සරසවි පෙම්වත



දෙසුම් හල තුල දැනෙයි පාලුව
දනිමි නුඹ මා හට අහිමි බව,
සමුගැනීමට මොහොතකට පෙර
සිතෙහි රදවා ගනිමි ඔබෙ රුව,.

නුඹෙ වන්නට නොහැකි මා හට
සොඳුරු මතකය පමනි ඔබ ගැන,
යලිත් දිනයක ගං තෙරට වැද
අපේ මතකය අලුත් කල මැන,.

මතක මං පෙත සහස් කවි පද
නුඹ නමින් තව පබැදෙමින් ඇත,
නමුදු පෙම්වත ඔබේ ස්නේහය
සමකරන්නට කිසිත් මෙහි නැත,.


CONVERSATION

8 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේ අය ලෙක්චර් හෝල් වලට ගිහින් ලෙක්චර් අහගෙන ඉන්නාවාට අමතරව කවිත් ලියනවනේ. හොදා හොදා බහුකාර්ය ව්‍යාපෘති !!!!

    කවි ටික කියවපු එකේ මගේ අදහසුත් කියන්නම් එපැයි. ඔන්න එහෙනම්. අපි හිතමු අපි කෙනෙක්ට එක හිතින්ම ආදරේ කරනවා කියලා. එයා තමයි තමන්ගේ ජීවිතේ කියලා හිතනවා කියමු. ඔහොම ආදරේ කරනකොට ඒ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක දුකක් !!!! මම් පිලිගන්නවා. නමුත් නොහිතින් හරි එහෙම වෙන්න උනා කියලා හිතමු.

    ඊට පස්සෙත් අපි කාටහරි ආදරේ කරනවා කියලා හිතමු. එහෙම කරන්න එපැයි. මොකද මිනිස්සු කියන්නේ ආදරේට සංවේදි ජාතියක් නේ. නමුත් අර කලින් එක්කෙනාට කරපු ආදරේම දෙවෙනි එක්කෙනාට කරන්න පුලුවන්ද ? මටනම් බෑ. ඒ ආදරේම ආයෙත් අර දෙවෙනියාට යාලුවෙච්ච එක්කෙනාට කරන්නම බෑ. උත්සහ කරනවා.

    ඔන්න මම් කිව්වේ මට හිතිච්ච දේ. මේ කවි ටික සිතුවිල්ලක්ම වේවා !!!! ලස්සන සිතුවිලි සමුදායක් !!!!

    ප.ලි. - ලිපි මිස් වෙන එක වලක්වාගන්න මම් මගේ රීඩර් එකට ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කරගත්තා. :)

    ReplyDelete
  2. කමෙන්ට් එකක් දන්න හිතුව හිතුව... ඒත් නෝ කමෙන්ට්...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ආදරේ ගැන හුගාක් සංවේදීව හිතන මට මේක හුගාක් දැනුනා...ලස්සනට ලියල තියනවනෙ...
    ආදරේදි හිමි වීමට වඩා අහිමි වීම් වැඩියි කියල මං හිතන්නෙ...

    ReplyDelete
  4. ඇත්ත...
    ඔබේ ස්නේහය සම කරන්නට මෙහේ කිසිවෙක් නැත...
    මධුරංග එක්ක මමත් එකඟ වෙනවා...

    දේව්දාස්

    ReplyDelete
  5. මගේ කතවත් මන් ලියන්නම් කෙටියෙන්ම... මගෙ අදරෙ හම්බුනෙ මට ජංජාලයෙන්. අපි ටික කලයක්‌ කතා බහ කරල පස්‌සෙ උපාධිය කරන්න පන්ති ගියහම මට එය වද කරන තැන ඉහල නිලදාරියෙක්‌ ඇයට යොජනවක්‌ ගෙනවා කිව්වා. එදා තමා උපාධියත් නැවතුන දවස එස්‌.බි ලියාපදිංචිය නැවත්වපු නිසා. එදා මගෙ හිතෙ තිබුන ආදරේ ඇයට කිව්වා, සති දෙකකට පසු නැවත ඇය හමුවි ඒ ආදරය සැබැ ආදරයක්‌ බව ඇයට තේරුම් කර දි අපේ ආදරේ අපි පටන් ගට්‌ටා.. කාලයක්‌ අදරෙ ගලා යන කොට මට බැංකුවක රැකියාව ලැබුනා ව්‍යාපාර සන්වර්දන නිලදාරියෙකු ලෙස. ඒ අතරතුර කෙල්ලත් ලංකා බැංකුවේ වැද කරා මාස හයක පුහුනු කාලයකට, ඒ අතර තුර මා දන්නා වෙනත් පොඋද්ගලික බැංකුවකට දා ගන්න මන් වැද කරා. එය සර්තක උනා.. හැබැයි ඇය දැනුවත්ම තමා මන් මේ සියලු දේ කරේ. මන් එ ආදරය වෙනුවෙන් ගොදාක්‌ කැප කිරිම් කරා.. නමුත් අද ඇය මට කියනවා මන් ඒ උදවු කරේ යටි අරමුනක්‌ අතිව කියලා.. තුන් වරක්‌ අපගේ සම්බන්දය ඇයගේ ගෙදරට මාට්‌ටු උනා.. දෙපාරක්‌ මගෙම උත්සහයෙන් සම්බන්දය පවත්වා ගන්න කටයුතු හදාගත්තා.. නමුත් මේවර ඒය කරගැනිමට අපහසු උනා.. මන් නොකල දෙයක්‌ නැ.. දැන් කියනවා ඒය මට කැමති නැ කියලා.. ඔලුව පිස්‌සුයි වගේ දැන් නම්.. මොකක්‌ද කරන්න ඕනේ කියල හිතාගන්න බැ මට. මගේ විබාගය අත ලංගටම අවිත් තියෙන්නේ.. එයා මට දැන් රිදවනවා.. ජංගමය විසන්දි කරනවා.. මන් ඒයා වෙනුවෙන් ඒ ආදරේ වෙනුවෙන් ගොදාක්‌ කැපකිරිම් කරා.. න්මුත් අද මන් දුකින් ඉන්නේ.. මේ හැම දෙම ඒ ආදරය වෙනුවෙන් කරලා.. කෙලගෙ අම්මත් එක්‌කත් මන් කතා කරා.. හොන්දින් ඉගෙන ගෙන ඉන්න කිවා අපිට.. නමුත් ඇය මන් වැරදි කියලා මාව අතහරින්න හදන්නේ.. මන් ඇහුව්වට වැරැද්ද කියන්නෙත් නැ.. කුමන හෝ වැරැද්දක්‌ ඇත් නම් එය නිවැරිදි කරගෙන ආදරේ කරන්න පුලුවන් නේ.. නමුත් ඇය එය පිලිගන්නෙම නැහැ..මට වෙන කෙනෙක්‌ හොයගන්නලු.. එයාට නිදහසේ ඉන්න දෙන්නලු.. මන් මොකක්‌ද මේකට කරන්නේ..?? මන් මොකක්‌ද දැන් කරන්න ඕනේ..? ඇයව නැවත පෙර තත්වයටම ගන්න මොනවද කරන්න ඕනේ...? නමුත් මගේ ලංග එයට උන වැරැද්දක්‌ නැහැ.. වැරැද්දක්‌ ඇත්නම් මන් නිවැරිදි කරගන්න ලැස්‌තියි.. අදටත් මන් එයා ගැන හොයලා බලනවා.. මන් ගතයුතු තිරනය කුමක්‌ද කියන්න..? මට ඕනේ මේ ප්‍රස්‌නේ විසදගන්න... මට තේරෙන්නේ නැ ආදරේ කරලා ඇයි මොකක්‌ හරි උනාම මෙහෙම කෙල්ලො කරන්නෙ කියලා..

