෴ඉර හඳ යට෴ පළමු කොටස



පසන්ගේ වැරදුන ජීවන මඟ,. මේ එහි ඇරඹුමක් පමනක් නොවේ,.. 

වසර 5කට පෙර,....

"අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මෙලෙසින් ආරම්භ වන වගයි"
ඒ හඬත් සමඟම පාසල් ගීතය වාදනය කල තූර්ය වාදන කණ්ඩායම ආරාධිත අමුත්තන්ට ආචාර කරමින් පිට්ටනියේ එක් පසෙකින් නොපෙනී යන්නට විය,.

ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා ලද බාලිකා පාසල් කිහිපයක සිසු සිසුවියන් ඔවුන් සඳහාම වෙන් වූ විශේෂ කූඩාරම තුල ‍රැඳී සිටියහ.

"මචං, අන්න උඹේ ජන්මාන්තර වෛරක්කාරිත් ඉන්නවා අර කෙල්ලෝ ගොඩේ"

පැමිණි අවස්ථාවේ සිටම බාලිකාවියන් දෙස බැලුම් හෙලමින් උන් සමිත එක් වරම පෙන් වු දෙස බැලූ මට ඒ සොඳුරු රුවැත්තිය යලිත් වරක් දැන ගැනීමට ලැබින.

"දිනිති මා එක්ක තරහ වුනාට මම දිනිති එක්ක තරහක් නෑ බං, මම කවදාවත් දිනිති එක්ක කථා කරලවත් නෑනෙ. මට තියෙන එකම ප්‍රශ්නේ දිනිති මා එක්ක තරහ වුනේ මොන හේතුවකටද කියන එකවත් මම දන්නේ නැති එක"

"... කථා කරන්න ගියොත් ලැබෙයි හොඳට කන පුරවලා පාරක්, ඇත්තටම මටත් හිතාගන්න බෑ බං ඒ කෙල්ල මොන හේතුවක් නිසා උඹත් එක්ක මෙච්චරටම තරහද කියලා"

සමිත යලිත් පැවසුවේ බැ‍රැරුම් ස්වරූපයක් මවා පාමිනි.

නුවර උසස් පාසල් දෙකක ඉගෙනුම ලැබූ දිනිති හා මම හමුවූ දිනයක් හෝ වෙලාවක් මාගේ මතකයේ නොමැති වූවද, හමුවූ දින සිටම ඇය හා මා අතර කිසිදු මිතුදමක් නොවූ බව පමණක් මට ඉඳුරා ප්‍රකාශ කල හැක. මා දකින වාරයක් පාසා මා දෙස රවා බලමින් ගස්සා ඉවත බලා ගන්නා ඇය ඒ නිසාවෙන්ම මාගෙ සිත බැඳ ගැනීමට සමත් වූවාය,.  පැහැපත් සමකින්, දිගු කෙස් කලඹකින් හා දිගු දෙනෙතකින් යුත් මේ පුංචි ආඩම්බරකාරිය සමඟ වචනයක් හෝ කථා කරන්නට සිත් වූවත් ඇය මා කෙරෙහි දක්වන අකමැත්ත මා වැළැක්වීමට සමත් විය,.

එකම වයසක, එකම සමාජ තත්වයක සිටි දිනිති හා මම ඉගෙනීමටද එක ලෙස දස්කම් දැක්වුවෙමු. පන්තියේ මාසික විභාග වලින් පළමු ස්ථානය මට හිමි වන විට ඇය දෙවන ස්ථානය දිනාගත්තාය. සෑම දිනකම නිතරඟයෙන්ම මෙම ස්ථාන දෙක අප සඳහාම වෙන් වී තිබින. විද්‍යා විෂය ධාරාවෙන් ඉහළට ඉගෙන අසරණ මිනිසුන් සුවපත් කිරීම මගේ එකම අභිලාශය බවට පත්ව තිබිණ.

පන්තියේදී අප සියළු දෙනා දැඩි මිතුරු දමකින් බැඳී සිටියෙමු, දිනිතිගේ මිතුරියන් සියළුම දෙනා මා හා සමඟ කථා බස් කොට දොඩමලු වූ නමුදු මා දකින  සෑම විටකම දිනිති පමණක් හැකි ඉක්මණින් මා මඟ හැර යාමට උත්සාහ ගත්තාය.

"මොනවද හලෝ දිනිතිට වෙලා තියෙන්නේ හැම වෙලේම මට රවනවා, ඔරවනවා, කථා කරන්නෙත් නෑ"

දිනක් ඇගේ මිතුරියක වූ සඳපා හමුවූ විටෙක මා එලෙස විමසා සිටියේ ඇයගේ සිතේ මා පිළිබඳ ඇති අධික වෛරයට හේතුව දැන ගැනීමේ අටියෙනි,.

