පාවාදීම


දැඩි සුළඟට හසුවුන ඉටිපන්දම් දැල්ල සැලෙමින් නිවී යන්නට තැත් කරද්දී වීදියට බට සාෂා නටබුන් පෙදෙස් පසු කරමින් ඉදිරියට ඇදෙන්නට විය. මෙතරම් කුණා‍ටු ඇති ‍රැයක පාළු මාවතක් ඔස්සේ ඔහේ ඇවිද යන මේ ගැටවරයා දෙස බලා සිටින්නෙකුට ඔහු උමතු භාවයකින් පෙලෙන්නේයයි සිතුනහොත් පුදුමයක් නොවේ. සීතල සුළං පැමින ඔහුගේ මුහුණේ හැපෙද්දි උදාසීන ලෙස කබාය සකසා ගත් ඔහු ඉදිරියටම ඇදෙන්නට විය. සීතල හිම කැටි එකින් එක බිම පතිත වන්නට පටන් ගනිද්දී උද්‍යානය කෙලවරෙක වූ බංකුවක් මත වාඩි ගත් ඔහු ඒ අසල වූ පොකුනේ පීනන සුදෝ සුදු හංසයන් දෙස බලා සිටින්නට විය.
ඈතින් දිස් වන වරාය බලා එමින් තිබෙන නැවකට මං කියන්නට ප්‍රදීපාගාරයේ එලිය දිලෙද්දී නැවෙ නලාවක හඬ සුළං නඳ පරදා ඔහු සවන් මත පතිත වන්නට විය.

"ඕහ්හ්, එහෙනම් ඔවුන් ඇවිත්,."

තමාටම මුමුණා ගත් ඔහු එක් වරම නැගිට වරාය දෙසට ඉක්මන් ගමනින් පා තබන්නට විය,.
ජැටිය දෙසට ඔහු ලඟා වෙත්ම ඔහුගේම වයසේයැයි සැලකිය හැකි වූ තරුණයන් දෙදෙනෙක් පැමිණ ඔහුට එකතු විය,

"ආදරයෙන් පිළිගන්නවා සහෝදරයා, එහෙනම් ඔබත් හරියටම වෙලාවට මෙතන. ඉක්මන් කරන්න, අපිට වැඩි වෙලාවක් නැහැ. එළිය වැටෙන්නට කලින් ඇයව මුදා නොගත්තොත් යලිත් කිසිම දිනක මේ නගරයෙන් පිටව යාමක් ගැන සිතන්නටවත් අපිට බෑ,."

ඔහු වෙතට ආ එක් තරුණයෙක් මෙසේ කියා ඔහුව වැලඳ ගත්තේය.

කඩිමුඩියේ ගමන් ගත් තරුණයන් තිදෙනා ඇඳ සිටි කබායවල් උනා දමා අයිස් මෙන් සීතල ජලයට බැස ගත්හ.

ඔවුන් මෙසේ ඇය වෙත කෙමෙන් කෙමෙන් සමීප වෙද්දී ,ඇය තම පෙම්වතා පැමිනෙන තුරු බලා හිඳිනා පෙම්වතියක මෙන්  ජලය මත සෙමෙන් තාලයකට පැද්දෙමින් රළ මත දගකම් පාන්නට විය. ඇය ඈන් නම් වූ නෞකාවයි.

නව යොවුන් වියේ පසුවන මේ  තරුණයන් තිදෙනා සැරසෙන්නේ කුමක් කීරීමටද?

කැ‍රැල්ලක සඳහා උදවු දුන් බවට සැක පහල කොට පි‍ටුවහල් කරන ලද සාෂා, දිමිත්‍රිව් සහ ඉවාන් නම් වූ මේ තරුණයන් තිදෙනාගේම තුරුණු සමය තම සමීපතමයන්ගෙන් ඈත්ව වාසය කරන්නට ඔවුන්ට සිදු විය. ඔවුන් මේ සැරසෙන්නේ එහි නිමාවක් දැකීමටය. රුසියානු රජය සතු වූ ඈන් නම් වු සුන්දරිය පැහැරගෙන ඇයගේ මාර්ගයෙන් තම මවු බිම දැක ගැනීම ඔවුනගේ අභිප්‍රායයි.මාස ගනනාවක පටන් කල සැලසුම් සියල්ල යථාර්තයක් බවට පත් වන දිනය අදයි.නැව පැමිනෙන බව සැලවුන වහාම සුළං කුණා‍ටු නොතකා ඔවුන් තිදෙනාම එක් වූයේ තම අදහස සාර්ථක කරගැනීමේ අදහසිනි.

