මගේ අභිනික්මන



කම් සැප විඳී
ඇගේ විකාර රූ දැක,
අවජාතක පිලිකුළ 
ජාතක වන්නට කලියෙන්,..
උපන්ගෙහි මරා දමා රාගය,
කන්ථක අසු වෙනුවට
මට ලැබුන ප්‍රාඩෝ එක අරන්
කැළණි පාලමෙන් එගොඩ වී,
මම ගියා,..
විසි වසක් තුරුල්ලට වී නිදි වැදුන
මගේ දෙවෙනි මව් සොයාගෙන,.


CONVERSATION

19 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අභිනිෂ්ක්‍රමණයත් නව ලොවට ගැලපෙන ලෙස මොඩ් උන කල !!

    ReplyDelete
  2. අම්මෝ !!! සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ කවි සිතුවිල්ලක්. මම් අතේ ඇඟිලි අස්සෙන් තමා මේ කවිය කියෙව්වේ.
    කම් සැපක් උනත් විඳිනකොට මිහිරියි. නමුත් විඳවනකොට තමයි ඒකේ තියෙන භයානක කම තේරෙන්නේ.

    ReplyDelete
  3. අපි හැමොටම කවදා හරි ඉතිරි වෙන්නේ වැදු මව ව්තරයි කියලා අද කාලේ හොගක් දෙනෙකුට අමතක වේලා තිබේන මොහොතක මේ කව්ය තුලින් වත් එය මතකය නැව්ය හැකිනම් එයයි මේ කව්යේ නියම අර්තය මේ කව්ය කියවද්දි මා හට එය හොදින් දැනුනා

    ReplyDelete
  4. ම්ම්...තේරුන්නෑ වගේ.. :D

    ReplyDelete
  5. ඔක්කොම හරි එකක් හැර.. ප්‍රාඩෝ එකක්.. ඒකත් තිබ්බනම් වැඩේ සරි..
    මොනා උනත් ලස්සනයි අක්කි

    ReplyDelete
  6. නූතන අභිනිශ්ක්‍රමණය

    ReplyDelete
  7. //මම ගියා,..
    විසි වසක් තුරුල්ලට වී නිදි වැදුන
    මගේ දෙවෙනි මව් සොයාගෙන,.//

    හුඟ දෙනෙක්ට හිතන්න යමක් දුන් හිතට කාවැදුනු ලස්සන පද රිද්මයක් ,

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @චම්මා- හ්ම්ම් ... හ්ම්ම්...

    @රත්ගමයා- :P :D

    @මධුරංග- ස්තූතියි, කම් සැප විදිනකොට මිහිරි වුනත් ඒකේ අසුන්දරභාවය ඇති කරන්නේ පිළිකුලක්..

    @වෙලාව ලඟයි- සිත් අහසට ඔබව සාදරයෙන් පිළිගන්නවා,
    මේකේ දෙවෙනි මවු කියන්නේ වැදූ මව නෙවෙයි සහෝ, දෙවෙනි මවු ලෙස සලකන්නේ තමන්ගේ බිරිඳ..

    @ආගන්තුකයා- පොඩි ලමයින්ට ඔව්වා ඕනේ නෑ..

    @යසයා- ස්තූතියි මල්ලියෝ..

    @මකුළුවා- :) ස්තූතියි

    @මහේෂ් නිශාන්ත- ස්තූතියි, සිත් අහසට ඔබව සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  10. ලස්සනට වචන පෙලිටික ගලපලා තියනවා..
    ඔයා මගේ පැත්තට නිතරම ආවට, අදමයි මම මුලින්ම මේ පැත්තට අවේ. දැන් ඉස්සරහට දිගටම එනවා...

    ReplyDelete
  11. ම්ම්ම්ම්ම්ම්ම්ම්....මටත් මේක ටිකක් බර වැඩිද මංදා.....තේරුනු විදියටනම්...හොද නිර්මාණයක් අක්කා...:)

    ReplyDelete
  12. මුලින් නම් තේරුනේ නෑ ටිකක් කල්පනා කරල තමයි තේරුම හිතාගත්තෙ.

    ReplyDelete
  13. මම අභිනික්මනට හිත
    හදාගෙන
    තදකරන් ඒ අදිටන
    හැරී බැලූකල
    දුටුවෙමි
    දැනටමත් මා
    අභිනික්මන් කර ඇති වග...

    ලස්සනයි යාළුවා

    ReplyDelete
  14. @ADK- ස්තූතියි, සාදරයෙන් පිළිගන්නවා සිත් අහසට,

    @හිතුවක්කාරි- ස්තූතියි නංගා, හ්ම්ම්.. හිතුවොත් තේරුම් ගන්න අමාරු නෑ නංගා..

    @හිමා- හී හී..

    @ජනරඟ- ස්තුතියි යාළු.. :)

    ReplyDelete
  15. පට්ටයි ප්‍රාර්ථනා.සාමාන්‍යයෙන් වෙන්නෙනම් ඕකෙ අනිත් පැත්ත හැබැයි.ප්‍රාඩෝ එකත් අරං අභිනිශ්ක්‍රමණය කරනවා කොහේ හරි ගුබ්බෑයමකට.....

    ReplyDelete
  16. ස්තූතියි අයියා.. හ්ම්,,, ඔව් ඒත් අන්තිමේ ඇත්ත තේරුණ දවසක ගුබ්බෑයම් ඔක්කොම පැත්තකට දාලා හැමෝම යන්නේ තමන් හදාගත්ත ආදරය කරුණාව ඉතිරෙන පුංචි පැල්පතට,

    ReplyDelete
  17. පද ටික වගේම අර්තෙත් මාරයි අක්කා....

    ReplyDelete

Back
to top