මහ වෙදනා



පිරුවට බැඳන් ඉනවට ‍රැලි වැල තියලා
දු‍ටු විට දා, බෝ ද ,පිළිමය වැඳ වැටිලා,
කිසිවිට පොහෝ දිනෙකට සිල් නොම හරිනා
පිලිවත රකින ඔහු අපේ ගම මහ වෙදනා,.


අත්ගුණයත් හොඳයි හැම හට සෙත දෙන්නා
සිත් සතොසින් සැවොම ඔහු හට සලකන්නා,
නෙක් විද රෝග දුරු කරමින් සෙත දෙන්නා
එක් විට විවිධ රෝ බිය සැම දුරුවෙන්නා,.


තනිවම ගෙවන දිවියකි ඔහු හට ඇත්තේ
නිරතුරු සිනාවකි දත් නැති මුව ‍රැඳුනේ,
‍රැක්මෙන දෙවියන්ගේ ඔහු පණ නල ‍රැකුනේ
දැක්මෙන් ඔහුව සිත් මල විකසිත වන්නේ,.


කිසිවිට නොමැත මුදලින් ඔහු දිවි ‍රැකුවේ
දිලිදුන් ,ධනවතුන් සැම එක ලෙස සිතුවේ,
මිනිසත් බවින් මනුසතුනගේ මන පිරුවේ
ඔහුටයි සැමදෙනා තුති මල් සැම පිදුවේ,.





CONVERSATION

9 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගමේ වෙද හාමිනේ ගැන මේද මේ ලියලා තියෙන්නේ ? පන්සල් ගිහින් බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ජීවත්වෙන කෙනෙක් වගේ. ඒවගේ මිනිස්සු අද ගොඩක්ම දුර්ලභයි.

    ලස්සන කවි සංකල්පනාවක් !!!! මම් දෙපාරක්ම කියෙව්වා.

    ReplyDelete
  2. දැහැමෙන් සෙමෙන් සෙසු දන හට සෙත සදන
    මෙවැනි ඉසිවරුන් අප අතරේ සිටින
    බව ඇසුමෙන් සිත් තුල සතුට ඇතිවෙන
    එබැවින් තුති පුදමි ඔබහට මෙම කවෙන

    ReplyDelete
  3. ටිකක් විතර වෙනස් කවි සෙට් එකක්... හරි ලස්සනයි...

    ReplyDelete
  4. අන්න නියම වෙදෙක්.

    ReplyDelete
  5. @මධුරංග අයියා- ඔව් අයියා ඒ වගේ අය අද කාලේ ගොඩාක් දුර්ලභයි තමයි. ඒත් ඒ වගේ මිනිස්සු කළුගල් අතරේ මැනික් වගෙයි..

    @රත්ගමයා- ස්තූතියි මල්ලි

    @සරත් ලංකාප්‍රිය-
    බොහෝමත්ම ස්තූතියි.
    මෙහෙම අය ගැන අහලා මිසක් මේ වගේ කෙනෙක් ආශ්‍රය කරන්න තරම පිනක් නම් මම ලබලා නෑ

    @කොලුවා- ස්තූතියි. :)

    @සිතුවම්- හ්ම්ම්.. මේ වගේ වෙදෙක් හොයාගන්න නම් මේ කොන්ක්‍රීට් වනන්තරෙන් නම් බෑ..හිටියත් බොහොම කලාතුරකින් තමයි..

    ReplyDelete
  6. ඇහ් ඇත්තටම ඇයි එකපාර වෙදා මතක්වුනේ....

    "දැක්මෙන් ඔහුව සිත් මල විකසිත වන්නේ"
    හි හි මට මුල්පාර සිත් කෑල්ල මිස්වුනා...

    ReplyDelete
  7. එහෙව් අය දැන් හිටියොත් තමා පුදුම...දැන් ලොකේම සල්ලි පස්සෙම නේ..

    ReplyDelete
  8. @කිඩෝ- නිකන් මල්ලියෝ.. :)

    @නිම්ශා- හ්ම්ම්.. ඉන්නවා, ගොඩාක්ම සුළු ප්‍රමානයක්..

    ReplyDelete

Back
to top