ලට්ට ලොට්ට ගොඩ ගහන අපේ පොඩ්ඩාට සුභ උපන් දිනයක්.


මීට අවුරුදු 22කට කලින්,1989 අගෝස්තු මාසේ 08 වෙනිදා, උදේද රෑද මන්දා ඉපදුනාළු පොඩිම පොඩි කොළු පැට්ටෙක්,. ඉතින් මේ කොළු පැට්ටගේ 22 වෙනි උපන් දිනේ අද.කවුද මම මේ කියන කොළු පැට්ටා, වෙන කවුරුත් නෙවෙයි මේ අපේ ලට්ට ලොට්ට ලියන පොඩි මෑන්,. 


ඉතින් මුලින්ම මම මගේම සහෝදරයෙක් වගේ ඉන්න පොඩ්ඩට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. දුකේදි සැපේදි හැම දේකදිම මගේ ගාවින් හිටපු. කරදරයක් වුන වෙලාවට කොහොම හරි මගේ හිත හදපු පොඩ්ඩට ගොඩාක්ම ස්තූතියි. මම බ්ලොග් එකක් පටන් ගන්නත් හේතුව වුනේ මූණු පොතේ තිබුන පොඩ්ඩගේ කවි ගෲප් එකක්. ඉතින් හැමදාමත් මගේ ලඟින් හිටපු පොඩ්ඩගේ ජීවිතේ හැම ප්‍රාර්ථනාවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පොඩ්ඩගේ හොඳම යාළුවෙක් වගේ මම හැමදාමත් පොඩ්ඩා ලඟින් ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. ඒකේ නම් ආයේ හෝදන්න දෙයක් නෑ.. ;)


ඊයේ පොඩ්ඩා මගේ කාඩ් ඔක්කොම කුඩු කරාට මම නම් ඔන්න මුකුත්ම කියන්න යන්නේ නෑළු හොඳේ, පොඩ්ඩගේ වැඩ ගැන වෙනමම පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියෙන නිසා ඒවා වෙන දවසක දාන්නම්, නැත්නම් පොඩ්ඩගේ උපන් දිනේ දවසෙම මගේ මරණය සිද්ධ වෙයි. ;)


දැන් ඉතින් කස්ටියම පෝලිමේ ඇවිත් මේ කේක් කැල්ලකුත් කාලාම ගියා නම්. ඔය ගේන දේකුත් ඔන්න ඔහොම පැත්තකින් තියලා යන්න පොඩ්ඩා එනකම් මට බැරියැ ඔය ටික පරෙස්සම් කරන්න.

CONVERSATION

6 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අනේ පවු ඊයේ උපන්න පොඩි එකා බ්ලොගකුත් ලියනවා නෙව.. මොනවා උනත් ස්මාට් පොරක්.. සුබ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  2. නංගි පොඩි මෑන්ගේ ගණ වර්ණනා කරලා පෝස්ට් දානවා. එහෙන පොඩි මෑන් නංගිට සෙවලි කියලා බනිනවා.

    ඔන්න අපි නම් මුකූ......ත් කියන්නේ නෑ :)

    මොනා උනත් අපි පොඩි මෑන් මල්ලිට සුබ පතනවා. සුබ උපන්දිනයක් මල්ලි.

    ReplyDelete
  3. අපේ පොඩිමෑන්ට සුභම සුභ උපන්ටිනයක් වේවා....මතක් කල සෙවලි අක්ක තැන්කූ.....:P.....ශා කේක් කෑල්ලෙ රස.......

    ReplyDelete
  4. හෙනං ඕං දෙන්නටම සුබ උපන්දිනයක් කිව්වා

    ReplyDelete
  5. පොඩ්ඩට සුබම සුබ උපන් දිනයක් වෙන්න ඕන.ඒකේ නම් ආයේ හෝදන්න දෙයක් නෑ.. ;)

    ReplyDelete
  6. පොඩ්ඩට මත් සුභ පැතුවා ඕං....:)

    ReplyDelete

Back
to top