අවසරද සමුගන්නට



සිතුවමින් අඳිනෙමි
යලි යලිත් ඔබෙ රුව
මකා දමනට සිතමි
කැන්වසය යලි මම
තෙලි තුඬඟ තැවරුන
නුඹේ පෙම් පැහැයට
මුසු වුනා රුහිරු බිඳු
නෙතු මගේ බොඳ කර,.
එනමුදු,..
බොඳ නොවෙයි සිතුවම
මතුව එයි නුඹෙ රුව,.
නොපෙනෙනා ලෙස ඔබ
මකමි මගේ පණ නල,
ගිලිහෙනා දසුනට
නෙතු මගේ පේ කොට,
දියව යන නුඹෙ රුව 
දැකගතිමි අවසන,.


ඉතින් අවසරයි මට ඒ මතක ගෙන නික්ම යන්නට 

CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. කෙලෙසක නික්ම යන්නද නුඹ..
    මතකය රැගෙන..
    සිහිවනු නිබද ඔබේ මතකය ද..
    හැරයනු කෙලෙස..
    මතකයන් රැගෙන..
    නික්මෙනු කෙලෙස ඔබ...

    ReplyDelete
  2. හුම් දැන් අවසරයි :D

    ReplyDelete
  3. ආදරයේ විරහව ගැන කියනවා තමයි... එත් මට නම් මෙකෙ බොලඳත්වය ඉස්මතු වෙනවා වැඩියි වගෙයි... (මට හිතුනු දෙයි කිව්වෙ. කොහොම වුනත් අදරයත් බොලඳයිනෙ.. :)

    …බ්ඳුනු හදවත් වල පොදු කතාන්දරය ලස්සනට ගෙත්තම් කරලා.......:)

    ReplyDelete
  4. නියමයි නියමයි .....සුබපැතුම්

    ReplyDelete
  5. නික්මෙනවාට වඩා මතකයන් සමග ජීවත් වීම සුන්දරයි..
    හැමදාමත් වගේ ලස්සනයි!

    ReplyDelete
  6. කැන්වස් එක කොච්චර මැකුවත් එයාගේ රුව ඇඳෙනවනම් මකලා වැඩක් තියේ යෑ.

    ReplyDelete
  7. මතකය කියන්නෙත් සිතුවමක්ම තමයි කියලා මට නම් හිතෙන්නේ . අපි අකමැති වුණත් සමහර සිතුවම් හිත කියන කැන්වසයෙ තදින් සිතුවම් වෙලා . සමහර විට ඒවා ප්‍රදර්ශණය වෙන්නේ නම් අපිට ඒවා අවශ්‍ය වෙලාවල් වලට නෙමෙයි වෙන්න පුළුවන් . මොකද සමහර සිතුවම් අපි කොයිතරම් සගවන්න හැදුවත් ඒවම හරි ඉක්මනට අපේ ඉස්සරහට වෙලා අපිටම හිනාවෙනවා . කොහොමින් කොහොම වුණත් අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මතකය අපි යන යන හැම ගමනකදිම අපිත් එක්කම එල්ලගෙන යන්න වෙනවා . එල්ලගෙන නොගියත් නොදැනම එල්ලිලා එනවා .

    ReplyDelete
  8. නික්ම යන්න හිතුනට එහෙම කරන්න එපා...විරහව සහ ප්‍රේමය කියන්නේ නිර්මාණ බහුතරයකට මුල්වුන බරපතළ ගණයේ හැඟීම සමුහයක්..ප්‍රේමයේ සුන්දර බව තරමටම විරහවේ කටුක බවත් තියෙනවනේ.
    ජීවිතය ජිවත් කරවන්න.ඔබ වෙනුවෙන් බල සිටින්නන් කොහේ හෝ ඉදිවී....

    ReplyDelete
  9. හ්ම්...මගේ හිතට දැනුන ලස්සනම පද පෙළක්.....ආදරේ කලාට දුක් වින්දට කොහොම නම් අමතක කරන්නද වින්ද ඒ ආදරය

    ReplyDelete
  10. මතකය සැබවින්ම
    සිත්තමකි හද ඇඳුන
    බොඳවයයි කල් යද්දී
    එත් සටහන තිබේ
    ඇඳුනු තැන සිතුවමේ

    ReplyDelete
  11. @ආගන්තුකයා- මතකයන් රැගෙන නික්ම යමි මම,
    නුඹේ නෙත් මානයෙන් නොපෙනෙනා දුරකට,

    @කිඩෝ- එහෙනම් ඔන්න මම යනවා.. හොඳේ..

    @නාලක- හ්ම්ම්.. ඔව් ටිකක් විතර බොලඳ බව වැඩ්යි තමයි. ආදරවන්තියකගේ හදවතේ තෙරපෙන හැඟීමක් වචන වලට පෙරලන්නයි උත්සාහ කරේ මම.
    බොහොමත්ම ස්තූතියි , සිත් අහසට සාදරයෙන් පිළිගන්නවා.

    @සංජය- ස්තූතියි සහෝ..

    @යසයා- මතකයන් සමඟ ජීවත් වීම සුන්දරයි, ඒත් වේදනාකාරියි මල්ලියෝ. ස්තූතියි.

    @මධුරංග අයියා- හ්ම්ම් ඒකනේ අන්තිමේ කියන්නේ රූපේ හිතේ ඇඳගෙන පණ් නළ මකා ගන්නවා කියලා.. :)

    @සුශාන් අයියා- මතකය කියන සිතුවමේ කටු සටහන් පවා ගැඹුරුම විදියට අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. මකන්න හදන්න හදන්න ඒ රූප මතු වෙලා ගෙනෙන වේදනාව වැඩ්යි. ඒ වගේම මතකයත් අමතක කරන්න උත්සාහ කරනකොට ගෙනෙන වේදනාව වැඩියි.

    @ආගන්තුකයා- ප්‍රේමය තරම් සුන්දර දෙයක් මේ ලෝකේ තවත් බිහි වෙලා නෑ. විරහව හා ප්‍රේමය එකම කාසියක දෙපැත්ත වගේ. ආදරය කරන කෙනෙක්ට විරහව කියන්නෙත් නුහුරු හැඟීමක් නෙවෙයි. ස්තූතියි මල්ලියා.

    @සි. නි.- හ්ම්ම් .. අමතක කරන්න හැදුවත් අමතක කරන්න අමාරුයි. ස්තූතියි.. :)

    @සරත් ලංකාප්‍රිය- තෙලිතුඩඟ රේඛා
    නොමැකේවී කිසිදා,
    මතකයත් සැමදා,
    නොම යාවි මා හැරදා..

    ReplyDelete
  12. හරි ඔන්න අවසර දුන්න... දැන් ඉතින් ගියානම්... යනවා කිව්වට යන්නේ නෑ කියල මම දන්නවා.. හිකි හිකි...

    ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
  13. @ADK- හී හී... ඔව් ඔව් බ්ලොග් එක දාලා නම් කොහේවත් යන්නේ නෑ..

    ස්තූතියි යාළු..

    ReplyDelete

Back
to top