෴ආසයි මම෴




සීරුවට ඇද හැලෙන
වැහි බිඳක් වී,
වැටෙන්නට ආසයි
ඔබේ වත මඬලට,.
සිසිල් දිය පොදක් වී
ගිම් නිවා සනසන,
‍රැ‍ඳෙන්නට ආසයි
ඔබේ තොල් පෙති මත,.
ලෝහිත පැහැය දිදුලන
සෙව්වන්දියක් වී,
‍රැ‍ඳෙන්නට ආසයි
ඔබේ සුරතෙහි මත,


ඒ හැමටම වැඩියෙන්....


රුහිරු බිඳුවක් වී
ඔබට ජීවය දෙන,
‍රැ‍ඳෙන්නට ආසයි
ඔබේ හදවත මත,.



CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඉතින් නංගි ඔයාට අවසර තියෙනවද එයාගේ සිරුරේ රුහිරු බිදුවක් වෙන්න ?
    අනේ .....වාසනාවන් !!!!
    මොකද එකපාරටම මෙහෙම දෙයක් හිතුනේ. මේකත් ලේක්චර් හෝල් එකේ ඉන්නකොට හිතුන කවියක්ද. ඔයා ඉතින් කවි ලියන්නේ ලෙක්චර් එකේ ඉන්නකොට නේ.

    ReplyDelete
  2. හ්ම්ම්ම් අනේ මන්දා

    ReplyDelete
  3. උණු රැහිරු බිදුවක්ව ...
    හදවතේ රැඳෙන කළ ...
    දැනේ තද පීඩනය ..
    විටෙක මුදු මද සුවය ..
    එයයි මේ ජීවිතය ....
    විඳිය යුතු අප සැවොම ...

    ReplyDelete
  4. ලෝහිත පැහැය දිදුලන
    සෙව්වන්දියක් වී,
    ‍රැ‍ඳෙන්නට ආසයි . . .

    හරි නේ ඉතින් නමටම මැච් වෙනවා ;)

    ReplyDelete
  5. ලස්සන කවිය.ඒත් ඉතින් එයා කැමතිනම් විතරනෙ ඔහොම කරන්න වෙන්නෙ.එයා කැමති නෑ කිව්වොත් මොකක් කරන්නද...:(((

    ReplyDelete
  6. එත් කඳුළු බිඳුවක්වී.
    රුරා වැටෙන්නේ ඇයි.
    මගේ දෙනෙතින්
    උණු උණුවෙන්?

    ReplyDelete
  7. ලස්සනයි අක්කි...!!!හුගාක් වෙනස් අදහසක්..
    "රුහිරු බිඳුවක් වී
    ඔබට ජීවය දෙන,
    ‍රැ‍ඳෙන්නට ආසයි
    ඔබේ හදවත මත,."
    හරිම ලස්සනයි...:) මාත් ආසයි එහෙම වෙන්න

    ReplyDelete
  8. @බනී- ස්තූතියි මල්ලියෝ,

    @මධුරංග අයියා- හ්ම්ම් අවසරය ඉල්ලලා බැලුවේ නම් නෑ..
    නිකමට වගේ හිතුනා අයියා.. හපෝ මේක නම් ලෙක්චර් හෝල් එකේ ඉද්දි හිතුන එකක් නෙවෙයි.. හී හී

    @නිකමා- හ්ම්ම්...

    @මහේශ් නිශාන්ත-
    පීඩනය, මුදු සුවඳ
    එකට කැටි කොට ගතිමි
    ඔහුගේ ළය මඬල මත
    සදා ඉන්නට පතමි..
    බොහොමත්ම ස්තූතියි කමෙන්ටුවට..

    ReplyDelete
  9. ඔය විදියට හිතෙන හිතෙන හැම දේම කරන්න පුළුවන් උනා නම්......... ....................................

    ReplyDelete
  10. @CHAMMA-
    :) ඒකනේ සෙව්වන්දියක් වෙලා ඉන්න ආසයි කියලා කිව්වේ..
    ඒත් පරවුන දවසට ....

    @නිසුපා අක්කා- ස්තූතියි අක්කා..
    හ්ම්ම්.. එහෙම වුනොත් ඉතින් එයාගේ කෝටි ප්‍රකෝටියක් ලේ බිඳු අතරෙ එයාවත් නොදැන හැංගිලා ඉන්න එකම එක ලේ බිඳුවක් වෙලා හරි රැඳෙනවා,..

    @සි නී- ස්තූතියි

    @DINESH- ස්තූතියි අයියේ.

    ReplyDelete
  11. @සරත් ලංකාප්‍රිය- හ්ම්ම්.. මටත් තියෙන එකම ප්‍රශ්නේ..
    සිනා පොදක් වී ඔබගේ දෑසේ,
    නිධන්ව ඉන්නට පෙරුම් පිරූ මට,
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්,
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි?

    @හිතුවක්කාරී- ස්තූතියි නංගෝ,
    හ්ම්ම් ආස වුනත් කරන්න ටිකක් විතර අමාරුයිනේ..

    @අම්බලම- හ්ම්ම්... ඇත්ත, හිතෙන හැම දේම ක්‍රියාවට නංවන්න නම් අමාරුයි තමයි...

    ReplyDelete
  12. රුහිරු බිඳුවක් වී
    ජීවය දෙන්නේ කොහොම
    මගේ හද පුරාවට
    නුඹම සැරිසරන සඳ.......

    ගොඩක් ලස්සනයි යාලුවා :)

    ReplyDelete
  13. ස්තූතියි යාළුවා..
    හ්ම්ම්ම්...

    ReplyDelete

Back
to top