සොඳුරු සිත් එක් වුන සොඳුරු දවසක්

ඔන්න මම හරඹයක් පටන් ගන්නයි යන්නේ.. නැතුව නම් ඉතින් මේ හිතේ තියෙන දේවල් එලියට දාගන්න බෑ. :D 
2011.07. 02 මේ දවසෙ වටිනාකම මට නම් කියල නිම කරන්න බෑ. සුන්දරම දවසක් මේ තරම් ඉක්මනට ගෙවිලා ගිය එක ගැන නම් දුකයි. ඇත්තටම මොකක්ද මේ මම කියන දවස.. (නෑ නෑ ඔය හිතන ජාතියේ දවසක් නම් නෙවෙයි.හී හී ). පිස්සෝ සෙට් එකක් එකට එකතු වුනාම වෙන දේ හරියටම මම දැනගත්තේ ඊයේ. ;) :D


ගාල්ලේ බ්ලොග් ලියන අය එකතු කරගෙන පොඩි ජොලියක් දාන්න ඕනේ කියලා මුලින්ම අදහස දැම්මේ අපේ හිම හංසි නගයි බනී මලයයි. ඉතින් ඕක කිව්ව විතරයි අපේ කට්ටියටම ඉවසුම් නැති වුනා. කොහොම හරි වැඩි දවසක් යන්න කලින් සෙට් වෙන්නම ඕනේ කියල කියපු නිසා සඳුදා ආපු අදහස ක්‍රියාත්මක කරන්න ඒ සුමානෙම සෙනසුරාදා දවස ‍තෝරගත්තා අපේ කට්ටිය.. සුමානෙම නිදි නැතුව ඇඟිලි ගැන ගැන බලන් ඉදලා ඔන්න සෙට් වෙන දවස ආවා කියමුකෝ, මම නම් ඉතින් උදේ පාන්දර 6 ඉදන් නැගිටලා තමයි ලේස්ති වුනේ කට්ටියව බලන්න යන්න.. :D  උදේ 10.45 වෙනකොට මම කො‍ටුවේ හිම හංසි නගා එක්ක.  ඔරලෝසු කණුව ගාවට වෙලා හිම හංසියි මමයි කෑව කට්ට දන්නේ අපි විතරයි. ඔය එනව කිව්ව කවුරුවත් කලින් දැකලා තියෙන එකක්ය. දකින දකින එකාට ‍රැවටෙනවා බනී මලයා කියල. ඉතින් කොහොම කොහොම හරි 11.30 විතර වෙද්දි ජනරඟ, බනී, වත් අක්කා, ගයාන් මලයා, මම , හිම හංසි නගා කො‍ටු දොරකඩ ගාවට එකතු වුනා. වත් අක්කට නම් අර මොකක්දෝ නැවක් බලන්න ඕනෙය කියලා වරාය පැත්තට ගියානේ. 




ඉතින් අපිටත්  යන්න තැනකුත් තියෙන්න එපයි, ඒ නිසා කට්ටියම සෙට් වෙලා ගියා සමුද්‍ර කෞතුකාගාරේ බලන්න. (‍රැවුල වවාගෙන හිටපු බනී මලයා මෙතනදී ළමා ටිකට් ඉල්ලන්න ගිහින් ටිකක් විතර නෝන්ඩි වුනාලු ඉතින් ). ජනරඟට නම් ඇතුලට ගියපු වෙලාවේ ඉදන් හොඳට වැඩ තිබුනා,. කෞතුකාගාරේ පොඩි අකුරින් ලියලා තියෙන බෝර්ඩ් ඔක්කොම එයාගේ අදහස් වගේ හොඳට විස්තර කරලා අපිට කියලා දුන්නෙ ජනරඟ. ඔය අතරේ  කෞතුකාගාර දෙකක් පටලවාගත්ත, අපේ මග කියන්නගේ තිබුන පොඩි පොඩි අඩුපාඩු නිසා පාර වැරදුන,  පොඩි මෑනුයි කිඩෝයි අපිට එකතු වුනා.
ඔන්න ඊට පස්සේ පටන් ගත්තේ කට්ටියව හදුන්වාදීමේ වාරේ. කොහොම කොහොම හරි කට්ටිය ඇඹරි ඇඹරි  තමන් ගැන විස්තර කරා. 




