තනිකඩ අහසට


වලාකුල් වියන යට
සැඟව ගිය අහස් ගඟ,
තනිකඩයි නුඹ තාම 
එලඹ ඇත නිශා යම,,
සඳවතිය නොමැත අද
නුඹෙ තනිය මකන්නට,
ගං දියට පෙම් වඩා 
ගොසිනි ඇය නොකියාම,.
සියොත් කැල කොහිද අද
නුඹ සවන් සනසවන,
නුදු‍ටු වන පෙත් සොයා
ගොසිනි උන් නොදොඩාම,.
නුඹ බලා හිදී නම්
මේ අහස් වියන යට,
තවම මා නුඹ ලගයි
පුංචි තරුවක් ලෙසට


CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හුගාක් ලස්සනයි අක්කේ.පුන්චි තරුවගෙ කතා අහන්න මම නම් ඉන්නව සිත් අහස ලගින්ම

    ReplyDelete
  2. ලස්සනයි ,ගොඩක්............

    ReplyDelete
  3. නුබ අරා රජයූ
    සඳු හිඳින විටෙක
    දැනේවිද වගක්වත්
    පුංචි තරුවකි මාද

    සඳ සැගව ගිය දිනෙක
    නුඹ තනිය මකන්නට
    දැවටෙනා සරණ මම
    නොවෙද නුඹ ලග හිඳින

    ReplyDelete
  4. මාරම ලස්සනයි..තව කියන්න දෙයක් නෑ..:))

    ReplyDelete
  5. සඳ නොමැති සද තරු ඇත ඔබේ තනියට !!!!
    සඳ ගැනම විතරක් හිතන්න එපා. තරු ගොඩා..ක් තියෙනවනේ. :)
    ලස්සන කවි පද ටික !!!!
    කොහෙද මෙච්චර කල් ගිහින් උන්නේ ?

    ReplyDelete
  6. @හිම හංසි- ස්තූතියි නංගා.

    @කුබුවි- ස්තූතියි, සිත් අහසට ආදරයෙන් පිළිගන්නවා.

    @සුශාන් අයියා- බැස ගියපු කලෙක සඳ
    සිහිවේවි තරුවේ හැඩ,
    එතෙක් මඟ බලා ඉමි
    බැස නොයා අහස් ගැබ,

    @ආගන්තුකයා- ස්තූතියි මල්ලි

    @මධුරංග - ස්තූතියි,
    සඳ නැති වුනාට තරු ගොඩාක් තියෙන බව හැමෝටම මතක් වෙන්නේ අමාවක දාටනේ. :P
    හ්ම්ම්... කොහෙවත් ගියේ නෑ, පොඩි විරාමයක් ගත්තා.. :)

    @නරක සමනලයා- හ්ම්...

    ReplyDelete
  7. හිතට දැනුණි ...නියමයි :) :)

    ReplyDelete
  8. බොහොම ලස්සනයි !

    ReplyDelete
  9. අක්කේ ඔයා සිතුවිලි පවුරේ මේ පොස්ට් එකම දාල තිබුනනේ? මම ඒක දැකල ඒකට ගියාම අර පිස්සු හාදය ඒකටත් කමෙන්ට් කරල තිබුනා.ඒකට බැනල මම කමෙන්ට් එකක් දැම්මම ඒක පෙන්නල නෑ..අර වගේ චාටර් කමෙන්ට් එකක් තියෙද්දි මම දාපු එකට මොකද දන්නෙ නෑ එහෙම කරේ.මට ඒ වෙලාවෙම හිතුනා ඕකට සිතුවිලි පවුරේ ඇඩ්මින්ගෙ account එකේ සම්බන්ධයක් ඇති කියල.කෙලින්ම චෝදනා කරනව නෙවෙයි.
    මම දාපු කමෙන්ට් 2ක්ම දැන් ඒකෙ නෑ.
    දැනගැනීම සඳහ විතරයි කිව්වෙ.මගෙන් වැරදි දෙයක් කියවුනා නම් සමාවෙන්න..

    ReplyDelete
  10. @කිඩෝ, චම්මා, චමත්- ස්තූතියි

    @ආගන්තුකයා- සිතුවිලි පවුරේ ඇඩ්මින්ගේ සම්භන්ධයක් නෑ මල්ලි මේකට, ඒක අයින් කරන්න ඇත්තේ වැරදීමකින්., ඊට කලින් දාලා තිබුන කමෙන්ට් එක දාලා තියෙන්නේ වෙනත් කෙනෙක්. ඒක පිළිබද ගැටළුව විසදිලා ඒ පුද්ගලයා හැමෝගෙන්ම සමාව අරන් තිබුනා.ඒත් ඒ වරද නම් අනුමත කරන්න බෑ. සමාව ගන්න ඔයාගෙන් වරද්දක් වෙලා නෑ මල්ලි. අතපසුවීමකින් ඒ කමෙන්ට් එකත් අයින් වෙන්න ඇති. හිත් රිදවාගැනීමක් කරන්න එපා.. දිගටම සිතුවිලි පවුර එක්ක රැඳිලා ඉන්න. ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  11. ඒ පුංචි තරුව
    අරං නුඹ දුර ගිහින්
    එලිය විතරයි උරුම
    තරුව තිබු අහස් කුසට

    ReplyDelete
  12. අහස් කුසට,
    එලිය පමණක් උරුම කොට
    නොයන්නෙමි කිසි දිනෙක,
    අහස් කුසෙන් බැස මම.

    ReplyDelete
  13. මට නම් ඔය තරු ලගට වෙලා ඉන්න බැහැ.. මං ඔන්නම් ෆොටෝ දෙක තුනක් අරන් දෙන්නම් :D :D
    මං කැමතිම අහසේ පොටෝ ගන්න.. :D

    ReplyDelete
  14. ඔහොම කිව්වට තරුවක් ලැබුන දාට බලමුකෝ ලඟට වෙලා ඉන්නෙ නැද්ද කියලා. අහසේ පොටෝ ගත්තට අහස ඔයාට අයිති නෑනේ.. :) :D

    ReplyDelete

Back
to top