යාළුවොද?... මාළුවොද?...



මම මේ පෝස්ට් එක ලියන්නේ ගොඩාක් දුකින් , ඒ වගේම තරහින්. ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු ගැන තේරුම් ගන්න හරිම අමාරුයි. විශේෂයෙන් මිතුරු වෙසින් එන පවි‍ටු මිතුරෝ ගැන. කොච්චර ඒ වගේ අත්දැකීම් තිබුනත් මට තාමත් හොඳ යාලුවෝ , නරක යාළුවෝ අදුරගන්න බෑ. ඒ තරමටම ඒ අය කපටි නිසාද, නැත්නම් ඒ හැමෝම යාළුවෝ ගැන හිතන්නේ මම හිතනවා වගේ පිවිතුරු හැඟීමෙන් කියලා මම හිතන නිසාද මන්දා.


කොහොම වුනත් අද මම මගේ ජීවිතේට ආපු නරකම යාළුවෝ කවුද කියලයි හොඳම යාළුවො කවුද කියලයි තේරුම් ගත්තා. යාළුකම බොරුවට රඟපාන්න තරම් හොඳ නළුවොත් ඉන්නවා කියලා මම අද තේරුම් ගත්තා. ඒ අතරේ ඉන්න ඇත්තටම හදවතින්ම යාළුකම දෙන මගේ හොඳම යාළුවන්ව මට ගොඩාක් වටිනවා. සද්ද නැතුව මගේ ගැන හොයලා බලන, දුකේදි කඳුලු පිහිදානවට වඩා දුක නොදැනෙන්න මාව සතුටින් තියන , මගේ සතුටෙදි සතු‍ටු වෙන උතුම් යාළුවොත් ඉන්න එක මගේ වාසනාවක්.
දුක අහන්න කඳුලු පිහින්න කියලා ඇවිත් අපේ දුක ගැන මුලු ලෝකෙටම කෑගහලා කියන යාළුවෝ ගැන මම අද හොඳටම දැනගත්තා, තේරුම් ගත්තා. මෙතනින් අහන දේවල් තව වැඩි කරලා අතනට කියන ජාතියේ යාළුවොත් මගේ යාළුවෝ ගොඩේ, නිකනුත් නෙවෙයි හොඳම යාළුවෝ කියලා මම හිතපු ගොඩේ ඉන්න බව දැනගත්තම මට හිතුනේ දුකක්, ඒත් ඒ වගේ යාළුවන්ගෙන් මිදුන එක ගැන මම සතු‍ටු වෙනවා. වැ‍රැද්ද කරපු කෙනා හෝ කිහිප දෙනා දන්නවා මම මේ කතා කරන්නේ මොනවා ගැනද කියලා. ඒ අයට හිත රිදවීමක්වත් වේවි කියල නම් මම හිතන්නේ නෑ මේක දැක්කත්. එහෙම වෙන්න තරම්වත් උණු වෙන හිතක් ඒ අය ගාව නෑ කියලා මම දන්නවා. මගේ දුක බෙදාගන්න කියලා ඇවිත් අන්තිමේ මගේ දුකට තවත් දුකක් එකතු කරලා යන යාළුවන්ගෙන් මට වැඩක් නෑ. මම හොඳටම දුක් වෙන බව දැන දැනත් ඇයි එහෙම කරන්නේ,. මට හිතාගන්න බෑ. ඇයි එහෙම කරන්නේ... ඇයි මටම මෙහෙම වෙන්නේ. 


යාළුවෝ වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න ලේස්ති මට හැමවෙලේම යාළුවෙක් නිසා කරදරයක් වෙනවා. යාළුවෙක්ව කරදරෙන් බේරන්න ගියොත් අන්තිමේ ඒ වැ‍රැද්දත් පැටවෙන්නේ මගේ පිට. ඇයි යාළුවෝ මෙහෙම කරන්නේ. හිතේ තියෙන දුක ඒ කෙනෙක්ට කියන්නේ අණබෙර ගහලා ලෝකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් නැති නිසා. ඒත් ඒක අහන් ඉදපු යාළුවම අනිත් පැත්තට ගිහින් මුළු ලෝකෙම ගිනි තියනවා නම්,.. නොකිව යුතුම කෙනාට ගිහින් ඒ දේවල් කියනවා නම් ඒ යාළුවා හොඳ යාළුවෙක්ද නැද්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒත් කොහොමද යාළුවෙක්ව අදුරගන්නේ. මගේ හොඳම යාළුවෙක් කියලා අපි හිතපු කෙනාම අපිව රවට්ටනවා නම් වෙන කට්ටිය ගැන කොහොමද විස්වාස කරන්නේ. ඇත්තම යාළුවෙක්ව කොහොමද අදුරගන්නේ.. ඇත්තටම මට තේරෙන්නේ නෑ.. එහෙම කරන්නෙ කොහොමද? මම එහෙම කාටවත්ම කරන්නෙ නැති වෙලත් ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ. ගොඩාක්ම දුකයි මට. තියෙන දුක යවාගන්නයි පෝස්ට් එක ලිව්වෙ. වැඩකට නෑ කියලා හිතනව නම් සමාවෙන්න .

