කට්ට කන කාලේ සිද්ධ වුන රසවත් සිදුවීම් කීපයක්.

කවුරුත් දන්නවනෙ ඉතින් ‍රැග් කාලෙට තමයි සීනියර් අවුරුද්දේ ඉන්න අයියලා ටික වරම් ගන්නේ..ඉතින් ඔය කාලෙට පළවෙනි වසරේ නර පණුවන්ට නම් යමපල්ලන්ගේම සරණයි. හික්ස්... :D.


මීට අවුරුදු එකහාමාරකට විතර කලින් මම මුලින්ම තුම්මුල්ලේ පහල බාලාංශෙට ගොඩ වැදුනේ බාලාංශ සිසුවියෙක් විදියට.එදා ගියපු ගමන් එක වසරේ අයියලා අක්කලා ටික, කිරිබත් කවලා, බීම පොවලා අඬද්දි අඬද්දි අපේ අම්මලාගෙන් වෙන් කරගත්තා.. හික්ස්ස්...ඉතින් ආපු පළවෙනිම දවසෙ නිසා මේ බාලාංශේ පොඩි එවුන්ට ලස්සන ලස්සන නැ‍ටුම් , නාට්‍ය තියෙන පිළිගැනීමේ උත්සවේකුත් සංවිධානය වෙලා තිබුනා කියමුකෝ.. පොඩි එවුන් වුනාට අපිට වාඩි වෙන්න නම් වුනේ පිටිපස්සෙම තියෙන පු‍ටු වල,. මොන වදයක්ද, උස මදි නිසා ඉස්සරහ වෙන මුකුත්ම පෙන්නෙත් නෑ. කලුවර නිසා බයෙත් බෑ.. :'(. 

ඔන්න ඔය අතරේ තමයි මේ නැ‍ටුම් වල, නාට්‍ය වල ලස්සනම කොටස් ටික අපිට පේන්න පටන් ගත්තේ.අපිව ආදරෙන් භාරගත්තු අපෙ එක වසරේ අයියලා ටික ආවනෙ පුංචි එවුන් නැ‍ටුම් බලලා සතු‍ටු වෙනවද බලන්න. 
හික්ස්ස්.. ඇවිත් නිකන් හිටිය නම් මදෑ,මම කලිනුත් කිව්වනෙ හරිම කරුවලයි බයේ බෑ කියලා. ඕං අපෙ අයියලා ටික ලෙස්ති වෙන්නේ ඒ බය නැති කරන්න..

"කරුවලයි නේද යකෝ" 
(මෙහි යකෝ කියන වචනය මගේ ශබ්ද කෝශයෙන් මෙතනට ඇතුල් වූවක් බව කරුණාවෙන් සලකන්න.. නැතුව අයියල අපිට කතා කරේ එහෙම නෙවෙයි ඕං)

"ඔව් අයියේ"බයේ වෙවුලන ගමන් මේ අහන ඒවටත් උත්තර දෙන්න එපැයි.. හපෝයි ඒ වගේ කරුවලක්.. :p ;)

" එහෙනම් මොකද බලාගෙන ඉන්නේ දාපිය ලයිට්, දාපිය"

අනේ ඇත්තට මෙහෙමත් ලෝකයක්, පුංචි එවුන්ට බය නැති වෙන්න ලයිට් දාන්න ඕනේ කියලවත් මතක් වුනේ අයියලාට විතරයි නෙව.. :p :D. කොච්චර නම් කියලා ටීචර්ලා හිටියද? එක්කෙනෙක්ට මතක වුනේ නෑනෙ අපිව :(
ඉතින් ඔන්න ඒක නිසාම පුංචි එවුන් හැමෝම බය නැති කරගන්න ලයිට් දාන්න පටන් ගත්තා. ඒක එසේ මෙසේ ලයිට් දැමිල්ලක් නෙවෙයි. බලුප් එක තියෙන්නේ අපෙ අතේ, අපිට තියෙන්නේ ඕකට කට ඇරලා දිව ඇදලා කරන්ට් එක දෙන්න විතරයි.. හී හී.. ඔන්න ඒ පිහිටෙන් අපේ බය නැති වුනා (නැත්තටම නැති වුනා).

කොහොම හරි බලුප් වැලුත් ඇද්දා කියමුකෝ. ඊට පස්සේ අයියලාට ඕනේ වුනේ මේ පුංචි බාලාංශ පොඩි එවුන්ට කෑම ටිකක් කවන්න..අනේ ඉතින් උදේ ඉදන් බඩගින්නේ නෙව, කිරිබත් කෑල්ලක් විතරයිනේ බඩට වැ‍ටුනේ..
ඒ නිසා එක වසරේ අයියලා ටික ගෙනත් තිබුනා පුංචි අය කන්න ආසම කරන කෑමක්

