(නො)මැරුණ ඔබ



පෙර දිනක, 
මතක සොහොන් ගැබ
මිහිදන් කලෙමි ඔබ, 
ගැඹුරටම වන්නට,.
බර තබා සිර කලෙමි 
මා හැගුම්,.
සුල‍‍ඟේ පාව යන්නට ඉඩ නොදී,.
මලින් සැරසුවෙමි 
ඔබ සොහොන් ගැබ, 
මතක සුවඳට ඉඩ නොදී,.
නමුදු නුඹ සොහොන් ගැබ,                                
මගේ හද මඩල විය,
ඉතින් ඔබ හැමදාම 
අමරනීයයි හදට,..


CONVERSATION

10 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. කවුරුගැනද මේ කියන්නේ????

    ReplyDelete
  2. මතක සොහොන් ගැබේ මිහිදන් කරනවා කියන්නේ ඒයැයිව තමන්ගේ හිතේ සදාකාලිකව තියා ගත්තා කියලා නේ. ඒ කියන්නේ ඔයා මේ කවිය ලීවේ තමන්ගේ කෙනාටද? ඔන්න මම වැරදි නම් මාව ආහාරයට ගන්න එපා. මම කීවේ මට හිතුන දේ !!! :)

    ReplyDelete
  3. පට්ටයි නේ...
    කියන්න වචන නෑ අක්කේ..මාර ලස්සනයි
    :))
    ආදරේ කවදාවත් මැරෙන්නෙ නෑ නේ..

    ReplyDelete
  4. මතක සොහොන් ගෑබේ මිහිදන් කලාට මතක සෑමරුම් අමරණියයි අක්කියෝ.ලස්සනයි හුගාක් ඒත් මට කියවද්දි දුක හිතුනා

    ReplyDelete
  5. @කිඩෝ- අනේ කවුරුගැනවත් හිතලා නෙවෙයි, ඒත් අමතක කරන්න බැරි විදියට හිතේ ඇඳුන කෙනෙක්ට වෙන්නත් පුළුවන් මල්ලියෝ.. ;)

    @මධුරංග- හ්ම්ම්... ඔව් එයාව හිතේ තියාගන්නවා,හිත පතුලේ මිහිදන් කලත් මතකයන් නිසා ආයේ ආයේ ඒ කෙනාගේ භූතාත්මය හිත මතුපිට සැරිසරනවා කියල හිතුවත් වැරදි නෑ.. එයා මගේමයි කියලත් කියන්න බෑ, ඒත් ඒ මතකයන් අමරණීයයි..

    @ආගන්තුකයා- ස්තූතියි මල්ලි.. ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ. මරලා මිහිදන් කරන්න හැදුවත් ඒකත් කරන්න බෑ.

    @හිම හංසි-
    හ්ම්.. ස්තූතියි නංගෝ. දුක් වෙන්න එපා. අමතක කරන්න බැරි දේවල් හිත පතුලේ රැඳිලා තියෙනවා. කාලෙන් කාලෙට ඒ මතකයන් අළුත් වෙද්දි දැනෙන වේදනාව ඒ මතකයන් අමරණීය මතක සටහන් වලට පෙරලනවා. හරියට හම මතුපිටක ඇති වුන තුවාල කැලලක් වගෙ. තුවාලෙ හොඳ වුනත්, ඒ කැලල අපිට වුන තුවාලෙ ගැන නොමැකෙන මතකයක් එකතු කරනවා. හදවත තුවාල වුනාම ඒ තුවාලයේ කැලැල් වෙන්නේ අමතක නොවෙන මතකයන්.

    ReplyDelete
  6. මං කියව්වේ නැ.. රැට එළියට බහින්නෙ කොමද හොල්මං මතක් වෙද්දි :P

    ReplyDelete
  7. අපි ජීවිත කාලේ පුරාම කරන්නේ මේක නේද ? අපේ හදවතේ එක එක් කෙනා මිහිදන් කරලා සොහොන් කොත් හදනවා. ඒවාට යනවා ..

    ReplyDelete
  8. පද පෙළ නම් නියමයි...කොච්චර අමතක කරන්න හැදුවත් මතක අමතක කරන්නේ කොහොමද...සුන්දර වුවත් අසුන්දර වුවත් ඒ කෙනාට අපි ඇත්තටම ආදරේ නම්

    ReplyDelete
  9. @රත්ගමයා- ඒ මොකද ඒ..

    @බනී- හොල්මං ගැන කොහේද මේ කවියේ කියල තියෙන්නේ..

    @සරත් ලංකාප්‍රිය- හ්ම්ම්.. ඔව්.. ජීවිත කාලෙම කරත් ඒකේ අවසානයක් වෙන්නේ නෑ, සොහොන් කොත් ගණන වැඩි වෙනව මිසක අඩු වීමකුත් නෑ..

    @සීනී- ස්තූතියි,
    ඔව් ඇත්තටම ආදරේ කෙනෙක්ව අමතක කරන එක මැරුණ කෙනෙක් අමතක කරනවටත් වඩා අමාරුයි..

    ReplyDelete

Back
to top