සිත් අම්බලම


ගෙන ආව දෙයක් නැත
ගෙන යන්න දෙයක් නැත,
ජීවිතේ අතරමග
නැවතුමක් වීය එක,.

සදාකල් හිඳිනු බැරි
දිනෙක ගිම් නිවනු හැකි
මගේ සිත් මඬල මත
අම්බලම වීය සකි,..

පිපාසිත වූ සිතට
පිංතාලියක් වෙලා
දිය බිඳක් වූ නමුත්,
ස්නේහයෙන් මත් වෙලා,.

සදාකල් ‍රැ‍ඳෙනු බෑ
මගියෙක්ම වූ නිසා
නික්ම යයි දිනෙක ඔබ
ගිමන් ඔබේ සනසලා.,.

කැණි මඬල බිඳ දමා
සිත් ගිමන් හල මගේ,
සෙවන සදනට යලිත්
කිසිවෙකුට බැහැ වගේ,.

වියපත්ව ගිය කලෙක
ඔබ යනෙන මාවතේ
හමුවේවී යලිදු මම
දිරාගොස් රුව මගේ,

එදිනකට ආදරෙන් 
ලඟ ඉන්න පෙර වගේ
එනු මැනවි මා සොයා
එතෙක් සමුදෙමි සඳේ.,

CONVERSATION

28 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේකනම් හොදයි ආ

    ReplyDelete
  2. කවි ටික ලස්සනයි.
    කිව්වත් වගේ අපි මේ ජීවිතයත් තාවකාලික එක නැවතුමක් වගේ. ඉන්න ටිකේනේ මේ සෙරම දේවල් කරන්නේ.
    මම නම් ෆුල් ට්‍රයි කරන්නේ ඉන්න ටිකේ කාටත් කරදරයක් නැතුව සතුටින් ඉන්න. :)

    ReplyDelete
  3. පට්ටය් හොදේ... keep it up prarthana.....

    ReplyDelete
  4. ඔහොම තමා ඉතින්..නවතින බෑ නේ

    ReplyDelete
  5. මට හිතෙන්නෙම මේකවිය කීවේ මට කියලා ..

    මට ලැජ්ජාවේ බෑ

    මට යාලුවෝ කියන්නේ සඳේ කියලා ..

    ReplyDelete
  6. කැණී මඬල බිඳ දමා
    නොහැකිය සැදිය
    ඔබේ සිත් ගිමන් හල
    සවිමත් කල යුතුය එය..


    නියම කවි ටික..

    ReplyDelete
  7. ලස්සනයි තව ලියන්න

    ReplyDelete
  8. හරිම ලස්සනයි... කවි ටිකනම්.... ලස්සනට පද ගලපලා... :)
    ජීවිතේ අම්බලමක් වගේ තමා අක්කි.. අදහස ගැඹුරුයි.. නියමයි... ජය..!!!

    ReplyDelete
  9. අනේ ඇත්තටම කෙල්ලො ඔහොම හිතනවානං පවුල් ප්‍රශ්න කොච්චර අඩුයිද?හා හා හා....එළ කව.මරු

    ReplyDelete
  10. ඇත්තටම ඇයි මේ ගෑණු ළමයි කවි ලියන්න මෙච්චර ආසා... මොනවා උනත් හරිම ලස්සනය අදහස...

    දේව්දාස්...

    ReplyDelete
  11. @සිංහලේ දියසේන- ස්තූතියි.. :)

    @මාලන්- හෙ හෙ ස්තූතියි

    @මධුරංග අයියා- ඔව් අයියේ, අපි හැමෝම ටික දවසකට ඉඳලා යන්න ආපු අය.. :)
    මගෙත් ට්‍රයි එක නම් ඒකට තමයි.. ස්තූතියි අයියා

    ReplyDelete
  12. ආ කවියක් නේ ? ලස්සනයි..:D

    ReplyDelete
  13. ලස්සන පදවැල් ටික .......