සීතල වතුර ඉඳික‍ටු තුඩවල් මෙන් ඇඟ තුලට කිඳා බසිද්දී ඒ බැවු නොතකා සාෂා සහ අනිකුත් තරුණයන් දෙදෙනා නැව කරා සෙමෙන් පිහිනා යන්නට විය,.

නැංගුරම් දමා තිබූ නෞකාව රළ පෙල මත සෙමින් පැද්දෙද්දී නැව් තට්‍ටුව මත වූ ආරක්ශක භටයාට සියුම් නිදිමතක් දැනෙන්නට විය. දෙනෙත් නොදැනුවත්වම පියවී යද්දි පි‍ටුපසින් වැඳුන දැඩි පහරකින් සිහිසුන්ව ඇඳ වැ‍ටුන ඔහු ශබ්දයක් නොනැ‍ඟෙන සේ මුල්ලකට ඇඳ දමන ලදි.

සාෂා හා ඉවාන් දැන් නැවු තට්‍ටුව මත නිරුපද්‍රිතව සිටී. සැලසුම් කරගත් පරිද්දෙන්ම සියල්ල සිදුවන බව දු‍ටු සාෂාගේ මුවගට සියුම් සිනහවක් නැගෙන්නට විය.
දැන් ඉතිරිව ඇත්තේ අනිකුත් ආරක්ෂක භටයන්ගෙන් මිදී නැවේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සියතට ගැනීමේ කාර්යභාරයයි.
වරින් වර නැ‍ඟෙන කෑරලෙකුගේ සිහින් නාදය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙද්දී තත්පරයක් පාසා නැවු තට්‍ටුව මත වන ආරක්ෂකයන් සාෂා සහ ඉවාන්ගේ උපායශීලි උපක්‍රම මඟින් ඇඳ වැටෙද්දී දිමිත්‍රිව් කොහේ සිටියේද?
******************************************************
ජැටියේ කොනෙක වූ එක අඳුරු මුල්ලක තරුණයන් දෙදෙනෙකි. එකෙකුගේ මුහුණ අඳුරු සෙවනැලි වලින් වැසී ආවරණය වී පැවතියද, අනෙකාගේ මුහුණ වීදී ලාම්පු එළියෙන් වඩාත් හොඳින් පෙනෙන්නට විය. අතේ ‍රැඳි ඩොලර් නෝට්‍ටු මිටියක් දෙස බලමින් දිලිසෙන දෑස් වලින් යුතුව ඒ සිටියේ දිමිත්‍රිව්ය. එහෙත් මේ අනිකා කවරෙක්ද?
සඳ එළිය යන්තමින් අඳුර නසන්නට තරමේ එළියක් විහිදුවද්දී දිමිත්‍රිව් සමඟ සිටි අනිත් තරුණයා සෙමෙන් සෙමෙන් ඈන් නම් වූ නෞකාව නවතා තිබූ තො‍ටුපල වෙතට ඇ‍ඳෙන්නට විය. එක් අතක තුවක්කුවක්ද සහිත වූ මේ තරුණයා සාෂා හා ඉවාන්ට සහයට එන තවත් කැරළිකාරයෙක් විය හැක. මේ වන විටත් නැව් තට්‍ටුව සිය අණසකට යටත් කොටගෙන තිබූ සාෂා හා ඉවාන්ට ඈතින් මතු වන දිමිත්‍රිව්ගේ සහ අනෙක් තරුණයාගේ රුව දැක ගැනීමට හැකි විය,.
සුදු පැහැ ගත් කලිසමකින් හා කමීසයකින් සැරසුන තරුණයාගේ රුව සඳ එළිය වැටී වඩාත් පැහැදිලිව දිස් වන්නට විය,.

