෴යලිත් කියමි මම, ඔබට ආදරේ වග෴



සිහිලැලි
මුදු හැඟුමකි,
ස්නේහයෙන් සිත සනසනා
ආදරේ සැඩ මාරුතේ
ජීවිතේ කතරේ,.

ගිම් නිවා සනසා යලී
කෙම් බිමක් වී ඔබ ‍රැඳී
ගගනතේ නෙක තරු නැගී
නුඹේ නෙතු මෙන් දිලිසුනී,

හස‍රැල් නගා මුව මාගේ
හදවතේ ඔබ ‍රැඳුනාවේ,
කඳුලැල් ගලා ගිය වාරේ
නෙතට කැළුමන් ගෙන ආවේ,

සිහිනයකි ඔබ නෙතු මානේ
රෑ පුරා ලඟ ඉඟි පෑවේ,
සුසුමක් වෙලා ඔබේ සෙවනේ
ජීවිතේ මගේ ගෙවුනාවේ,..


CONVERSATION

15 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සනයි.. ලස්සනයි..

    ReplyDelete
  2. අන්තිම පද පේලියේ විදිහට හැමොටම තමන් පතන කෙනා සමග ඉන්න තියෙනවා නම් ජීවිතේ පුරාම කොච්චර දෙයක්ද නේද?.

    ReplyDelete
  3. අඳුරු රැයක සිහින වෙනුවෙන්
    කඳුලු බිඳුවක් හිනාවේ
    සුසුම් කැබිලිති ඔහේ පාවී
    ඔබේ සරතැස නිවුනා වේ

    කටුක සෙවනැලි අඳුරු පතුලෙම
    හෙමි හෙමින් දැන් ගිලීයන්
    ඔබ බැඳන් උන් මගේ දෑත අතැඟිලි
    හෙමි හෙමින් දැන් හිලිහියන්

    ReplyDelete
  4. ඕවට මගෙන් නෝ කමෙන්ට්.....

    ReplyDelete
  5. මට මොනවත් කියන්න තේරුමක් නෑ. ඒ තරමට ම කවි ටික ලස්සනයි. සුන්දරයි.

    ReplyDelete
  6. සිතුම් එකිනෙක
    වෙලී පැටලී
    දෙසිත් එක හා
    යාව සබැඳී
    පෙමින් හිඳිනෙමි
    දිනෙන් දින තව
    නුඹේ ලග
    සිත්පුරා ලංවී . . .

    ReplyDelete
  7. සුසුමක් වෙලා ඔබේ සෙවනේ
    ජීවිතේ මගේ ගෙවුනාවේ,.....
    හුගාක් ලස්සනයි අක්කියෝ... මම ආසම පද දෙක ඒ.. මුළු කවි ඔක්කොම ලස්සනම ලස්සනයි...:)

    ReplyDelete
  8. ලස්සනයි අක්කේ... අන්තිම කවියට මං හෙන ලයික්...

    ReplyDelete
  9. ගෙවුනාවේ ජිවිතය
    නුඹේ ඔය සුසුම් මැද
    සුසුම් සුව විද විදම
    ගෙවෙනු ඇත දිවි කලම


    ලස්සනයි....

    ReplyDelete
  10. oops.... මන් උදේ බැලුවත් කමෙන්ටුව දාන්නවෙලා ගියා වැඩ නිසා. මගේ කමන්ටුව හැමොම උස්සලා. සික්. කමක්නැ හැමොටම වගේ අන්තිම පෙලියට එකෙන්ම ලයික්....

    ReplyDelete
  11. @සුදු තම්බියා- ස්තූතියි මල්ලියෝ

    @නිකමා- හ්ම්ම්. ඔව් ඒත් ගොඩාක් වෙලාවට ඒ වාසනාව ගොඩාක් දෙනෙක්ට නෑ

    @පාදඩයා-
    ගිලිහෙන අතැඟිලි මතින්,
    වැගිරෙන කඳුලැලි හොරෙන්,
    පිසදමමි මම සෙමෙන්,
    සමුගනිමි ඔබ කෙරෙන්..

    @පොඩි මෑන්-
    ඒ මොකෝ,..

    @මධුරංග අයියා- ස්තූතියි අයියා,. :)

    @සුශාන් අයියා-
    හිඳී නම් ලඟ,
    දෙසිත පැටලී,
    මියෙන්නෙමි ඔබෙ
    තුරුලෙ ගුලිවී,
    හැර ගියොත් නම්
    මෙමා නොරැඳී,
    මියෙයි මම යලි
    නොඑන ගමනින්,

    @හිතුවක්කාරී- ස්තූතියි නංගියෝ.. :)

    ReplyDelete
  12. @ගෝල්ඩ් ෆිශ්- ස්තූතියි මල්ලි. :)

    @ජනරඟ- ඔබේ ඔය සුසුම් මැද,
    එක දිනක් ගෙවන්නට,
    ඇතිද මට අවසරය,
    මොහොතකට රැඳෙන්නට,.
    ස්තූතියි

    @පිස්සු පූසා- හෙ හෙ, ස්තූතියි අයියා මේ පැත්තට ගොඩ වැඳුනට,.

    ReplyDelete
  13. ලස්සන කවියක් සහෝදරී .. ඔය කවිය ගැන අදහසක් දෙන්න තරම් මට කලාබර හදවතක් නෑ ! ඉතින් ලස්සනයි විතරක් කියන්නම්

    ReplyDelete
  14. සඳරු මේ පැත්තේ ආවට ගොඩාක් ස්තූතියි.ආදරයෙන් පිළිගන්නව සිත් අහසට

    ReplyDelete

Back
to top