    ReplyDelete
  14. @ශයන්ග- ස්තූතියි හොඳේ.. :)

    @රත්ගමයා- හ්ම්ම්.. ඔව් මල්ලි... නවත්තගන්නත් බෑනේ..

    @සඳරු- හෙ හෙ.. හා හා, කමක් නෑ. ඔච්චර ආසා නම් ඔයාට කියලා හිතාගන්නකෝ.. හිකිස්.. :D

    ReplyDelete
  15. @සරත් ලංකාප්‍රිය- ස්තූතියි...

    @ප්‍රදීප්- ස්තූතියි, සාදරයෙන් පිළිගන්නවා සිත් අහසට

    @හිතුවක්කාරී-
    ඔව් නංගා ජීවිතෙ කියන්නෙ අම්බලමක් වගේ තමයි. ඒ වගෙම අපෙ හදවතත් අම්බලමක් වගෙයි. සමහරු එනවා, යනවා. ඒත් සමහරු හෙවන ගත්ත ඒ අම්බලමෙම කැණිමඬල බිඳලා යනවා..

    !දිනුක අයියා- හෙ හෙ.. හ්ම්ම්.. හිතන්නේ නැත්තෙ නෑ .. හැබැයි අඩුයි..
    ස්තූතියි අයියෙ

    @දේව්දාස්- අනේ මන්දා ඒක නම් මම දන්නේ නෑ... :)
    ස්තූතියි යාළු..

    ReplyDelete
  16. @බනියා- ස්තූතියි.. :)

    @පන්සල් හංදිය- ස්තූතියි මේ පැත්තේ ආවට.. :)

    ReplyDelete
  17. ලස්සන පද පෙලක්..

    ReplyDelete
  18. ඔන්න මාත් හිස් අහස පුරා පියාඔන්න එකතුවුණා!

    බොහෝම අගේ ඇති කවි පෙළ!ජීවිතේ යතාර්ථවත්ව දැකලා ඒක අනුගමනය කරන්න පුලුවන් නම් මිනිස්සුන්ට කවදාවත් මේ තරම් ප්‍රශ්න ගොන්නක් ඉතිරි වෙන්නේ නෑ!ජීවිතේ හරියට අම්බලමක් වගේ කියන කතාවට මාත් එකගයි!

    ReplyDelete
  19. කැණි මඬල බිඳ දමා
    සිත් ගිමන් හල ඔබේ,
    සෙවන සදනට යලිත්
    මග බලා ඈත අනේ,.
    ලස්සනයි අක්කියෝ

    ReplyDelete
  20. @චතුර- ස්තූතියි

    @කතන්දර මාමා- සාදරයෙන් පිලිගන්නවා සිත් අහසට.. :)

    @හිම හංසි- ගොඩාක්ම ස්තූතියි නංගියෝ..

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. හැමදාම ලඟ ඉන්න
    පෙරුම් පුරනට නොහැකි
    නමුත් නුඹ හැර යන්න
    දෙපා මගෙ වාරු නැති.....

    යලිත් එමි මතුදිනෙක
    පෙර සුවඳ විඳින්නට
    යා යුතුම ගමන යමි
    උකස් කර සිත නුඹට.....

    ගොඩක් ලස්සනයි යාලුවා....දිගටම ලියන්න....:)

    ReplyDelete
  23. බොහොම ස්තූතියි කුබුවි,

    ReplyDelete
  24. ගෙන යන්න පිං ඇත......
    නැවතුමක් ඇති දුරක...
    නැවත හමුවෙවි, නැවත වෙන්වෙවි..
    වසනාක් කල් එකට ඉනු මැන.

    අපි හැමොම මගියො තමයි,
    මාර කවි ටික.....

    ReplyDelete
  25. බොහෝමත්ම ස්තූතියි. :)

    ReplyDelete
  26. ගොඩක් දෙනෙක්ට පොදු අත්දැකීමක් ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
  27. @සිතඹර- ස්තූතියි සිත් අහසේ පියාඹන්න එකතු වුනාට..

    ReplyDelete

Back
to top