සින්ඩියක් නොවන සින්ඩියක් ගැන..



මේ මොන හරුපයක්ද? සින්ඩියක් නොවන සින්ඩියක්? 
හරි කෙලින්ම කතාවට බැස්සොත් මේක බ්ලොගයක්.. නම "සිතුවිලි පවුර".. සමහරවිට දැනටමත් අහල දැකලා ඇති.. ඉතින් සිතුවිලි පවුර බ්ලොගයක් නම් ඒක සින්ඩියක් වෙන්නෙ කොහොමද??? මෙන්න ඒකට උත්තරේ.. සිතුවිලි පවුර කියන්නෙ අලුත්ම සංකල්පයක්.. මෙම බ්ලොගයට තම සිතුවිලි කුරු‍ටු ගාලා පණ පොවන්නෙ එක්කෙනෙක් නෙමේ.. අපි ගෲප් බ්ලොග් වල දකිනවා වගේ කිහිප දෙනෙකුත් නෙමේ.. සියයක්.. හිතාගන්න පුලුවන්ද කොහොමද වැඩේ කියලා.. විවිධ අදහස් තියෙන විවිධ කතුවරු 100ක් විවිධ දේවල් ගැන කුරු‍ටු ගාන එකම තැනක්... අන්න එතනයි මෙය 

සින්ඩියකට සමාන වෙන්නෙ... විධිමත් ලෙස වර්ගීකරණය කරලා තිබෙන නිසා ඔබ රුචි කරන වර්ගයේ ලිපි පහසුවෙන්ම වෙන්කරගෙන කියවන්න පුලුවන්.. මෙහි කතුවරයන්ට ඔවුන්ගේ සාමාජිකත්වය දිගටම පවත්වාගෙන යන්න කරන්න තියෙන්නෙ බොහොම සරළ දෙයක්.. මසකට අවම වශයෙන් එක් ලිපියක් වත් පල කිරීම.. මොකක්?? මාසෙට එකයිද?? අයියෝ එතකොට අවුරුද්දටම 12යි නේ.. ඔව් අවුරුද්දටම 12යි.. ඒත් මතක තියාගන්න .. මෙතන කතුවරු සියයක්.. එක්කෙනෙක් අරුද්දට 12ක් පල කරනකොට සිය දෙනාම අතින් ලිපි 1200ක් පල වෙලා.. ඒ කියන්නේ මාසෙට නම් 100ක්.. දවසට නම් අවම වශයෙන් 3ක්.. දවසට ලිපි 3ක්?? මෙන්න මේක තමයි සිතුවිලි පවුරේ සුව්ශේෂත්වය.. දිනකට ලිපි 3ක් පලවෙන බ්ලොගයක්.. ඒ කියන්නෙ හෑම දිනයකම හෑම මොහොතකම කියවන්නට යමක්.. 

ආරම්භ කර තවමත් මාසයක් වත් නොගියාට සිතුවිලි පවුර පොස්‍ටු, ඒවාට වැටෙන කොමෙන්‍ටු , හිට්ස් වලින් පිරිලා ඉතිරිලා යනවා.. ඔන්න දැන් කියන්න යන්නෙ ප්‍රසිද්ධ රහසක් ගැන.. ඒ තමයි සිතුවිලි පවුරේ කතුවරු සියය තවමත් අසම්පූර්ණය කියන එක.. ඉතින් ඒකෙන් අපිට තියෙන වැදගත්කම මොකක්ද?? වැදගත්කම තමා ඔබටත් සිතුවිලි පවුරේ කතුවරයෙකු වෙන්න පුලුවන් වීම.. මෙහිදී අවස්ථාව ලැබෙන්නෙ මුලින්ම ඉල්ලුම කර 90 දෙනාට පමණයි.මොකද සිතුවිලි කණ්ඩායම තීරණය කරලා තියෙනවා ඉතුරු අවස්ථා 10 සදහා බ්ලොග්කරණයේ ප්‍රවීනයන් දස දෙනෙකුට ගෞරවයෙන් ආරාධනා කරන්න. එම දසදෙනා මුල්ම කතුවරු 90 සම්පූර්ණ වූවාට පසු බ්ලොග් අවකාශය තුල පැවැත්වෙන පුංචි ජංදයකින් ‍තෝරා ගනු ලබනවා.. බ්ලොග් කලාවේ ප්‍රවීනයන් දසදෙනෙකු සමග කතාබහ කරන්න, දැනුම බෙදාගන්න ලැබෙන මෙම අවස්ථාව මග හැරගන්න අකමැති කවුද??

