෴රස්තියාදුකාරයගේ ආදරය෴



මේ නුවර නෙක මං මාවත් වල
සැරි සැරුවෙමි මම
දු‍ටුවෙමි නේක විද කුසුමියන්
පහස වින්දෙමි අභිසරු ලියන්
නමුදු නුඹ...
නොපිපුන කැකුලියකි
මගේ රලු දෝතට,..
හිරු රශ්මිය නොදැනි මා ගත
නුඹෙ ඔය එක් බැල්මකින්
දියවී වැගිරෙන අන්දම,
දනී නම් නුඹ..
නුඹෙ ලගට ඇවිදින්
දුහුවිලි වැදුන දෙතොලින්,
සිපගන්නට ඇත්නම්
ඔය සියුමැලි දෙතොල,.
මීවිතෙක රස බැලු
රතු වූ දෙනෙත් වලින්,
නුඹෙ ඔය නීල නෙත් තුල
ගිලෙන්නට ඇත්නම්,.
ඒත් මම......



CONVERSATION

15 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. onna mama awoo kalekata passe...ochchara bara wachana dala kavi liyanna danne nathooo..
    ela kaviya

    ReplyDelete
  2. අභිසරු ලියන්ට බැනලා වැඩක් නෑ නංගි. එහෙම කට්ටිය බිහි වෙන්නේ කාගේ හැරි වැරද්දකින්. එක්කෝ එයාගේ පෙම්වතා නිසා. එහෙමත් නැත්නම් වෙන කෙනෙක් නිසා. මොකද කවුරුත් කැමති නෑනේ තමන්ගේ ආත්මය විකුනලා ජීවත් වෙන්න.

    ඔන්න මම් කිව්වේ මට හිතුන දේ. ඒත් එක්කම අමරසිරි පීරිස් මහත්තයාගේ ගීයක් මතක් උනා.

    "ලදුනේ ලදුනේ......"

    ReplyDelete
  3. කවිය නම් එළ...මදුරංග අයියා කිව්වා වගේ එකපාරටම ඔළුවට ආවේ ළදුනේ ගීතය :)

    ReplyDelete
  4. දෙතොල රස බලන්නේ කෝමෙයි....තොල් බත් එක්ක කනවද?

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්ම්.... ලස්සනයි..!!! මටත් ඔළුවට ආවෙ එකසැරේටම...
    ලඳුනේ සින්දුව :)

    ReplyDelete
  6. මට හිතුනෙනම් වෙන දෙයක්.අභිසරු ලියන් ළඟ නැති දෙයක් තියෙන කෙල්ලෙක් ගැන රස්තියාදුකාරයා ප්‍රේමයෙන්.රාගය සහ ප්‍රේමය දෙකක්ය කියලා ව්‍යංගයෙන් කියලා තියෙන විදිහ අපූරුයි.

    ReplyDelete
  7. අභිසාරිකාවන්ගේ
    උන්මාද නෙත් අතරේ
    අයාලේ ගිය ජීවිතේ
    ඔබෙනි පල දැරුවේ !
    කියල කියන්න හැකිවෙයිද ?

    ReplyDelete
  8. @දිලීප- ස්තූතියි මල්ලියා, කාලෙකට පස්සෙ වුනත් ආදරෙන් පිළිගන්නවා..

    @මධුරංග අයියා- ස්තූතියි අයියේ, ඒත් මෙතනදි කියවෙන්නේ අභ්හිසරු ලියන් ගැන නෙවෙයි. රස්තියාදුකාරයෙක් නොඉඳුල් ගැහැණු ළමයෙක්ට ප්‍රථම වතාවට ඇති වෙන ආදරයක් ගැනයි..

    @පූසා- ස්තූතියි

    @චම්මා- ස්තූතියි

    @රත්ගමයා- හපෝයි... කුප්ප කථාවක්මයි කියන්නේ..

    @හිතුවක්කාරී- ස්තූතියි නංගා

    @දිනුක අයියා- ඇත්තටම අයියේ ඒක තමයි මට කියන්න ඕනෙ වුනේ. රස්තියාදුකාරයට ප්‍රථම වතාවට අවංක ප්‍රේමයක් ඇති වෙලා, ඒත් ඒ ආදරේ කියාගන්න බැරුව දුක් විඳිනවා. නොපිපුන කැකුළියක් විදියටයි ඔහු ඒ ගැහැණු ළමයාව සලකන්නේ.
    ස්තූතියි අයියා,

    @සරත් ලංකාප්‍රිය- හ්ම්ම් ඔව්,
    ඒත් අයාලෙ ගිය ජීවිතෙ සාර්ථක වීමේ ඵල නෙලාගන්න තරම් නම් මේ ආදරවන්තයා වාසනාවන්ත නෑ

    ReplyDelete
  9. ලස්සනයි පද ටික ....අයාලේ ගිය ජීවිතේට පණ දෙන්න පුළුවන් කෙල්ලෙක් ළඟ හිත නැවතිලා නේද....

    ReplyDelete
  10. @සි,නි- ස්තූතියි. අයාලේ ගිය ඔහුගේ හිත නිවන පුංචි කුමාරිකාවක් ඔහුට හමු වෙලා.. :)

    ReplyDelete
  11. http://mamaiarui.blogspot.com/2011/08/blog-post_1133.html මෙහෙම එකෙක්ද ඕක කියල තියෙන්නෙ දැන් එතකොට... අදහස වචන ගැලපුම ඔක්කොම නියමයි.. ඒත් මේවගේ එකක් දකින කොට තව සෙරට ලියවෙන්න ඕනෙ කියලම මට හිතෙන්නෙ ඇයි ??

    ReplyDelete
  12. ස්තූතියි පොඩ්ඩෝ... :)

    ReplyDelete
  13. @සිතඹර- ස්තූතියි යාළු

    ReplyDelete

Back
to top