සිත් ගත් ඔබ




සරසවියේ රූ අතර ඔබේ රුව සැඟවෙනා,
ලං වෙලා යලි යලිත් දුරින් ‍රැඳුනේ සදා,.
හන්තාන , ආල කඳු නැති වුනත් මට මෙදා,
නිමක් නෑ බැඳි පෙමේ කිසිම වෙනසක් සදා,.


තුරු වැල්ද ලිය ගොමුද උයන් කොන් නැති වුවත්
සෙවණ වෙයි විසල් තුරු මඟ දිගට ‍රැ‍ඳෙන කල්,
කාශ්ඨක පොළව මත ආදරේ දිය බිඳක්
ඉසින්නට අවසරයි නුඹ මවෙත ‍රැඳේ නම්,.


දූලි වියැකෙන පොළොව වැතිර යන දාහයට
සිසිල් සෙවනක් වෙලා ඔබ පෙනෙයි දුරින් මට,
නෙතු වලින් පවසනා රහස් දැනෙනා කලට,
‍රැ‍ඳෙන්නට අවසරද ඔබේ නෙතු කෙවෙනි යට,.


මම ගොඩාක්ම ආසා කරන කෙනෙක් වෙනුවෙන් ලියවුන කවියක්.. එයා මේක බලන්නේ නෑ කියලා මම දන්නවා,. ඒත් මේ කවිය ඒ විශේෂ කෙනා වෙනුවෙන්මයි. 

CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. විශේෂ කෙනා කියලා කියන්නේ ඔයාගේ අරයට වෙන් ටෑ. පෙන්නේ නැද්ද මේ කවියේ ආදරය බේරෙන තරම්...
    හන්තානට පායන හඳවල් නැති උනාට කොළඹ අහස යටත් ලස්සන ආදර කතා ලියවෙනවා හයිද.....

    ReplyDelete
  2. හ්ම්ම්... මගේ අරයම නෙවෙයි අයියේ..
    හිතාගන්නකෝ මෙහෙම කිව්වම ඉතින්,.. :)
    මට ගොඩාක්ම විශේෂ කෙනෙක් ගැනයි ලිව්වේ,.
    හ්ම්ම්ම්.. කොළඹ අහස යට මේ ආදර කථාව කවදා ලියවේවිද මන්දා.. :)

    ReplyDelete
  3. ආව්ව්ව්ව් හෆ්ෆා...... මටනම් සන්තෝසේ බෑ.... මමනම් දන්නවනෙ කතාව.. ඔය කතාව කොළඹ අහස යට ලියවෙන්නම කියලා මම මගේ අක්කි වෙනුවෙන් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...

    මේ පින්තූරෙ ඉන්න කෙනා තරම්ම එයා හැන්ඩ්සම් ද අහ්??? ;) ෂෝයි ෂෝයි..!!!!! මගෙ අක්කට හරි ගියා කියන්නෙ කාටද ආඩම්බර..ජය වේවා...!!!!

    කොළඹ අහස යට ලියවෙන ආදරණිය ප්‍රාර්ථනා ගේ සදාදරණීය ප්‍රේම කථාව ළගඳීම....... ;) ;)

    ReplyDelete
  4. කවි පේලිය නම් ගොඩක් ලස්සනයි අක්කේ...ඒත් තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට..දාල තියෙන ෆොටෝ ඒක නම් එච්චර ලස්සන නෑ...:))
    ලස්සන එකක් දාන්න..
    ප්‍රාර්ථනා අක්කගේ ආදර කතාව කොළඹ සරසවි බිමේ වැඩි දවසක් නොගිහින්ම ලියවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!!

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි..
    ආදරයක් හිත අද්දර ඉගි බිගි කරද්දි දැනෙන සතුට ...නේද මේ..
    ම්හ්...අතිතයට ගියා.....හිතම.

    ReplyDelete
  6. හන්තානට පෑව්වත්, රුහුණට පෑව්වත්,කොළඹට පෑව්වත්...ඒ එකම හඳ..
    බලන කෙනාගෙ හැටියට ලස්සන පේනව...
    ආදරෙත් එහෙම වෙන්නැති....

    ලස්සන කවි ටික අක්කේ....

    ReplyDelete
  7. ලස්සනයි...මාත් මේ වගේම කවියක් කෙනෙක්ට ලිව්වා.... :P
    මගේ කතාව නම් කිසිදා නොලියවෙන එකක්..

    ReplyDelete
  8. කවුද අප්පේ මේ විශේෂ කෙනා?? කොහොම උනත් කවි පෙල ලස්සනයි...

    ReplyDelete
  9. ලස්සන කවියක්....
    පද ගලපලා තියෙන රිද්මයටත් මං කැමතියි..! එළ..!
    මේ ඒක නෙමෙයි විශේෂ කෙනා කොහින් හරි ගිහින් මේක දකියි වගේ.
    එහෙම වුනොත් බඩුම තමයි..!

    ReplyDelete
  10. @හිතුවක්කාරී- හෙ හෙ හෙ... ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් ඒක රහසක්..
    ස්තූතියි නංගියෝ...

    @ගිනි කුරුල්ලා- ස්තූතියි මල්ලියෝ. ෆොටෝ එක නම් වෙනස් කරේ නෑ.. ඒක එයාට ටිකක් විතර සමාන නිසයි එහෙම දැම්මේ.. :)

    @නිල් අහස- ස්තූතියි යාළු, හ්ම්ම්... හිතට දැනෙන ආදරේ කියාගන්න වචන ගලපගන්න හරිම අමාරුයි..
    සිත් අහසට සාදරයෙන් පිළිගන්නවා.

    @පිසාචයා- ඔව් මල්ලියෝ කොහේ හිටියත් ආදරේ කරන හිතත් එක වගේ. ඒ හැඟීම් වල වෙනසක් නෑ,.. ස්තූතියි හොඳේ.

    ReplyDelete
  11. @දඩබ්බරී- ස්තූතියි යාළු. හ්ම්ම්ම්... මගේ කථාවත් සමහරවිට ලියවෙන එකක් නෑ..
    ආදරේදි හිමි වීම් වගේම අහිමි වීමත් පොදුයි යාළු,. ආදරේ කරන හිතකට දුක සතුට දෙකම උරුමයි..

    @Dinesh අයියා- හ්ම්ම්ම් හිතන්න බලන්න කවුරු වෙන්න පුළුවන්ද කියලා. ස්තූතියි අයියේ.. :)

    @දමියා- ගොඩාක්ම ස්තූතියි යාළු,
    හපොයී එයා දැක්කොත් බඩුම තමයි නෙවෙන්නම්,.. හිතන්නවත් බෑ එහෙම වුනොත් වෙන දේ... :)

    ReplyDelete
  12. කවි ටික නම් ලස්සනයි! :)

    ReplyDelete
  13. @තනි අලියා - ස්තූතියි.. :)

    ReplyDelete
  14. අහ මෙයාද ඒ? ෂෝයි :))))

    ReplyDelete
  15. හෙ හෙ.. මෙයා නම් නෙවෙයි,. :) ඒත් ටිකක් මේ වගේ,. :P

    ReplyDelete

Back
to top