"කවුරු දන්නවද අනේ, ඔයාට බැනගත්ත ගමන්මයි,. ඕවා ගනන් ගන්න එපා , ටික කාලයක් යද්දි ඕක හරි යයි,. එයා කරන්නේ තේරුමක් නැති වැඩක් කියලා තේරුනාම එයාම කථා කරයි ඔයා එක්ක"

එසේ කියූ ඈ ඉක්මණින් කථාව වෙනතකට හැරවූයේ කුමන හේතුවක් නිසාදැයි මට වටහා ගත නොහැකි විය,.

උසස් පෙළ විභාගය දක්වාම එකම උපකාරක පන්තියක මා සමඟ එකට ඉගෙනුම ලැබූ දිනිති  එකම දිනක්වත් මා දෙස බලා සිනා නැඟූ බවක් මගේ මතකයේ නොමැත,. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ අරමුණින් යුතුව අප සියළු දෙනා අධ්‍යාපන කටයුතු වල යෙදී තරඟයක නිරත වූවද ඇය දකින වාරයක් වාරයක් පාසා ඇයගේ හිතේ මා කෙරෙහි පැවතුන හැඟීමට වඩා මා සිතේ ඇය කෙරෙහි පැවති ලෙංගතු බව වර්ධනය වන්නට විය.


ඔන්න යාළුවනේ මගේ කථාවේ පළවෙනි කොටස දැම්මා,. හොඳ නරක කියන්න,.. මීට කලින් මේ වගේ දිග කථාවක් මම ලියලා නෑ,. ඒ නිසා වැරදි හදාගන්න ඔයාලා මට උදව් වෙයි කියලා හිතනවා.. මේ කථාව මට හිතුන දේ ලියන්න ගත්ත එක උත්සාහයක් විතරයි,.



CONVERSATION

26 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අනෙ සහෝ....ඉක්මනට අනිත් කොටස් ටිකත් දාන්නකො...කතාව යන විදියට හෙන ආස හිතුණා.....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇත්තටම හොදයි ටිකක් නෙවෙයි ගොඩක්. අනිත් කොටසත් ඉක්මනට පලවෙයි කියල මම හිතනවා.

    ReplyDelete
  4. ඉක්මනට ලියන්න ඉතුරු කොටසත් අපිට කියවන්න

    ReplyDelete
  5. රස වින්දා.. බලමු ඉදිරියටත්...

    ජය වේවා...!!

    ReplyDelete
  6. කතාව යන විදිය නම් හිතට ඇල්ලුවා ප්‍රර්ථනා..ලස්සනයි කතාව...අනිත් කොටසත් දාන්නකෝ බලන්න... :)

    ReplyDelete
  7. මරු...මරු...ඔහොම යං.. ඔය තරහෙ නම් කොහේ හරි කොනක කොල්ලෙක්ගේ නමක් ගෑවිලාවත් ඇති

    ReplyDelete
  8. :) lassana kathawak wei kiyala hithenawa.. ekamanata ethuru tikath dannako.. :)
    All the best!!

    ReplyDelete
  9. මම ආස කරන විදිහේ ලස්සන කතාවක ආරම්භයක්.. අනිත් කොටසුත් ඉක්මනින් දාන්න...

    ReplyDelete
  10. අම්මේ අද තමා බැලුවේ. හොඳයි හොඳයි. දෛනික කොටස තව ටිකක් දිග උනා නම් තවත් හොඳයි.... හී.......:D

    ReplyDelete
  11. ලියමු ලියමු..අපි බලන්න ඉන්නවානෙ. මං ආස කතා කියවන්න තමයි...:)))

    ReplyDelete
  12. අහ් අක්කියෝ..... ඉක්මණට දන්න අනිත් කොටසුත්... දැන් ඔන්න මට හදිස්සියි හරී??? කියවනවා දැනුනෙත් නෑ... ත්ව දිගට දාන්න.. හරිම හරිම ලස්සනයි...:) ජය වේවා..!!!!!

    ReplyDelete
  13. මට නම් මේ කතාවේ නරකක් පේන්න නෑ. මම් දකින්නේ මේ කතාවේ හොද විතරයි. හික්ස් :)
    ලස්සනයි නංගි මේ කතාවේ ආරම්භය. නඟා පූර්විකාව ලියලා ගොඩ කාලෙකට පස්සේ තමයි පලවෙනිම කොටස ලියන්න ගත්තේ. මොකෑ උනේ ?

    මට හිතෙන විදිහට පසන් එක්ක දිනිති මොකක් නමුත් ආද....
    අහ්හ්... ඒවා ඕනැන්නේ නෑ. කියවන කොට ඒවා දැන ගන්න ලැබෙයි නේ. හික්ස් :)

    ප.ලි. - නංගි ඔයා නේද අර මනමේ කතාව ප්‍රශ්න පත්තරේක ලියලා තිබ්බ ලිපිය ලීවේ. මම් ඒක ලිව්වේ කවුද කියලා හෙව්වා ඒත් කවුද කියලා හම්බ උනේ නෑ. ආයෙමත් කියවන්න ආසයි ඒ ලිපිය.

