සිත සොරාගත් ඔබට



සුසුම් පවනක් නුඹේ
සීරුවට විත් හොරෙන්
හිතේ ඉඩ අයදීවි ,
සීතලයි මගේ සිතට,

සිරුරතර ගලා යන
රුහිරු ගංගා තුලින්,
ලියවේවි පෙම් කවක්
ඇවිලේවි මගේ සිතම,

නවාතැන්පලක් වී
ඔබ ඉන්න මා ලඟම,
මේ වසත් කාලයයි
පාළු ඇයි මගේ සිතට,.

මිලින වූ සිත් මලට
පිණි පොදක් ඉසින්නට,
වැස්ස වී වැටෙනු මැන
ආදරෙයි මා ඔබට..

CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ආදරය කියා ලොව
    කිසිත් නැත දෝණියේ
    නොහඬන්න ඉතින් නුඹ
    නොපවතින ආලයේ නමින්

    ReplyDelete
  2. අහ් පාටියක් සෙට් වෙන්නයි යන්නේ! :D

    ReplyDelete
  3. @නරක සමනලයා- හ්ම්ම්...

    @වත් අක්කා-
    ආදරය නැති බවට
    සිතිමි මම
    පෙර දිනේ
    එහෙත් සිත රිදුම් දෙයි
    ඔහුව සිහිවන වෙලේ,.

    @පූස- අනේ මොන පාටිද අනේ, නිකමට ලිව්ව කවියක්.. හී හී

    ReplyDelete
  4. වසත් කාලය වී එන්න
    විඩාබර මසිතට
    ආදරේ විණිවැස්ස වී වැටෙන්න
    වියළුන හිතට සැනසෙන්න...

    ReplyDelete
  5. "මේ වසත් කාලයයි
    පාළු ඇයි මගේ සිතට,."
    තුන් වෙනි කවියෙදිත් ප්‍රේමය දැනිල නෑ.ඒත් හතරවෙනි කවියෙදි ආදරේ පත්තු වෙනවා...මේක මේ මට තෙරුණේ නැද්ද? නැත්තං ගෑනු ගතියද?

    ReplyDelete
  6. @දිනේශ් - ස්තූතියි
    ආදරේ පිණි වැස්ස
    තෙමාලයි මා ගතම
    විඩාබර සිත් අහස
    වීය ප්‍රේමෙන් සසල

    @දිනුක අයියා- මෙහෙමනේ ආදරේ දැනෙද්දි පාළුවත් ඉබේම දැනෙනවා, තාම තමන්ගේ පෙම්වන්තයා ඇවිත් නෑ, ඒ නිසා පෙම්වතීට පාළුයි. ඒත් එයා එන බව පෙම්වතිය දන්නවා. ඒ නිසාවෙන්ම පෙම්වතිය තමාගේ පෙම්වතාට අඬගසනවා, ඒකයි අයියේ වෙන්නේ

    ReplyDelete
  7. වසත් කාලේ උනත් ජීවිතයක් පාලුවට යන එක නම් හොද නෑ.
    අර කිව්වත් වගේ අපට පාර්ටියක් සෙට් වෙන්නයි යන්නේ. නියමා.....යි !!!!

    ReplyDelete
  8. @මධුරංග අයියා- හී හී.. පාටියක්.. :P :D
    වසන්ත කාලේ වුනත් ජීවිතයක් පාළුවට යනවා ආදරේ නැත්නම්.. ඒ පාළුව මකන්න වැස්සක් වෙලා වැටෙන්න පුළුවන් ආදරවන්තයෙක්ටම විතරයි

    ReplyDelete
  9. ලස්සනයි ප්‍රාර්ථනා . අපූරු ගැලපුමක් . . . :)

    ReplyDelete
  10. පිනි වැස්ස ටිකෙන් ටික
    මහ වැස්සකට හැරී
    කුණාටුවකුත් සමග
    නොඑනු මැන හද මලට

    ReplyDelete
  11. @සුශාන් අයියා- ස්තූතියි අයියේ..

    @සරත් ලංකාප්‍රිය-
    කුණාටුව ලෙසින් වුව
    ඔහු පැමිණියොත් සිතට
    දරාගමි වේදනා
    ඔහු නමින් වසන් කොට

    ReplyDelete
  12. වැස්ස නුඹ වගේ
    හිත මලට අද හැලෙයි
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි
    සුළඟ නුඹ වගෙයි
    සිත් මල වටා ඇදෙයි
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි..
    (දිවුල්ගනේ)

    ReplyDelete
  13. @ලංකාප්‍රිය- ස්තූතියි මේ පැත්තේ හැමදාමත් ඇවිත් යනවට

    ReplyDelete

Back
to top