මගේ ආදරණීය අම්මාට


රුහිරු ගංගා ගලා යන කල
ආදරේ ගං දෑල බිඳලා,
සෙනෙහසින් මා ලයට ලං කොට
පෙව්වේ ඒ ලේ කිරට හරවා..


පිය තබන විට මං පෙතේ මම
ක‍ටු කොහොල් මත පා තබා නුඹ,
හැරෙව්වේ ඒ සියලු මං පෙත්
රෝස මල් පිරි සුවඳ මඟකට,.


සඳත් නුඹමයි, තරුත් ඔබටයි
දිවි මගේ ජය පැතුවේ ඔබමයි,
පෙලින් පෙල ඉහලට නගින විට
දු‍ටුවේ නුඹෙ මුව සුපිපි සතුටයි


ගොතන්නට බෑ කවි පෙලක් මට
ලියවේවි යලි මේඝ දූතය,
ස්නේහයෙන් නුඹේ නැහැවෙනා විට
වැසි දියෙහි නම් කිනම් සිසිලද,.


සඳක් වෙන්නෙමි නුඹේ ගගනත
එලිය සදනෙමි දිවි තුරාවට,
මේ කුළක් වන් මව්තුමිය ඔබ
ඔබගේ සෙවනේ පස් පිඬකි මම,.



CONVERSATION

8 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අම්මා ගැන කියලා නිම කරන්න බෑ නේද අක්කේ..

    ReplyDelete
  2. ගොඩාක් ලස්සනයි අක්කා. හුගාක් ලස්සන නිර්මාණයක්..
    අපේ ජීවිත වල මොන දේ වෙනස් වුනත්, කවුරු ආවත් ගියාත්, වෙනස් නොවෙන් එක දෙයක් තමා අම්මගෙ ආදරේ... අවසානෙ හැමදේම ඉවර වෙලා, හැම දුකක්ම හැම සතුටක්ම, හැම කර්දරයක් ළගම එකම ආදරෙන් තුරුළු කරගන්න ඉන්නෙ මේ ලෝකෙ අම්ම විතරයි.. අම්මා ගැන කියන්න කියලා ඉවර කරන බෑ...

    ලස්සනට තවත් ලියන්න අම්ම ගැන.. හුගාක් ලස්සනයි අක්කා.. ජය..!!

    ReplyDelete
  3. මගේ හුස්ම ටික තමයි අම්මා.

    ReplyDelete
  4. අම්මා කෙනෙක් ගේ ආදරය කියලා නිම කරන්න බෑ නංගි. ඒ තරමටම උත්තරීතරයි. ඒ ආදරේ වෙන කිසිම කෙනෙකුට දෙන්නත් බෑ. නංගි ගේ මේ කවි සිතුවිලි ජාතියේ මවුවරුන්ට උපහාරයක්ම වේවා !!!!!

    ReplyDelete
  5. :) මව් සෙනෙහේ උත්තරිතර බව...හැකි වේවිද අකුරු කර අවසන් කරනට.. ?පද පෙළ ලස්සනය..:)

    ReplyDelete
  6. අම්මා කෙනෙක් නිහඩවම කොයි තරම් දේවල් කරනවද....
    අපිට නොදැනෙන්න....
    ලෝකේ තියෙන හැම ගින්දරම උහුලගෙන......
    ඒ අම්මා..........අපේ ආදරේ...

    ගොඩක් ලස්සනය් .............

    ReplyDelete
  7. මටත් කියලා ඉන්නේ අම්මා විතරයි . ඉතින් මම ඇවිත් මේක බලලා ගියා !

    ලස්ස්නයි

    ReplyDelete
  8. හැමෝටම ගොඩාක් ස්තූතියි.. ඇත්තටම අම්මගේ ආදරේ කියලා නිම කරන්න බෑ.. ඒ ආදරේ නිසයි අපි යම් තැනක ඉන්නවා නම් ඒ තැනට අපි ආවේ

    ReplyDelete

Back
to top