රුද්‍රා..


ශේෂ වූ වන පෙත,
රුදුරු අවි අත ගෙන,
තුරුණු දිවියම 
ඊළමට යට කල,
සයනයිට් වෙනුවට
පිච්ච මල් මාලය,.
පළාවන් ඇඳුමට
රතු පැහැති සළුපට
ඇඳන් හැඩ වෙන දිනයක,.
මං ගොතන්නම් නුඹේ,
සිනිඳු මුදු කොණ්ඩය,.
කියූ මගෙ දෙඅතම
එක්කොට තැබූවෙමි
උණ්ඩය.....
මව් බිමට නුඹ හටත් වඩා,
පෙම් කල නිසාවෙන් මම,..


CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හරිම අපූරු කවි පෙලක්...

    ReplyDelete
  2. සයනට් කරලකට වඩා පිච්ච මල් මාලය ගොඩක් ලස්සන බව ඒ අයට දන් දැනෙනවා ඇති.. මොනා උනත් අවුරුදු විසි තිස් ගානක් තිබ්බ යුද්ධය නිමා උන එක නම් වටිනවා.

    ReplyDelete
  3. @-dinesh බොහෝම ස්තුතියි.. :D
    @මධුරංග- ඔව්, අවුරුදු ගානක් තිස්සේ විනාශ වුන තරුණ ජීවිත දැන් රටේ සංවර්ධනයට දායක වෙන්න පටන් අරන්, තමන්ට බරක් වුන තුවක්කුව පැත්තකින් තියලා ජීවිතේ ජයගන්න මාර්ගයක් පාදා ගන්න ඒ හැම කෙනෙක්ටම දැන් පුළුවන්.. ඒක තමයි යුද්ධය නිමාවක් වුන එකේ ලොකුම ජයග්‍රහණය විදියට මම දකින්නේ,..

    ReplyDelete
  4. *කියූ ඒ දෙඅතම*
    මටනම් ඒ පදේ ගැලපෙන්නේ නෑ වගේ.

    මේ වගේම කතාවක් මේ ළඟකදී මම බ්ලොග් එකක දැක්කා වගේ මතකයි!

    ReplyDelete
  5. @ පූසා-ස්තූතියි පූසෝ වැරද්ද පෙන්වලා දුන්නාට, අනේ මම නම් දැකලා කොපි කරපු එකක් නම් නෙවෙයි, මගේම අදහසක්..

    ReplyDelete
  6. නෑ නෑ මම කිව්වේ කොපි කළා කියලා නෙමෙයි. ඒකෙත් අදහස ඔයවගේමයි

    ReplyDelete
  7. හී හී, ආහ් ඒක මිසක් මම බය වුනා හොරෙක්ටවත් මගේ ලිපිය අහු වෙලාද කියලා,

    ReplyDelete
  8. පුද දුන්නු නුඹේ ආදරය
    වෙස් වලා ගත්තු ආශිර්වාදයක්ම වේවි
    නුඹ කල මෙහෙය
    මව් බිම නිසාවෙන්
    හෙට උපදින උන් නගන

    ReplyDelete
  9. අභ්‍යන්තරේම තියනවා..නිධන්ගත වෙච්ච තේමාව...ලස්සනයි

    ReplyDelete
  10. නියමයි නංගී තව තවත් ආනන්දයෙන් ප්‍රඥාවට යන්න ලැබේවා.ඔහොම්මම ලියාගෙන යන්න.

    ReplyDelete
  11. @නෙතුපිය- පුද දුන්න ආදරය වෙනුවෙන්,
    තනමි මම සමරුවක්,
    මව්බිමේ ජයනද
    පිඬින් පිඬ මුසු කොට,..

    @ජනරඟ- ස්තුතියි,..

    @අකූ අයියා- ස්තූතියි අයියේ, ඔයාගෙන් ඇගයීමක් ලැබෙන එකම මට ලොකූ හයියක්,..

    ReplyDelete
  12. මේකෙ මාර අමුතු ගතියක් තියෙනවා... එල

    ReplyDelete
  13. @අනුරාධ- ස්තූතියි සහෝ.. :D

    ReplyDelete

Back
to top