සිතුවිලි පවුරේ කතුවරු තව තවත් ලං කරවන්නෙ සිතුවිලි පවුරේ කතුවරු සදහා පමණක් වෙන්වූ විශේෂ ෆේස්බුක් ගෲපිය. සිතුවිලි පවුර පිලිබද ගන්නා මොනයම් තීරණයක් 
වුවද එම ගෲපියේදි සිය දෙනාම විසින් සාකච්ඡා කර බහුතර මතයෙන් ගන්නා නිසා සිතුවිලි පවුර අසාධාරණයෙන් තොරවූ සියලු දෙනාගේම ශක්තියෙන් ගොඩ නැගෙන පොදු නිර්මාණකරණ කර්තව්‍යයක් ලෙස හදුන්වන්නට පුලුවන්..

මේ සිංහල බ්ලොග් අවකාශයේ සිංහල අකුරක් ලියන ඕනැම අයෙකුට සිතුවිලි පවුරේ කතුවරයෙක් වන්නට ඉල්ලුම් කරන්න පුලුවන්.. 

ඔන්න මමත් සිතුවිලි පවුරේ කතුවරයෙක්.. 
ඔබ???.. තවමත් නැද්ද? 
එහෙනම් තවත් පරක්කු වෙන්නේ මොකටද? දැන්මම මෙතන කොටලා සිතිවිලි පවුරේ තියෙන ෆොර්ම් එක පිරෙව්වම සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන්න ඔබටත් අවස්ථාව ලබාගන්න පුලුවන්.."

CONVERSATION

11 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. එල වැඩක් සුභ පතනව

    ReplyDelete
  2. අම්මෝ ඒ කියන්නේ කියවන අපිට වැඩ ගොඩක් ලැබෙන බ්ලොගයක් !!!!! නියම වැඩක්.

    සුභ පැතුම් !!!

    ReplyDelete
  3. හොඳයි.. අර්ථවත්‍ දේවල්ම ලියවේවා කියල ප්‍රාර්ථනා කරනව..

    ReplyDelete
  4. ඔන්න මමත් ආවා සිතිවිලි පවුර ශක්තිමත්ව ගොඩ නැගෙන්න කියා පතනවා....

    ReplyDelete
  5. කවි විතරද පුළුවන්??

    ReplyDelete
  6. @සුශාන් අයියා- හ්ම්ම්...

    @බුවා- ස්තුතියි සහෝ

    @මධුරංග- ඔව් ඔව් අයියා, කියවන්න හිනාවෙන්න ගොඩාක් දේවල් තියේවි., ඒ පැත්තෙත් ඇවිත් යන්න.

    @outsider- බොහොමත්ම ස්තුතියි

    @සඳ සාවි- බොහොමත්ම ස්තූතියි සඳ සාවී...

    @මාධව- නෑ, කෙටි කථා, නව කථා , අධ්යාපනික, ඕනෙම දෙයක් පුළුවන්...

    ReplyDelete
  7. සිතුවිලි පවුර මම දැනටමත් කියවනවා.. ඇත්තටම එක හැමෝගෙම අදහස් එකතු වෙච්ච ලස්සන තැනක්.. දිගටම සොදුරු දේවල් සිතුවිලි පවුරට එකතු කරන්න..

    ReplyDelete
  8. ගොඩාක්ම ස්තූතියි අයියේ.. අනිවාර්යෙන් හොඳ ලිපි ගොඩාක් කියවන්න අවස්තාව ලැබෙයි .අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න

    ReplyDelete
  9. සුබ පැතුම්. හොද දෙවල් දෙන්න හැමොටම හැකිවෙවා...

    ReplyDelete

Back
to top