මොනවද දන්නවද?..
සූකිරි...... (ම්ම්ම්ම්ම්)
කොච්චර වටින කෑමක්දලොකු කැට පිටින් නේ තියෙන්නේ. ඉතින් ඒ කැට ලොකු වැඩි නිසා එක පොඩි එකාට එක කැටේ ගානේ දුන්නොත් කාගන්න බැරි වෙයි කියලා තමයි අයියලා හිතුවේ (අපිනේ දන්නේ අපේ පෙරේතකම)ඒ නිසා ලමයි 9ක් විතර හිටපු එක පු‍ටු පේළියකටම ලැබුනේ එක සූකිරි කැටයයි.හික්ස්.. එච්චර ගානකට බෙදලත් කැටේ තවත් ඉතිරි වුන එකනේ වැඩේ..හිතාගන්නකෝ සූකිරි කැටේ සයිස් එක ඒකෙන්ම..හී හී..
හම්මෝ...බඩ පිරිලා ඉන්න තැනින් නැගිටගන්නවත් බැරි වුනා අපිට.කොහොම කොහොම හරි අයියලාට පින් සිද්ධ වෙන්න බඩත් පුරවගෙන බයත් නැති කරගෙන අපි හෝල් එකෙන් එලියට ආවේ ඊලගට මොන්ටිසෝරි එන්නේ කවදාද කියලා නොඉවසිල්ලෙන්..හැමදාමත් මොන්ටිසෝරිය එන්නමයි හිත කියන්නේ..හී හී..අයියලා අපිට සලකන විදිය දැකලා බාලාංශේ පොඩි  අපිට ආසාවේ බෑ..

ඔන්න ඔහොම ඉතින් පළවෙනි දවස ගෙවුනේ.අපිට අපේ එක වසරේ අයියලාගෙන් ලැබුන උණුසුම් පිළිගැනීමත් එක්ක හැමෝම ඇඟිලි ගැනගැන බලන් හිටියේ  මොන්ටිසෝරිය පටන් ගන්න දවස එනකන්.
මොන්ටිසෝරියේ  ඊළඟට වුන දේ දැන් කියන්නද? .....

එක්කොත් බෑ...

පස්සෙ දවසක ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්කෝ..
අනේඉතින් තව දෙයක්,අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ එහෙම මේවා බලලා බාලාංශෙදි ,මේ පොඩි එකාවඅල්ලගන්නව එහෙම නෙවෙයි.මේ ඉතින් අහිංසකකමට කියන කථා නෙව.. හී හී,...

CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අපි නම් කියන්නේ හන්තාන කදු පාමුල පහල බාලාංශේ කියලා. ඒ කාලේ නම් අත්තටම හෙනම කට්ටක් තමයි අපිත් කෑවේ. ඒ උනාට විශ්ව විද්‍යාල ජීවිතයේ සුන්දරම කාලේ තමයි ඒ.

    තව කතා ලියන්න. කියවන්න ආසයි.

    ReplyDelete
  2. @මධුරංග- හී හී... අපිටත් කියලා දුන්නේ මෙහෙම තමයි..
    කට්ට කෑම නම් බාලාංශ ජීවිතේ අඩුවක් නෑ අයියේ,. අවුරුදු 4ම කට්ටම තමයි.. ඒ වුනත් සුන්දරයි,පාසල් කාලෙන් පස්සෙ ගෙවෙන සුන්දරම කාලේ ගෙවෙන්නේ මේ බාලාංශේ ඇතුලෙ.. හී හී..
    ස්තුතියි අයියා..

    ReplyDelete
  3. කැම්පස් යන එකත් නරකම නැ වගේ.අනේ එත් බෑ වගේ අප්පා

    ReplyDelete
  4. නරකම නෑ, හී හී,.. ඒත් කට්ට කනකොට තමයි.. :p
    බෑ බෑ කියන අය තමා පස්සෙ උඩින්ම යන්න කැමති වෙන්නේ මලයෝ..

    ReplyDelete
  5. කොමෙන්ටුව ඊළඟ කථාවට රුකුළක් කරහන්නව මිස, ඔන්චිල්ලාව කඩා දැමීමට හේතුවක් කර ගන්න එපා. කතාව හොඳයි, ඇත්තටම ඒ ඇත්දැකීම නැති කෙනෙකුට මාර වටිනවා. රසවත් භාවය කතාඅවට ආභරණයක් කරගමු යාළු. එතකොට හැමදේම හරියාවි. ඔයාට ලස්සන අන්නගත්යක්,,,,,

    ---ගතින් අයාලේ ගියත් සිතින් දැහැන්ගත----
    ___ පාදඩයා___

    ReplyDelete
  6. ස්තුතියි පාදඩයා හොඳ නරක පෙන්නලා දුන්න එකට, තවත් උත්සාහ කරන්නම් කථාවට රසය එකතු කරන්න. නිර්නාමිකව බැනල, වැරදි කියලා යනවට වඩා මේ අදහස් මට ගොඩාක් වටිනවා.. ස්තුතියි ගොඩාක්ම..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. බලන්නකෝ බාලාංශෙට යන්න මට වාසනාව නැති හැටි? ඉතිරි ටික කියන්නෙ කවදද ප්‍රාර්ථනා අක්කියෝ???

    ReplyDelete
  9. අනේ ඒ ගැන දුක් වෙන්න එපා මල්ලියා, ඔයා දැන් කරන වැඩ ටික හොඳට කරගෙන යන්නකෝ.. ඉතිරියත් දාන්නම්කෝ.. :D

    ReplyDelete
  10. රැග් එකේ තියෙන කතා පෝලිමයි..අපිට මාස හතරයි කතා හාරදාහයි

    ReplyDelete
  11. හී, හී... තව කල් යද්දී කතා අසූකෙළක් විතර එකතු වෙයි...

    ReplyDelete
  12. අනේ මේ කියන බොරු.අපි මෙයලාව පිලිගත්තෙ බුලත් දිලා.මේ කියන බොරු වලට කොටියම කන්න ඕන........

    ReplyDelete
  13. හපොයි.... (දැකලානෙ.. ඉවරයි...) :D :D

    ReplyDelete

Back
to top