ආලය කිමැයි වටහා දෙනු මැන



සිතුමන් දහස් කවි පද සිත තුල තෙරපී
ඇවිටිලි කරනවා යන්නට සිතෙන් මිදී,
සිර කර තැබූවත් මගේ ලඟ හැඟුම් පොදී
නොදැනෙන ලෙසට නුඹ නෙතුපිය වසා හිඳී,.

නොසිතූ විලෙස හමූවී වෙන්වී ගියද
සිත බැඳුනේ මෙලෙසින් කෙලෙසක සබඳ,
හිස් බව ‍රැඳුනි පරයා හැම සිතුම් අද
කෙලෙසින් ගයන්නද ඔබ ගැන හදේ නඳ,.


CONVERSATION

17 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මට ගීයක පද පේලියක් මතක් උනා.

    "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියෝවක් නෑ"

    බැඳීම් කියලා කියන්නේ දුකක්. ඒත් මිනිස්සු ඒක දුකක් කියලා දැන දැනත් ඒ මත්තෙම වැටිලා දුක් විඳිනවා. මොනා කරන්නද අපි රහත් වෙලා යෑ. අපි පෘතග්ජන මිනිස්සු නේ !!!!

    ReplyDelete
  2. හ්ම්ම්.. ඔව්.. ඒත් ඒ වෙන්වීමේ වේදනාව දරාගන්න අමාරුයි. පෘතග්ජන මිනිස්සු නිසා වෙන්න ඇති..
    කිසිම හේතුවක් නැතිව ආදරය කරන කෙනෙක් වෙන් වුනාම දැනෙන දුක ගොඩාක්ම වැඩියි..

    ReplyDelete
  3. නියමයි අක්කි. නියමයි..

    ReplyDelete


  4. මිහිර අමිහිර
    එකට කැලැතා
    සිතේ හැගුමන්
    දහක් තෙරපා
    අමුණමි පදවැල්
    කඳුළු දවටා
    හිඳින තැන් සිට
    බලනු විමසා

    ReplyDelete
  5. වටහාගන්න බැරියෝ- ආලය

    ReplyDelete
  6. කෙලෙස ගයන්නද මේ ආදරේ ගීතය
    තනුව හිමි නුඹ නැතිනම් මගේ ලග
    පද වැල අමුනා සිරකර ගෙන හිත ඇතුල
    බලා හිදින්නම් නුඹ මා සොයා එන තුරුම..

    ReplyDelete
  7. @සුදු මල්ලි- ස්තූතියි මල්ලියා

    @සුශාන් අයියා-
    මිහිර පමණකි ඔබෙන් ලැබුවේ
    සතුට පමණකි ඔබගේ සෙවනේ
    ගතින් ඈතයි ඔබගේ සෙනෙහේ
    සිතින් විදිනෙමි පෙමක අරුමේ

    @නරක සමනලයා-
    නෑ පුළුවන්,ආදරේ දිහා අපි කෝණය වැරදියි, හිමි කරගන්නම විතරක් ආදරේ කරන එක ආත්මාර්ථකාමී හැඟීමක්. ඒත් ආදරේ පරාර්ථකාමී හැඟීමක්.හිතේ තියෙන පිවිතුරු ආදරේ කෙනෙකුට පිදීම විතරයි වැදගත්, ආයේ ලැබීමක් බලාපොරොත්තු වීම වැරදියි

    @දිනේශ්- තනුව හිමි නැති වුවත් මා හට
    හදෙහි ගැස්මෙන් ගයමි ආලය
    නොආවත් මා සොයාගෙන නුඹ
    දනිමි හදවත මගේ ලඟ බව,.

    ReplyDelete
  8. මටත් කාලයක් තිබ්බා ඔය වගේ විරහා වේදනාවෙන් විකාර ලියවුනු. ඕං ඒකාලේ මේවා දැක්කනම් මහා වර්ණනාවක් කොරන්ට තිබ්බා. ඒත් දැන් මේවා දැක්කාම නොදැක්කා වගේ යන එක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ :D

    ReplyDelete
  9. ලස්සනයි ලස්සනයි.... හදෙහි නද වදන් වලට පෙරලන්න

    ReplyDelete
  10. මේ විරහවම නෙවෙයි පූස් අයියේ.. විරහවත් ආදරයත් අතර මැද හැඟීමක්..

    ReplyDelete
  11. @විසිතුරු- ස්තූතියි, වදනින් කියන්න නොහැකි බොහෝ දේ කවියකින් කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  12. මේකි මටත් වඩා වැඩිමල් මට අයියේ කියලා බබා වෙන්න හදන්නේ නේද? :D

    ReplyDelete
  13. අඩේ දන්නේ කව්ද අප්පා.. පූසොන්ට උපන්දිනයක් මතක එකක්ය.. හී හී

    ReplyDelete
  14. ආදරය යනු
    ආදරයටත් එහා ගිය
    ආදරයකි...
    සිත්හි රජකරන
    නොමැකෙනා සිහිනයකි...
    නෙත්වසා බොදව යන
    අන්ධකාරයකි...
    කදුලු කැට අතරට
    හීන මුසුකරන

    ReplyDelete
  15. ලද දෙයෙහි නැත කිසිදු අගයක්
    අහිමි දේ අගයෙන් වැඩියි
    මේ මිනිස් සිත් වල හැටියි
    කඳුල තුල මුදු රසය දෙයි..

    ReplyDelete
  16. අහිමි නිසයි ඒ ගැන හිත තව තවත් වෙහෙසෙන්නේ. ලද දේ තමා ලඟ තියෙන නිසා කිසිම වටිනාකමක් නැති වෙලා යනවා. ස්තූතියි ලංකාප්‍රිය

    ReplyDelete

Back
to top