CONVERSATION

25 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේ සිදුවීම මටත් එහෙමම තමයි යාලුවෙ. මොනව කරන්නද? වේදනාව පිටකරත් ඒකත් එවුන්ට විහිලුවක් වුණා. අන්තිමට වුනේ ඒකෙනුත් මගේ හිත රිදුනු එක විතරයි. තැලෙන යකඩෙ උඩපැන පැන තලතලා ඒකෙනුත් වින්දනයක් ලබන්න උන් හරිම දක්සයි. ඒ වගේම ඕනම බලු වැඩක් කරලා මුකුත් නොවුන ගානට සුද්ද වෙන්නත් උන් දක්සයි. ලෝක සොබාවය කියල හිත හදාගන්න එකයි කරන්න පුලුවන් උපරිම දේ.

    ReplyDelete
  2. ම්....ඇත්තටම ඒ වගේ යාලුවො ගැන හිතලා දුක් වෙන්න එපා. ඒ වගේ අය අඳුන ගන්න ලැබුණු එකට සතුටු වෙන්න.

    ReplyDelete
  3. සිදුවීම කුමක් උනත් ඒකෙන් ප්‍රාර්ථනා යාළුවෝ ගැන හොද පාඩමක් ඉගෙන ගෙන වගේ.. දුක් වෙන්න එපා.. සතුටු වෙන්න.. හොද අය නරක අය අදුන ගන්න ලැබුනට..

    ReplyDelete
  4. හොඳ යාළුවෝ වගේම නරක යාලුවෝත් ඉන්නවා. ඒ නිසා ආශ්‍රය කරද්දි පොඩ්ඩක් පරිස්සම් උනොත් හොදයි. මොකද හොද එවුන් වගේ එන අය අන්තිමේදි බෙල්ලත් කපලයි යන්නේ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. @chandika- හ්ම්ම්.. ඔව් යාලුවේ.. තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න නම් ඒ හැමෝම ගොඩාක් දක්ෂයි.. මම යාළුවො ගැන හොඳටම දැන ගත්තා,. ගොඩාක් ස්තූතියි සහෝ දුක බෙදාගත්තට..

    @මලිති- ඔව් මලිති, ඒ වගේ කෙනෙක් ලඟම ඉදලත් අදුරගන්න ලැබුනේ පහු වෙලා. ඒත් දැන් හරි අදුරගත්ත එක ගැන මම සතුටු වෙනවා.

    ReplyDelete
  7. @දිනේශ් අයියා- ඔව් අයියා මම යාළුවෝ ගැන හොඳම පාඩමක් ඉගෙනගත්තා. අපි අවංක වුනාට වැඩක් නෑ වංක යාළුවෙක්ට. ඒත් වංක වෙන්න තරම් ගල් හිතක් මට නෑ. ඒ නිසා හොඳම වැඩේ ඒ අයව අදුනගෙන පාඩුවේ ඉන්න එක..

    @මදුරංග අයියා- ඔව් අයියා, හැමදාමත් මට වුනේ ඒ වගේ දේවල්. ඒත් මට තාමත් හිතා ගන්න බෑ කොහොමද ඇත්ත යාළුකම බොරුවෙන් වෙන් කරගන්නෙ කියල..

    ReplyDelete
  8. බස් පදින පාර්තනා ද මේ.........?

    ReplyDelete
  9. @සෝරෝ : යා යා බස් පදින ප්‍රාර්ථනා තමයි මේ ඇයි මොකටද සෝරොවෝ

    @ප්‍රාර්ථනා : මොකෝ කේෂ් එක

    ReplyDelete
  10. @සෝරෝ - හී හී ඔව් ඔව් මම තමයි

    @ශානු- අනේ මන්දා අක්කා, මට
    තේරෙන්නේ නෑ මේ යාළුවෝ ගැන. කමක් නෑ, හැටි දැනගත්තනේ.