    ReplyDelete
  6. @මධුරංග අයියා- හ්ම්ම් හ්ම්ම්... ඇයි නරකද වැඩේ.. හෙ හෙ.. මේක නම් ඇත්තටම කැම්පස් එකේ ඉද්දි ලියවුන එකක් තමයි අයියා. ඇත්තටම සරසවියේ ආදරේ හරිම සුන්දරයි. ඒත් ගොඩාක් වෙලාවට ඒ ආදරේ අවුරුදු 4ට විතරක් සීමා වෙනවා. ගොඩාක් සරසවි ආදර කථා නිමා වෙන්නේ ශෝකාන්තයකින්. එහෙම නොලැබෙන බව දැන දැන කරන ආදරයක් හිතට ගේන්නෙ දුකක්. ඇත්තටම තමන්ට හිමි ආදරේ හොයාගත්තට පස්සෙ එය තමන්ගෙ වුනත් නැතත ආයෙමත් වෙන කෙනෙක්ට ආදරේ කරන එක හරිම අමාරුයි. තමන් ආදරේ කරන කෙනා දැක දැක එයා හිමි නොවෙන බව දැන දැන ආදරේ කරන එක හිතට ලොකූ වේදනාවක් දෙනව..

    ස්තූතියි අයියා අදහස් වලට. :)

    ReplyDelete
  7. @පොඩි මෑන්- හ්ම්ම්... ස්තූතියි.. :)

    @හිතුවක්කාරී- ස්තූතියි නංගියා, හ්ම්ම් ආදරේදි අහිමි වීමම විතරයි උරුම. ඒත් ඒ අහිමි වුන කෙනාටම තවත් ආදරේ කරන එකයි ඇත්තම ආදරේ. ඒ ආදරේ සුන්දරයි ගොඩක්ම.

    @දේව්දාස්- ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට.
    හ්ම්ම්.. උපමා නොමැත ඔබේ ස්නේහයට,

    ReplyDelete
  8. @මහේශ්- ආදරේ කියන්නේ ලැබීමම නෙවෙයි මහේශ්. ඔයාගේ ගෑණු ළමයා හැසිරෙන විදිය හරි කියලාත් මට කියන්න බෑ. කොහොම වුනත් එයාට ඔයාගේ ආදරේ දැනෙන්නේ නැත්නම් තවත් එයාගෙන් ආදරේ ඉල්ලලා වැඩක් නෑ නේද සහෝ. එයා ඔයාගේ බල කිරීමට ඔයාට කැමති වුනත් එතන ආදරයක් ඇති වෙන්නේ නෑ නේද. ආදරයක් අමතක කරන්න ගොඩාක් අමාරුයි, ඒත් ඒ ආදරේ අපේ වෙන්නෙ නැත්නම් එයාට යන්න දීලා එයාගෙ සතුට බලන් ඉඳලා සතුටු වෙන එකයි අපි කරන්න ඕනේ. ඔයත් එයාගේ සතුට බලලා සතුටු වෙන්න. එයාට වෛර කරන්න එපා. එහෙම වුනොත් එතන ඇත්ත ආදරයක් නෑ සහෝ. ඒක ආදරයක් නෙවෙයි හුදෙක් එයාව ලඟ තියාගැනීමේ ආසාවක් විතරයි. ඒ නිසා පුළුවන් තරම් හිත හදාගන්න බලන්න. හොඳට ඉගෙන ගන්න. අන්තිමේ ඔයාගෙ ලඟ ඉතිරි වෙන්නෙ ඒ දේවල් විතරයි.

    ReplyDelete

Back
to top