කඳුළු වැස්සේ තෙමෙමින් ලියමි


නුඹ,
එකම එක වදනක්වත් නොකියා,
පාළුවේ මා දමා, 
වරු ගනන් ගත කරද්දී,
ඉඩෝරයට හසු වුන,
වියළි බිම් කඩක් ලෙස,
හැඟුමින් තොරව මා සිත
ශේෂ වී ගිය මුත්,
යලිදු,
එකම එක වදනකින් නුඹේ,
ඒ නිරුදක කතරම,
මහා ගං වතුරක් වෙන
කඳුළු වැස්සකින්,
සරුසාර කෙතක් ලෙස,
අස්වද්දනා අරුමය කිම,..


මේ දවස් වල අපිට විභාගේ,.පාඩම් කරන ගමන් නිකමට හිතුන කවි සිතුවිල්ලක් දාන්න හිතුනා,.

CONVERSATION

11 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ප්‍රර්තනාත් මහින්ද මාමගේ දිවි නැගුමට සපෝර්ට් කරනවා වගෙයි. කදුළු වැහි වලින් කෙත අස්වද්දුවට කමක් නැ නගෝ. ඔය ගොවිතැන් වැඩම කර කර ඉදලා විබාගේ එහෙම අමතක කරනවා එහෙම නෙවෙයි ඕන්. හිකිස් ................

    ReplyDelete
  2. he he..හොඳ නිර්මානයක් නංගා!

    ReplyDelete
  3. එක නම් මහා පුදුමයක් තමා ප්‍රර්ථනා.....අනේ මන්ද ඒ කොහොමද කියල....

    ReplyDelete
  4. දුක හිතෙන කවි සිතුවිල්ලක් !!!
    මේ කවිය කියෙව්වම අජිත් මුතුකුමාරණගේ ගීයක් මතක් උනා

    "මගේ නංගිගේ කදුලු වලින් මුතුපොට අමුනා
    ඔබේ කුමරිගේ ගෙල පැලදුවේ පෝරුවේ රන්දා"

    ReplyDelete
  5. නිකමට හිතුනා කිව්වට ලස්සනට පද ටික ගැටගහලා තියෙනවා..

    ReplyDelete
  6. නිකමට හිතුනට.. සිරාවටම ලියල තියෙනව..දැනෙන පද පේලියක් !

    ReplyDelete
  7. නුඹ,
    විටෙක මහා පාළු කතරක්..
    නුඹ,
    විටෙක උතුරා යන මහා වැස්සක්..

    ReplyDelete
  8. ම්ම්ම්ම්ම්ම්ම්... :( :( :(
    හිතූට දුක හිතෙනවා හලිද???
    ලස්සනම ලස්සනයි අක්කියෝ.... හැමදාම වගේ පද ගැළපීම උපරිමයි...:)

    ReplyDelete
  9. එක්සැම් එක හොදට කරගන්න නංගෝ....... හැමදේම වගේ ඒකත් ගොඩාක් වටිනවානේ

    ReplyDelete
  10. @අම්බලම- හී හී.. අනේ ඒවට මොන සපොර්ට්ද අයියා. මගේ දිවි නැගුම කරගන්න විදියක් නැතුව මම ඉන්නේ,..
    ස්තූතියි අයියේ,.

    @ඉන්දික- ස්තූතියි අයියේ, සිත් අහසට ආදරයෙන් පිලිගන්නවා.

    @සී නී- හ්ම්ම්.. ඒක තමයි.. කඳුළු ගලන් එන්නේ කොහොමද මන්දා..

    @මධුරංග අයියා- හ්ම්ම්.. ස්තූතියි අයියේ,.

    @CHAMMA- හෙ හෙ.. ස්තූතියි,.

    @වෙනි- බොහෝමත්ම ස්තූතියි, සිත් අහසට සාදරයෙන් පිළිගන්නවා,.

    @දිනේශ් අයියා- හ්ම්ම්... පාළු කතර මගේ සිත අවුලවද්දී,
    වැහි බිඳක් වෙලා ඔබම ඇද වැටෙයි මසිතට,.

    @හිතුවක්කාරී- හ්ම්ම්.. දුක් වෙන්න එපා නංගා, මේ අපේ ජීවිතේ හැටි..
    ස්තූතියි හොඳේ,.

    @දැවා අයියා- හ්ම්ම්.. ඒකත් කරගන්නවා අයියේ. ස්තූතියි,.

    ReplyDelete
  11. ආදරය ගග වගේ.. නිහඩයි ,ගැබුරුයි.
    කාලයට ඉඩ දෙන්න කෙත සරුසාර වෙන්න.

    ReplyDelete

Back
to top