ඔහු ඈන් නෞකාවේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කරනා පෙත්‍රොවිච් නම් තරුණයායි.
කලින් සැලසුම් කරගත් ආකාරයෙන්ම නැවේ ප්‍රධාන ආරක්ෂකයා සිය මතයට නම්මා ගැනීම දිමිත්‍රිව්ට පවරා තිබූ කාර්යය විය, එය ඔහු සාර්ථකව ඉටු කල බව දැනගත් විට සාෂාට ඇති වූයේ මහත් සතුටකි.

"ඔහෝ, කොල්ලා වැඩේ කරලා වගේ,. දැන් ඉතින් අපි නිදහස් වගේ තමයි.."

සිතින් තමාටම මුමුණාගත් සාෂා දිමිත්‍රිව් දු‍ටු විට ඉවාන්ගේ මුහුණේ මතු වන ප්‍රීතිය දැක ගැනීමට පසුපස බැලූ මුත් ඉවාන්ගේ රුව දැකගැනීමට නොහැකි වූ සාෂා එක් වරම ඇසුන වෙඩි හඬකින් ගැස්සී ගියේය, ඒ සමඟම යමක් නැව් තට්‍ටුව මත පතිත වන හඬ ඇසී හැරී බැලූ ඔහුට දැකගත හැකි වූයේ ඉවාන් ලේ විලක් මත ඇඳ වැටී සිටිනා ආකාරයයි.

සිදුවූයේ කුමක්ද?

එය දන්නේ සිදුවූ සියලූ දේ නිරුපද්‍රිතව බලා සිටි දිමිත්‍රිව් පමණි. සිනාමුසු මුහුණින් තමා දෙස බලා සිටින දිමිත්‍රිව් යමක් පවසන බවත් සිරුර දවා ලන තරමේ වේදනාවක් ඇතිවී,ඒ සමඟම ගලා ගිය රුධිර ධාරාවකින් තමා නැහැවී යද්දී මුදල් මිටියක් අතින් ගත් දිමිත්‍රිව් එය ඔසවා තමාට පෙන්වන සැටිත් සාෂා දු‍ටුවේය,.

වෙඩි වැදුන සාෂාගේ අවසන් සුස්ම පොද වාතලයට මුසු වෙද්දී බොල් හඬක් නගමින් වතුරට ඇඳ වැ‍ටුන ඔහුගේ පණ සුන් සිරුර දෙස බලා හුන් දිමිත්‍රිව් , පෙත්‍රොවිච් වැලඳ ගෙන සිනාසෙන හඬ පමණක් සැඬ සුළං අතරින් තියුණු ලෙස නැඟී විත් වා තලය පුරා දෝංකාර දෙන්නට විය



CONVERSATION

13 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මාව හීතල වෙලා ගියා ..

    ReplyDelete
  2. නියමෙට ලියලා තියනවා....

    ReplyDelete
  3. හ්ම්ම්ම්.පාවාදීම....මරු ශෛලිය....

    ReplyDelete
  4. නියමයි.
    හරියට රුසියන් නව කතාවක් කියවන්න ලබුනා වගේ. ඒ තරමටම සුපිරියට ලියලා තියෙනවා.

    ReplyDelete
  5. ඔව්... මාටහ් මධුරංග අයියා එක්ක එකගයි. රුසියන් නව කතාවක් කියෝනව වගෙ. නියම ශෛලිය. නියමයි අක්කි..!!! ජය වේවා..!!!

    ReplyDelete
  6. @ආගන්තුකයා- ස්තූතියි මල්ලි.

    @සඳරු- හපොයි ඒ මොකද?

    @දේව - :O :O

    @marlan- ස්තූතියි සහෝ,.

    @chamma- ස්තූතියි

    @දිනුක අයියා- හ්ම්ම්,,, ස්තූතියි අයියේ

    @මධුරංග- :O එහෙම හිතුනද? එහෙම කියන එකම මට ලොකු ගෞරවයක් අයියේ. ගොඩාක් ස්තූතියි.

    @හිතුවක්කාරී-ගොඩාක්ම ස්තූතියි නංගියෝ,.

    ReplyDelete
  7. ස්තූතියි අලුත් කොල්ලා

    ReplyDelete
  8. කලකට පස්සේ රුසියන් නම් ගොඩක් එක්ක අපේ කෙනෙක් ලියපු කතාවක්.. නියමයි..

    ReplyDelete
  9. බොහොමත්ම ස්තූතියි ඔබට.. :D :)

    ReplyDelete

Back
to top