ඔය අතරේ නැව බලාපු වත් අක්කයි ස්ටම්ප් පොලු වගයක් විතරක් උස්සගෙන බයිසිකලේකින් ආපු හස්නි මලයයි , කස් මලයයි කට්ටියට සෙට් වුනා.. ආපු වෙලාවේ ඉදන් බඩගිනියි බඩගිනියි කිය කියා ඉදපු හංසි නංගි ගැන හිතපු අපේ ගයාන් , කිඩෝ එක්ක ගිහින් ඔන්න හිමංසිට කෑම ගෙනාවා. ඔය අතරේ මෙන්න එනවා ප්‍රමුඛ මලයා අන්තිම මොහොතේ . 


ඉතින් කෑම කාලා බීම බෝතල් ටිකත් හිස් කරපු අපේ සෙට් එක ඊළගට හැරුනේ බීච් එක පැත්තට. බීච් එකට ගියපු අපේ කට්ටිය උඩ පනින්න ගිහින් පශ්චාත් බාගයත් බිම ඇන ගත්තලු. (දාපු ෆොටෝ එකක ඒක ටිකක් විතර පේන්නත් තියෙනවලු).


දවල්ට බත් කාලා විතරක් නිකන් ඉන්න බැරි අපේ කට්ටියට ඩෙස්ර්ට් එක විදියට අයිස් කිරිංඥඥං අරන් දෙන්න තරම් එක පිංවන්තියෙක්ගේ හිත උණු වුනාලුනේ.


ඉතින් ඕකත් කාලා උඩට නැගපු අපේ කට්ටිය ජීවිතේට නොඅහපු සම්භාව්‍ය ගණයේ සින්දු කියන්න පටන් ගත්තනේ. සින්දු කියන එකත් අහවර වෙලා ගෙදර යන්න ලෑස්ති වෙලා පාරට බහිනකොට අපි අතරේ හිටපු ඩෙසර්ට් නොකන කෙනෙක් අයිස් කිරිංඥඥමක් නොකෑවට මොනව හරි ඉල්ල ඉල්ලා අඬ හිටපු නිසා ඒක ගැන දුක හිතුන තවත් පිංවතෙක් අපිට ලොලිපොප් අරං දුන්නා. ඉතින් ඔය ලොලිපොප් එකත් න ගමන් කට්ටියත් එක්කම  ගෙවල් වල යන්න පිටත් වුනා.


ඔය විදියට තමයි ඉතින් මම අර කිව්ව සුන්දර දවස ගත වුනේ. පිස්සෝ කට්ටියක් එක්ක ගෙවුන පිස්සු දවසක් කියලා තමයි ඉතින් අන්තිමට කියන්න වෙන්නේ.

මම ඉතින් ඒ දවස මතක් වෙන්නත් එක්ක පොඩි වීඩියෝ එකකුත් හැදුවා. මේක මගේ ගානේ මගේ පිස්සු යාළුවන්ට.



CONVERSATION

25 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අයිස් ක්‍රිම් අරන් දීපු පින්වතියගේ නම් සොඳුරු සිතේ වත් ලු. වත් අක්කගේ හිතට අපි පින් දෙනවලු.

    යකඩෝ මේ කට්ටිය ගෙට්ටුවක් දාලා දැන් ඒක ගැන පෝස්ටුත් දානවා. අපට ඉරිශියාවේ බෑ. :(

    මාත් තනියම ගෙට්ටුවක් දානවා. !!!!

    ReplyDelete
  2. සිරා වීඩියෝ පොඩිත්ත.. සිරා සිංදුව... මාර ෆීලින්..
    තවත් දවසක එකතු වෙන්නට; පිස්සන්ට ජය..!!

    ReplyDelete
  3. අක්ක අර බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යන ෆොටෝ එකත් අන්තිමට වගේ දාල නෙහ්.. :P

    ReplyDelete
  4. @ මදුරන්ග අපි ආයෙ දවසක ට්‍රිප් එකක් යන්නයි හිතාගෙන ඉන්නෙ... උඹ තනියම දාන ගෙට්ටුවේ 4ටෝ ටික දාපන් අපිට බලන්න හොදේ... :D

    ReplyDelete
  5. @මධුරංග- හී හී.. ඔව් ඔව් වත් අක්කා තමයි. පින් නැතෑ සාගින්නේ පෙලෙන සාගතකාරයොන්ට කෑම අරන් දුන්නම..