    ReplyDelete
  11. ඔය වගේ මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඉන්නවා සහෝදරී.එහෙම අයව අදුරගන්න බැරි විදිහටම අපිව අන්දන්න ඒ අයට පුලුවන්.හොදම වැඩේ ඒ අයව තේරුම් කරගෙන ඒ අයගෙන් ඈත් වෙන එක.

    කොච්චර කලත් 100 % මිනිස්සුන්ව තේරුම ගන්න කාටවත්ම බෑ.තමන්ට හිතෙනවා නම් යාලුවා උනත් ඒ කෙනාගෙන් තමන්ට සුගතියක් නෑ කියලා හොදම වැඩේ තනියෙම ඉන්න එක.තමන් එක්ක ජීවිතකාලෙම ඉන්න යාලුවො දෙන්නෙක් අපිට ඉන්නවා.ඒ අය කවදාකවත් අපිට අහිතක් කරන්නේ නෑ.ඒ තමයි අපේ අම්මයි,තාත්තයි.

    කොහොමත් වෙන කවුරුවත් ඔහොම දෙයක් කලාට වඩා තමන්ගේ යාලුවෙක් ඔහොම දෙයක් කලාම ඒක දරාගන්න අමාරුයි.එහෙම වෙලාවට මම නම් කරන්නේ"ඔක්කොම වෙන්නේ හොදටයි" කියලා හිත හදාගන්න එක

    ALL IZZ well !

    ReplyDelete
  12. @පාල-ඒ දේ මම හොඳටම තේරුම් ගත්තා සහෝ.. ඇත්ත යාළුවෝ ඉන්නෙ ගොඩාක් ටික දෙනයි. අනිත් ඔක්කොම ඒ විදියට රඟපාන අය. ඒ වෙනස අදුරගත්ත නිසා මට ආයේ වරදින එකක් නෑ කියලා මම හිතනවා. ගොඩාක්ම ස්තූතියි සහෝ දුක බෙදාගත්තට .. ගොඩාක්ම ස්තූතියි

    ReplyDelete
  13. අපිට මිනිස්සු කාල බලල අදුන ගන්නද ප්‍රාර්ථන... ඔහොම තමයි....

    ReplyDelete
  14. සුභ පැතුම් . . .
    ඒත් ටික දවසක් යද්දි ඔයාටත් ඕක අමතකවේවි . අපි හැමෝම ජීවිතේදි අපිට ඉගෙනගන්න ලැබෙන පාඩම් හරි ඉක්මනින් අමතක කරනවනේ දරුවෝ . . .

    ReplyDelete
  15. ප්‍රාර්තනා අක්කේ මොකක්ද කේස් එක?

    ReplyDelete
  16. අත්දැකීමෙන් කියන්නේ.. ඇත්ත ජීවිතේදි කොහොම උනත් සයිබර් අවකා‍ශයේදි නම් මේ දේ අනන්තවත් වෙනවා.. පන දෙන්න වගේ ඉන්න මිනිස්සු‍ වෙනස් වෙනවා දකිනකොටත් පුදුමයි.. හොඳම වැඩේ තමයි තමන්ගේ පාඩුවේ එකෙක් හරි කමක් නැ හොද මිතුරන් ආශ්‍රය කරන එක..

    ReplyDelete
  17. @ පොඩි මෑන්- හ්ම්ම් ඔව්... හැටි දැනගෙන ජීවත් වුනාම ඉවරයි පොඩ්ඩෝ..

    @සුශාන් අයියා- වෙන්න පුළුවන් අයියා, මම මතක තියාගන්නෙත් නෑ ඒවා. කොහොම වුනත් ඒ මගේ යාළුවොනේ..

    @කිඩෝ මලයා- රහසක් රකින්න දන්නේ නැති යාළුවෝ ඉන්නවනේ මල්ලි, ඒ වගේ කෙනෙක් නිසා අවුලක් වුනා.

    @කනිශ්ක- හ්ම්ම්.. ඔව් සයිබර් අවකාශයේ විතරක් නෙවෙයි සහෝ කොහේ හිටියත් අපිට මිනිස්සු අඳුනගන්න බෑ..

    ReplyDelete
  18. http://hisahasa.blogspot.com/2010/12/blog-post_20.html

    ReplyDelete
  19. ස්තූතියි අයියා, ඇත්ත හැමෝටම මේ වගේ දේවල් වෙනවා, ඒත් අපි ඒක විඳ දරාගෙන නොසැලී ඉන්න එකයි වඩාත්ම වැදගත්, එහෙම නේද අයියේ..

