නම් තැබීම




විලිරුදාවෙන් සසැලී
ගැබ්බරව තිබූ මගේ සිත
බිහි කලා ලදරුවෙක් 
ප්‍රේමය නැමති
ඒත් නුඹ 
බලා ඒ දෙස හො‍රැහින්
කිව්වා මට 
ප්‍රේමය නොවෙයි 
සුදුසුම නම,
රාගය,..

CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේක මේ මගේ මතයක් හොඳේ.

    ආදරය+රාගය=ප්‍රේමය

    එහෙම වචන දෙකට වෙනම තේරුම් දෙකක් තිබ්බනං අපිට පුළුවං අම්මට ආදරේ කරල බිරිඳට ප්‍රේම කරන්ඩ

    ReplyDelete
  2. හ්ම්ම්.. ඔව් අයියා, ඔයාගේ අදහසත් හරි. මෙතනදි මට කියන්න ඕනේ වුනේ ප්‍රේමය ආදරය දෙක බෙදෙන්නේ ඉතාම සියුම් තැන ගැන. ගොඩාක් අය මේ දෙක පටලවාගන්නවා. ඒ නිසාමයි අමරුවෙ වැටෙන්නේ..

    ReplyDelete
  3. අප්පච්චියේ මට නම් කමෙන්ට් කරන්නේ මොනාද කියලා හිතාගන්න බෑ. අම්මෝ !!!

    ReplyDelete
  4. @මධුරංග අයියා- හී හී ,ඒ මොකෝ...ස්තූතියි අයියා..

    ReplyDelete
  5. ඔතන තිබ්බ අප්සට් එක විලි රුදාවයි... හැදුනාම පැටිය දාන්නම ඕනෙ... විලිරුදාව හැදෙන මහ වැඩේ කරන්න කලින් පොඩ්ඩක් හිතුවනම්... පේමයේ පැටියම දාන්න තිබුනා...

    පේමය තියෙන තැන රාගය නෑ... ඔන්න සයිබර් පොලු උස්සන්න එපා මමත් හනමිටි අදහස් කාරයෙක් කියල... කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරය කරනවනම් එත්න කායික බැදීමක් තිබුනට කිසිම ප්‍රස්නයක් නෑ ඒ දෙන්නගෙ කැමැත්ත අනුව.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

    ප්‍රේමය තියෙන තැන තියෙන්නෙ අනුරාගය
    රාගය,අනුරාගය කරන්නෙ එක වැඩේ උනාට පට්ට වෙනසක් තියෙනව වචන් දෙකේ..

    අන්තිමට කියන්න ඕනෙ නිර්මානෙත් පට්ට තේරුම තියෙනවා ප්‍රාර්ථනා... පට්ටයි... මේවගේ ඒවට කමෙන්ට් වැටෙනව ටිකක් අඩුයි නේ... :P

    ReplyDelete
  6. @පොඩි මෑන්- මෙතනදි ඔයා කියන දේ හරි පොඩ්ඩෝ, ප්‍රේමය තියෙන තැන රාගයක් නෑ, තියෙන්නේ අනුරාගය, ඒත්
    රාගය අනුරාගය දෙකේ වෙනසවත් අඳුනගන්න බැරි එකයි වැඩේ වෙලා තියෙන්නේ.. ප්‍රේමය නිසා හටගන්න අනුරාගයත් ඒ නිසා දීනෙක් අතර ඇති වෙන ලිංගික සම්බන්දතාවයන් වලත් වරදක් නෑ..
    ඒත් රාගය මුල් වෙලා ඇති වෙන ප්‍රේමය ප්‍රේමයක් විදියට අර්ථ දක්වන්න බෑ කියලයි මට හිතෙන්නේ..
    එතන තියෙන්නේ පිවිතුරු බැඳීමකට එහා ගිය දෙයක්..හුදෙක් ආසාවක් විතරයි..

    පොඩි මෑන් හොඳට දන්නවනේ මේවට කමෙන්ට්ස් අඩු බව..
    මේ වගේ කවි වලට කමෙන්ට්ස් දාන්න අමාරුයි පොඩ්ඩෝ.හී හී....

    ReplyDelete
  7. හ්ම්ම්...ආදරය මානසික අවශ්‍යතාවයක්. රාගය කායික අවශ්‍යතාවයක්. මේ 2 එකිනෙක නැතුව පවතින්නත් පුළුවන්. එකට පවතින්නත් පුළුවන්.

    ReplyDelete
  8. @විසිතුරු- හ්ම්ම්..ඒක හරි. ඒත් ප්‍රේමය ඇති තැන අනුරාගයක් ඇති වෙනවාමයි..

    ReplyDelete
  9. හනේමන්දා . . . නම් තැබීම් නම් එමටයි . . .:)
    ගැලපුම අපූරුයි . ඔබට ජය . . .

    ReplyDelete
  10. හී හී.. ඔව් ඔව් සුශාන් අයියා නම් තැබීම් නම් එමටයි,;) ඒත් මේක් වෙනස් නම් තැබීමක්.. ස්තූතියි අයියා...

    ReplyDelete
  11. මට හිතෙන්නෙත් ආදරයත් එක්ක එකට යන්නේ අනුරාගය කියල....ආදරයේ හා අනුරාගයේ එකතුව ප්‍රේමය කියලයි....නියමෙට පද ගලපලා ප්‍රර්ථනා.....

    ReplyDelete
  12. ඔව් සිතුවිලි නිහඬයි අක්කා.. මාත් හිතන්නේ ආදරය එක්ක යන්නේ අනුරාගය තමයි. ඒත් සමහර අය වැරදි වැටහීම් ඇති කරගන්නවා. ගොඩාක් ස්තූතියි :D

    ReplyDelete
  13. ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි කියලා කිව්වට ඉතින් ඔය දෙකම එකිනෙකට තදින් බද්ධ වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස...

    ReplyDelete
  14. මෙහෙමයි ChammA රාගය අනුරාගය දෙකක්. ඒ දෙක වෙන් වෙන්නේ ගොඩාක් සියුම් තැනකින්.. අනුරාගයට වඩා ආදරේකදි රාගය ගැන හිතනවා නම් ඒක සත්්ය ප්‍රේමයක් නෙවෙයි කියලයි මම හිතන්නේ.. රාගය කියන්නේ සීමාවක් නැති ආසාවක්.. ඒක පාලනයක් නෑ..

    ReplyDelete

Back
to top