ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි, තනි වුන වසන්තයේ



මේ නිශා යාමයයි,. මැදියම් අහස තුල මල්වර වූ සඳ මෝරා එද්දී උළු සෙවිලි කල වහලේ වූ හිදැස් අතරින් බි‍ඳෙන් බිඳ පෙරී එන නොකැලැල් සඳ එලිය මගේ මුව මඬල වසා පැතිරෙන්නට විය.  සඳේ තනියට සඳ වට වූ තරු කැටිති නොනිදා ‍රැය පහන් කරන්නට ගිවිසගත්තාක් මෙන් විටින් විට නිවි නිවී දැල්වෙයි,. සඳත් තරුත් මමත් පමණක් මේ වසන්තයේ මැදියමක නොනිදා සිටින්නෙමු,. සඳේ තනියට තරු පායා ගගන තලයේ බැබලෙන මුත්, මගේ තනියට වූ සරා සඳ මා ලඟ නැත,. ඔබත් මමත් දෙදෙනාම වූවා නම් මේ වසන්ත රාත්‍රිය කෙතරම් සොඳුරු වනු ඇත්ද? ඒත් ඔබ මා අද දෙතැනකය,. පෙර දා ‍රැයක පුන් සඳ තරු කැටිති නැති සොවින් අප දෙස බලා සිටියා ඔබට මතකද? ඉතින් අද  ඒ පුන් සඳ දෙස මම තනිවම බලා ඉන්නෙමි,.

සඳුද අවදියෙන්, තරුද අවදියෙන්
මේ නිශාන්තයේ,..
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනි වුන වසන්තයේ.//

වසන්තයට උරුම වූ සීතල පින්න සීතල සුළඟ සමග මුසුවී නිල් අහස පුරා විසිරෙද්දී තරු කැටිති හඳේ උණුසුමට තව තවත් තුරුල් වෙති,.
පොළව කරා එන සීතල පින්න පුංචි තණ පත් වෙවුලුවාලමින් පස් කැටිති සිප ගනිති,. ඒ තණ පත් මත මා තනිවම සීතලේ ඇවිදිද්දී කොහේදෝ සිට හමා ආ රෑ කුමාරී මල් සුවඳින් ගතම ප්‍රාණවත් විය,. රෑ කුමාරී මලක් සිප ගෙන මත්වූ බඹරෙකු නගන ගුම් නද සවනත වැකෙන කල පෙර දිනයක නිශාන්තයක තනිවූ අප දෙදෙනා එකිනෙකාට මිමිණූ පෙම් බස් මගේ සිහියට නැඟේ. තුහින ඉහිරුන තණ පළස මත ඔබට තුරුළු වී පෙර දිනක සිටි හැටි මගේ සිහියට නැ‍ඟෙද්දි යළිත් වරක් සුළඟ සමඟ මුසුවූ රෑ කුමාරී මල් සුවඳ දිගන්තය පුරා පැතිරී යන්නට විය,. ඒත් අද, රෑ කුමාරී මල් වල මධු මී උතුරා ගියද එය උරා බොන්නට බඹරුන් නැත,. ඒ ලෙසින්ම මේ සීතල රාත්‍රියේ මා තුරුල්ලේ තබාගෙන සිප ගන්නට ඔබ නැත,

සීතල ඇතිරුනි මිහිදිය ලය මත,
කොඳ කෙමි පිපිරුනි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ලඟ නැතිවම අද මා තනිවම,.

ඈතින් පෙනෙන ඔබේ පැල්පත තුල හිඳිනා ඔබ මා ලෙසින්ම මේ නිශා කාලයට ආදරය කරන බව මම දනිමි,. පැල්පත තුල පහනක් නොදැල්වුනද ඔබද මා මෙන්ම අවදියෙන් බව මම දනිමි,. මතකයන් තුල සැරිසරමින් ඔබද මා මෙන්ම නොනිදන බව මම දනිමි,. දෙනෙත් අඩවන්ව නින්ඳ මා කරා ආවද මම නොනිදා මේ ‍රැය පහන් කරන්නෙමි,. මතකය යලි යලිත් මා අභියස රූපණ ගැන්වෙද්දී නෙතු අගින් ගිලිහී යන කඳුලක්  ඔබේ කවුළුව අසල වූ ඔබත් මමත් දෙදෙනාම ආදරය කල ඒ රෑ කුමාරි මල මතට වැටී සඳ එළියෙන් දිලිසෙනු මට පෙනේ,. උදෑසනින්ම ඔබ අවදි වෙද්දී එය හිරු එළිය වැටී වියැකී යන්නට පෙර පිණි බිඳුවක් ලෙස මල මත ‍රැ‍ඳෙනු ඇත. ඉතින් මම සමුගන්නෙමි ඔබගෙන්, සමුදෙන්නෙමි ඔබ මා පමණක් නොනිඳා පහන් කළ මේ ‍රැයට.
ඒත් අවසරද මට ‍රැ‍ඟෙන යන්නට, ඔබ සමඟ ගෙවුන ඒ සුන්දර රාත්‍රියේ සදාතනික මතකයම පමණක්,..

පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල
නිදිමත අඩ නෙතු පිය සනහා
මගෙම කඳුලක් වේ පිණි බිඳු ලෙස,
ඔබෙ කවුළුව ලඟ පිපි මල් පෙති මත

ගායනය - අමරසිරි පීරිස් මහතා.
මෙතනින් සිංදුව අහන්න.

CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේක මගේ ජීවිතේට ගොඩාක් ලං උන සින්දුවක් ප්‍රාර්ථනා.. ඔයාගේ සිතුවිල්ලත් ඒ වගේම ලස්සනයි....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මතකයන් ඔබේ හිතේ දරාගන
    නිදිවරනා මම ඔබගේ
    පරණ පෙම්වතා........................

    ReplyDelete
  4. සින්දුවත් එක්කම තමන්ට හිතුන සිතුවිලි එහෙම පිටින්ම ලියලා. ලස්සනයි
    එත් අන්තිම පේලිය කියවනකොට පොඩි දුකක් නොදැනුනාම නෙමෙයි. මොකද මෙච්චර ලස්සන ආදරයක් තමන්ගේ කරගන්න බැරි වෙනවා කියලා කියන්නේ ඒක දුකක් නේ !!!!

    ReplyDelete
  5. හරිම ලස්සනයි අක්කේ...තමන්ගේ හිතට ඔය වගේ නිර්මාණයක් හොදටම දැනුනම ඒක අනිත් අයටත් පුළුවන් විදියට දෙන්න හිතෙනවා නේද??:))

    ReplyDelete
  6. ඇයි දැන් මේ වගේ සින්දු හැදෙන්නේ නැත්තේ

    ReplyDelete
  7. හරිම ලස්සනට ලියලා ප්‍රාර්ථනා....... :)

    ReplyDelete
  8. නියමට ලියලා තිනවා....

    මේ ලියමන ආමන්ත්‍රණයක් ද?

    ReplyDelete
  9. හරිම ලස්සනයි අක්කියෝ.... ටිකක් දුකයි.... අවසානෙදි ආදරේන් වෙන්වෙන්න වෙන නිසා... ලස්සනට ගළපලා අක්කි... නියමයි...

    ReplyDelete
  10. අනේ මං මේ ඇබිත්තය නිසයි අහන්නෙ.. මේ සිංදු කෑල්ල ඔයාද ලිව්වෙ..?නැත්නම් මෙහෙම සිංදු කල්ලක් තියෙද?
    :O

    ReplyDelete
  11. @dinesh- හ්ම්ම්... ගොඩාක්ම ස්තූතියි අයියා.. මමත් ගොඩක් ආසා කරන සිංදුවක් මේ,. රෑක තනියම ඇහැරිලා ඉන්න ගමන් මේ සිංඳුව ඇහුවම දැනෙන හැඟීම විස්තර කරන්න බෑ,..

    @මන්තරකාරී- ස්තූතියි ,.

    @අම්බලම- මේක නම් කියන්නේ පෙම්වතෙකුට සහෝ,.. :)

    @මධුරංග අයියා- ඔව් අයියේ, හිතුන දේ එහෙමම ලිව්වා,. කිසිම වෙනසක් නොකර.. මේ සිංඳුවෙන් කියන්නේ එහෙම වෙන් වීමක් ගැනනේ.

    ReplyDelete
  12. @ගිනි කුරුල්ලා- ස්තූතියි මල්ලියෝ. මොකෝ මේ නම මාරු කරගෙන,.. :)
    හ්ම්ම්ම්.... මේ සිංදුව මට හිතට දැනුන සිංදුවක් මල්ලියෝ, .

    @Chamma- ඔව්, ඒක ඇත්ත, අද කාලේ වැඩිහරියක් අහන්න තියෙන්නේ ටකරන් සංගීතේනේ,.මේ වගේ සිංදුවක් කියන්න හරි දැන් ඉතිරි වෙලා ඉන්නේ අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ වගේ බොහොම සුළුතරයක් විතරයි..

    @හා පැටික්කි- ස්තූතියි නංගෝ,.

    ReplyDelete
  13. @රහස් පරීක්ෂකයා- ස්තූතියි..
    හ්ම්ම්ම්... ආමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් එක්තරා ප්‍රමාණයකට,.

    @හිතුවක්කාරී- ස්තූතියි නංගෝ,. වෙන් වුනත් ඒ ආදරේ අඩුවීමක් නෑ ,. සදාකාලික සුන්දර මතකයක් ඒ වෙන් වීම ඇතුලේ ‍රැඳිලා තියෙනවා,.

    @සුළගිල්ල- අනේ මෙහෙම සිංදුවක් තියෙනවනේ,. අමරසිරි පීරිස් මහතාගේ,. ගොඩක් ලස්සන සින්දුවක්.. අහලා බලන්න..

    ReplyDelete

Back
to top