    @ප්‍රමුඛ- ස්තූතියි මල්ලියා..
    කොල්ලා එක්ක යන එක නොදා කොහොමද අනේ. පව්නේ එයා...

    @පොඩි මෑන්- මොනවා කියන්නද මන්දා-හී හී...

    ReplyDelete
  6. මාරයි.. සිංදුව බලද්දි එන හැගීම් නම්.. කදුලු අවා මගේ ඇස්දෙකට.. සිරා..:)

    ReplyDelete
  7. @බනී- ස්තූතියි මල්ලියා. ඇත්තටම මම හරිම ආසයි ඊයෙ දවසට

    ReplyDelete
  8. පට්ටයි නියම සින්දුවක් තෝරගෙන තියෙන්නේ..... වීඩියෝ එකේ අන්තිමට තියෙන ෆොටෝ එකනං සිරා හි හි...

    ReplyDelete
  9. වීඩ්යෝ එකනම් උපරිමයි.. වත් අක්කා පින් අතේ වැඩකුත් කරගෙන තියෙන්නේ..

    ReplyDelete
  10. පට්ටයි ප්‍රාර්ථනා..ඇත්තටම වීඩියෝ එකනම් එළම එළකිරි..මාර හැගීම්බරයි..

    ReplyDelete
  11. @කිඩෝ මල්ලි- ස්තූතියි මල්ලියා, හී හී ඒකනේ මගේ අරයා ඉන්නවනේ ලගින්ම... හී හී...

    @දිනුක- හී හී, හුළං නෙවෙයි, ආයේ සෙට් වෙනකොට කියන්නම්කෝ..

    @දිනෙශ් - ඒකනේ පින් කියන්නේ ඒක එසේ මෙසේ පිනක් නෙවෙයි, සාගතෙ, හාමතේ පෙලිච්ච කට්ටියකටනේ කෑම අරන් දුන්නේ.

    @ජනරඟ- හී හී.. ස්තූතියි.

    ReplyDelete
  12. වීඩියෝ එකනම් බලන්න විදියක් නෑ. ඩේටා නෑ.:( පෝස්ට් එකනම් සිරා. වීඩියෝ එක හෙට බලන්නම්.

    ReplyDelete
  13. ස්තූතියි මල්ලි, වීඩියෝ එකත් බලන්නකෝ පුළුවන් වෙලාවක..

    ReplyDelete
  14. කට්ටිය මාරම ෆන් එකක් අරන්වගේ.....හික්ස්.....

    ReplyDelete
  15. අපොයි අපිත් ගාල්ලෙ තමයි හරිය :(

    ReplyDelete
  16. @මකුළුවා- හී හී... ගත්ත ෆන් එක නිසා දැන් හෙන පාළුයි කට්ටිය නැතුව.

    @අකූ- ඊලග සැරේ අයියත් සෙට් වෙන්නකො ඉතින්.. හී හී..

    @සුශාන්- ස්තූතියි අයියා

    ReplyDelete
  17. ආයි ආයි... මාත් ඉන්නවා.. :) :) :) :) වීඩියෝ එක පට්ට ඈ අක්කේ... :) :) ආයි සෙට් වෙමු හොඳේ.. :)

    ReplyDelete
  18. හී හී.. නොදා කොහොමද අනේ.. අපේ සුරතල් මල්ලිලා ටිකනේ ඔයාල. ස්තූතියි මල්ලියා.. අනිවාර්යෙන් ආයේ දවසක සෙට් වෙමු.. :D :D :D :D

    ReplyDelete
  19. වීඩියෝ එකනම් ෆට්ටයි අක්කි. නියමයි. මාරම ලස්සනයි.. ඇත්තටම ජීවිතයේ අමතක නොවන දවසක්..

    ReplyDelete
  20. ස්තූතියි මල්ලියා..ඇත්තමයි අමතක වෙන්නේ නම් නෑ ඒ ඇති වුන බැඳීම කවදාවත්ම

    ReplyDelete
  21. මේ සිංදුව බාගන්න ලින්ක් එකක් දාන්න.මේක මට හොයාගන්නම බෑනේ :'(

    ReplyDelete
  22. http://www.mediafire.com/?kobujrll2za
    මෙතනින් බාගන්න.. :D

    ReplyDelete

Back
to top