    ReplyDelete
  20. යාළුවා කියන්නෙත් තවත් එක්තරා පුද්ගලයෙක්.හැම මනුස්සයටම පොදු ගුණාංග ඒ කෙනාටත් පිහිටලා තියෙනවා.ඔය අතරේ අසාමාන්‍ය යාළුවොත් ඉන්නවා.ඒ කියන්නේ අපි හරිම හොඳයි කියන වර්ගයට ඇතුළත් කරන අය.අපේ හැකියාව මත එහෙම අය තෝරා බේරාගෙන ආශ්‍රය කරන්න පුළුවන්...එහෙම කරන එක කොහොමවුනත් ඇඟට ගුණයි....
    හැබැයි මගේ පෞද්ගලික අදහස කියන්නේ හැම මනුස්ස‍යෙක්ටම එකිනෙකාගේ උදව් ඕනේ.ඒ හින්දා ඒ අය නිරායාසයෙන්ම යාළුවෝ බවට පත් වෙනවා.ඉතා හොඳ නම්‍යශීලී කෙනෙක් නම් හැම යාළුකමක්ම එක විදියට පවත්වාගෙන යන්න ඒ කෙනාට පුළුවන්.එහෙම පුද්ගලයන්ටතමා හිඟන්නගේ ඉඳලා ජනාධිපතිතුමාට යනකම් යාළුවෝ ඉන්නේ.....හැබැයි මේ නම්‍යශීලී පුද්ගලයට යාළුවෝ හින්දා දාගන්න වෙන තොප්පි ප්‍රමාණය නම් කියලා නිම කරන්න බෑ.(පෞද්ගලික අත්දැකීම් අනුව)

    ReplyDelete
  21. @මකුළුවා- ඇත්තටම කියනව නම් මටත් ඕකයි වුනේ මකුළු. හැම ජාතියකම, වයස් භේද නැතුව ගොඩක් යාළුවෝ ඉන්නවා මට. ඒත් ඒ හින්දම මගේ හිත රිදෙනවත් වැඩි. අපි හරිම හොඳයි කියලා හිතන යාළුවෙක් පස්සේ කාලෙක වෙනස් වෙනවා නම් ඒකට මොකක්ද කරන්නේ. ඒ වගේ දේකට නම් විසඳුමක් නෑ කියලයි මට හිතන්නෙ. හොඳම වැඩේ සමාව දීලා හැමදේම අමතක කරන එක. එහෙම වුනොත් යළුවා වරද හදාගනීවි, අපි කවුද කියන දේ තේරුම් ගනීවි.

    ReplyDelete
  22. නැහැ මට කියන්න ඕනෙ උනේ සඳරු කියනවා වගේ ඇයි අපි කාගෙහරි අතට පිහියක් දෙන්නෙ අපිටම අණින්න පුළුවං විදිහට...? කාටහරි කියන්නම ඕනෙනං ගිහිං කියන්න ගස් බෙනේකට

    ReplyDelete
  23. ගොඩාක් වෙලාවට අපිව අමාරුවේ වැටෙන්නේ අපි නිසාමයි. ඒක ඇත්ත. ඒත් සමහර ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ගස් බෙනයකට පුළුවන් වෙයිද

    ReplyDelete
  24. හ්ම්...ඔහොම යාලුවො නම් ඉතින් කාටත් වගේ වැහි වැහැලා.අපි කැමති විදියටම හැමදෙයක්ම සිද්ධ වෙන්න නෑ අක්කා..මට හිතෙන විදියට ඔයාටත් මට කාලෙකදි උනා වගේ දෙයක් වෙලා තියෙනෝ..අනිත් දවසේ තමන්ගෙ ප්‍රශ්නයක් කියන්න හොඳ යාලුවෙක් හොයනකොට හොඳට හිතල බලන්න..අත්දැකීම් වලින්නේ අපි හැමෝම ඉගෙන ගන්නේ...
    ආයෙත් ඔහොම දේවල් වෙන එකක් නෑ..
    හැමදාම සතුටින් ඉන්න උත්සහ කරන්න..
    :))))

    ReplyDelete
  25. අක්කා.... ඔයාත් මං වගෙමයි.. මත් ඔහොම දේවල් වලට පුදුම විදියට දුක් වෙනව... ආසමාන්‍ය විදියට... එහෙම ලියපු පෝස්ට් හිටන් තිබ්බ මගෙත්... ඔව් අක්කා ඒක ඇත්ත සමහර යළුවො වගේ පෙන්නුවට එයාල වෙස් මූණු දාගෙන ඉන්නෙ.. ගොඩක් අය රගපානවා...

    ReplyDelete

Back
to top