෴ඉර හඳ යට෴



සීනු හඬින් නොසන්සුන් වූ පන්ති කාමරය තුල වූ මම පන්ති කාමරයෙන් පිටතට පැමිනියේ නොසන්සුන් වූ සිත් සන්සුන් කරගැනීමට කිසිවෙකු හෝ හමුවී සාමිචියක යෙදෙන්නට සිතාගනිමිනි. 


අද මගේ ගුරු දිවියේ පළමු දිනයයි...


වෛද්‍යවරයෙකු වීමට සිහින දකිමින් සිටි මා පාසලක ප්‍රාථමික පන්ති සඳහා ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් බවට පත් වේ යැයි සිහිනෙනුදු නොසිතුවෙමි. වසර 23ක මා දිවි මගේ එක් කඩ ඉමකදී මග වැරදී ගිය මට , නවමු මාවතක් ලෙස එලි පෙහෙලි වූ ගුරු වෘත්තිය සියදහසක් දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නෙමියි පත්වීම් ලිපිය අතට ගත් දින මම මටම සපථ කරගත්තෙමි. නමුත් පළමු පත්වීම ලද පාසලේ පළමු දිනයේදීම මෙවන් නොසිතූ විරූ සිඳුවීමකට මුහුණ දෙන්නට වේ යැයි මම නොසිතුවෙමි. 


අතීතය සිතුවම් පටක් සේ දෑස මානයේ දිග හැරෙන කල නොදැනුවත්වම මා ගුරු විවේකාගාරය දෙසට පියමැන්නෙමි. තවදුරටත් මේ පාසලේනො‍රැ‍ඳෙන ලෙස සිත බල කරද්දී දෙනෝ දහසක් සිසුන්ගේ සුදෝ සුදු ඇඳුමින් බැබලෙන පිට්ටනිය වෙත මා නෙතු දිව ගියේ නොදැනුවත්වම වේ,. 


මේ අයුරින්ම කෙළිදෙලෙන් පසු වුන මගේ පාසල් සමයේ අතීත මතකයන් ඔබ ඉදිරියේ ගෙන හැර දක්වමි. වැරදුන දිවිමඟේ මතකයෙන් වඳ විඳින මගේ කථාව මම ඔබට කියමි.  

අතීතය හා වර්ථමානය එකම එක සිදුවීමක් නිසා පටලවාගත්,ඒ නිසාවෙන්ම අනාගතය කොයි දෙසට ගලා යන්නේදැයි නොදන්නා මම................
පසන්


මගේ අළුත්ම කථාව ගැන හැඳින්වීමක් මේ විදියට ඔයාලට දෙන්න හිතුවා. ජීවිතේ වැරදුන පසන්ගේ කථාව. අද සිට ඔබ හමුවට,..

CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. බ්ලොග් අවකාශයට තවත් ගුරු වෘත්තීයේ කෙනෙක්... එහෙනම් දැන් දේව්දාස් ට යාලුවෙක් හම්බ උනා වගේ තමයි... ගුරු වරයෙක් ලෙස ඉදිරි ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි...

    දේව්දාස්...

    ReplyDelete
  2. ඒ කතාව ලියැවෙනකම් අපිත් බලං ඉන්නවා ..

    ReplyDelete
  3. ම්ම්ම්ම්......
    ඉක්මනට දාන්න කතාව.....අපිත් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  4. පසන්ට ජීවිතය වැරදුනේ කොතැනද. පසන්ගේ ජීවිතයේ කොච්චර හලහප්පීම් සිදුවේද. ඒ සියල්ල දැන ගනීමේ කුතුහලයෙන් සිටිමි.

    එමනිසා කතාව ඉක්මනටම ලියන්න නංගි !!!!!

    ReplyDelete
  5. ඉක්මනට ලියමුකෝ එහෙනම් කියවන්න...:)))

    ReplyDelete
  6. කතාව ලියනකම් අපි බලන් ඉන්නවා.......

    ReplyDelete
  7. අපිත් බලා සිටිමු :)

    ReplyDelete
  8. බලමුකෝ කොයි පැත්තට යාවිද කියල..

    ReplyDelete
  9. ගුරු වෘත්තිය මේ ලෝකෙ තින වටිනාම වෘත්තිවලින් එකක්, නියම ගුරුවරයෙක් වෙන්න හැමොටම බෑ.
    කී දෙනෙක්ගේ ඇස් පාදන්න පුළුවන් ද මේ වෘත්තියෙන්.....

    ඔබේ ගුරු දිවියට මගෙන් සුභ පැතුම්....!

    ReplyDelete
  10. ශා.. අක්කි‍යෝ.. පටන්ගන්න.. දිගටම ලියන්න.. අපි කියවන්නම්... ජය වේවා..!!!

    ReplyDelete
  11. බලමුකෝ කොහොම වෙයිද කියලා :)

    ReplyDelete
  12. ටික කලකින් එන්න බැරි උනා. ඔන්න මුලින්ම පටන් ගන්නවා.

    ReplyDelete

Back
to top