    ReplyDelete
  14. ඉක්මනටම ඉතිරියත් දාන්න...කියවන්න ආසාවේ බලන් ඉන්නවා

    ReplyDelete
  15. @පිසාචයා- ස්තූතියි සහෝ,. ඉක්මනටම දාන්නම්.. වැඩ වැඩි නිසා කථාව ටයිප් කරගන්න වෙලාවක් නැතුවයි ඉන්නේ...

    @CHAMMA- ස්තූතියි යාළු.. සිත් අහසට සාදරයෙන් පිලිගන්නවා,.

    @සංජය සිතුවිලි- අනිවාර්යෙන් ලියන්නම්,.

    @සෝරෝ- ස්තූතියි..

    @ස්තූතියි යාළු.. පුළුවන් තරම් ඉක්මනට දාන්නම්,.

    @අම්බලම- හෙ හෙ.. හ්ම්ම්... බලමුකෝ මොකද වෙන්නේ කියලා.. සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්.,,

    ReplyDelete
  16. ස්තූතියි.. කථාවේ හොඳ නරක තීරණය කරන්නේ බලන ඔයාලම තමයි.. සිත් අහසට ආදරෙන් පිළිගන්නවා යාළු..

    @Dinesh අයියා- හ්ම්ම්.. ස්තූතියි අයියේ..

    @හා පැටික්කි- හෙ හෙ... වෙලාවක් නැති කම නිසයි මේ වගේ ටිකක් දැම්මේ.. ඊළඟ කොටස මීට වඩා දිගට දාන්නම්.. :)

    @සරත් ලංකාප්‍රිය- හ්ම්ම්... යමු යමු..

    @නිසුපා අක්කා- හෙ හෙ එහෙනම් බලමුකෝ අක්කේ.. අන්තිම වෙනකන්ම කියවලා හොඳ නරක කියන්නකො.. :)

    ReplyDelete
  17. @හිතූ නංගා- හරි හරී ඉක්මනට දාන්නම්කෝ.. ගොඩාක්ම ස්තූතියි නංගියෝ..

    @මධුරංග අයියා- හෙ හෙ..ස්තූතියි අයියේ. මේකයි විභාගේ නිසා ටයිප් කරගන්න වෙලාවක් නැතුව හිටියා.. මේකත් දැම්මෙ සුමාන ගානක් ටික ටික ටයිප් කරලා දැම්මේ..
    හ්ම්ම්.,.. බලමුකෝ මොකද වෙන්නේ කියලා..

    ප. ලි- ඔව් අයියා, මම තමයි.. http://prarthana-nimnaya.blogspot.com/2011/06/blog-post_13.html
    මෙන්න ඒකේ ලින්ක් එක..


    @සී.නී- දාන්නම් දාන්නම්.. ස්තූතියි.. :)

    ReplyDelete
  18. පොඩි කාලේ රසම රස කෑමක පොඩ්ඩක් දීලා පිස්සු වට්ටනවා වගේ සිරා කතාවක් පොඩ්ඩ පොඩ්ඩ කියවන්න දෙන්න එපා.ටිකක් දිගට ලියන්න යාළුවා. :)

    ReplyDelete
  19. @තනි අලියා- මොකෝ මේ අඬ්න්නේ,. සිත් අහසට සාදරයෙන් පිළිගන්නවා යාළු,.

    @කුබුවි-:) වෙලාවක් නැති කම නිසයි මෙච්චර පොඩියට දැම්මේ යාළු,. ඊළඟ කොටස මීට වඩා දිගට දාන්නම්කෝ.. ස්තූතියි..

    ReplyDelete
  20. උණුසුම් පිලිගැනීමට ස්තූතියි! අඬන්නෙ අැයි කිව්වොත්....... මමත් ජීවන මග යම් තරමකට වරද්දගත්ත කෙනෙක් තමයි! (නමුත් මගෙ ගුරුවරයා කියනව එ්කෙන් මාව නාස්ති උනේ නැතිබව). ඉතින් මට එහෙම වැරදිච්ච අයට දැනුන දේවල් තේරුම් ගන්න පුලුවන්! (අලි ගෙදරදී මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව! තව ටික කාලෙකින්)

    ReplyDelete
  21. හ්ම්ම්.. වැරදීම් වලින් තමයි අපේ ජීවිතේ හැඩගස්සවාගන්න පුළුවන් යාළු..

    ReplyDelete
  22. කතාව ගොඩක්ම ලස්සනයි.. කියවන්න ආස හිතෙනවා. ඊලඟ කොටසත් ඉක්මනටම දාන්න. සමහරවිට එයාට සමාන කෙනෙක් ගැන තියන තරහක් නිසා එහෙම හිතනවාද දන්නෙ නෑ.

    ReplyDelete
  23. ඔන්න මාත් කියවන්න පටාන් ගත්තා.. දැන් ඉතින් එක හුස්මට !

    ReplyDelete
  24. @හංසි- ස්තූතියි ,,, හ්ම්ම්ම්...අපි බලමුකෝ.. :)

    @සිහින- කාලෙකින් අයියා මේ පැත්තේ ඇවිත්.. :)

    ReplyDelete

Back
to top