෴ඉර හඳ යට෴ දෙවන කොටස


කාලය මේ ලෙසින් ගතවී යද්දී දිනෙන් දින උසස් පෙළ විභාගයට දින ලඟා වන්නට විය. වෙනදා මෙන් නොව දිනපතා පැවැත්වෙන උපකාරක පංති නිසා දිනපතාම දිනිතිව දැක ගැනීමට මට අවස්තාව ලැබින,.

නමුත් ඇගේ ඒ හැසිරීම දිනෙන් දින මා වැඩි වැඩියෙන් වේදනාවට පත් කිරීමට සමත් විය. මගේ සිතේ ඇය පිළිබඳව ඇතිවන සමීප බව වර්ධනය වන තරමටම ඇය මා කෙරෙන් දුරස් වන ප්‍රමාණයද වර්ධනය වුනි,. මේ සියළු බාධක හැල හැප්පීම් මැදින් මා උසස් පෙළ විභාගයට සැරසුනේ මාගේ හීනය සැබෑ කරගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව වේ,.

ඒ විභාගයේ පළමු දින උදෑසනයි,.

"පුතූ නැගිටින්න මූණ කට හෝදගෙන ලෑස්ති වෙන්න,"

අම්මාගේ ආදර බර කටහඬෙන් අවදි වුන මා මුහුණ කට සෝදාගෙන ලක ලැහැස්ති වන විටම සමිත අපේ ගෙදරට පැමිණියේය,.

"හා හා යමු , උඹ හරියට ලෑස්ති වෙන්නේ මනමාලියෙක් බලන්න යනවා වගේනේ,. කවුරු දකියි කියලද ඔය හැඩ වෙන්නේ, "


එසේ කියමින් විහිළු කල සමිත  මා සමඟ ගෙයින් පිටවිය.
අම්මාගේ හා තාත්තාගේ දෙපා වැඳ ආශිර්වාදය ලබා ගත් මා අම්මාගේ උණුසුම් සිප ගැනීමකින් තවත් දිරිමත් වුනෙමි,.
ඔව්, ඇයගේ ආදරය වෙනුවෙන් මා යමක් දිය යුතුව ඇත, ඈ දස මසක් පුරාවට මා කුස දරා සිටිමින් මා හට උපත දුන් නිසාවෙන් මම අද මෙවන් තැනක සිටින්නෙමි. ඉතින් ඒ වෙනුවෙන් ඇයට දිය හැකි එකම ත්‍යාගය සතුටයි.
වසර විස්සක් පුරාවට මා හදාවඩාගත් තාත්තා වෙනුවෙන් ඔහුට දිය හැකි එකම ත්‍යාගය ඔහුගේ සිහින සැබෑ කරලීමයි. මම එය ඉ‍ටු කරන්නෙමියි මටම සපථ කරගනිමින් මම සමිත සමඟ පාසලට යාමට  බස් නැවතුම්පල දෙසට පිය නගන්නට වීමු.

"අපෝ, අද දවසම ඉවරයි,."

සමිත් කී වදන් කා හට පැවසුවේද යන්න නොවැටහුන මම ඔහුගේ නෙත් යොමු වුන දෙස බලන්නට වීමි. ඒ මගේ සිත ඇඳ බැඳ ගත් ඒ සමනළියයි,. සුදු ‍රැලි ගවුමෙන් සැරසී කොණ්ඩ කරල් දෙකක් ගොතා ගෙන සිටි ඇය මට දිස් වුනේ කුඩා දැරියක මෙනි,.

"උඹට හොඳ නැති වුනාට මට හොඳයි,"

 මා සෙමින් මිමිණූ වදන් සමිතට නොවැටහුනේ ඔහු සුපුරුදු පරිද්දෙන්ම පාසල් බස් රථය එන තුරු ‍රැ‍ඳෙන බාලිකාවියන් දෙසට නෙත් යොමාගෙන සිටි බැවිනි,.
එක් වරක්වත් දිනිති දෙස බලා සිනාසෙන්නට මා වෑයම් කලද ඇය මා නොදු‍ටු ලෙස වරින් වර හිස ගස්සමින් අහක
 බලාගත්තාය,.

එක් වරක්වත්
‍රැ‍ඳෙන්නට අවසරද
ඔබේ ඔය නීල දෙනුවනෙහි ඡායාවක්ව,.
සෙවනැල්ලවත් මගේ
ඔය නෙතෙහි දු‍ටුවහොත්,
ඒ නෙතු මතම මියෙන්නෙමි මම,.

හිතට ගොනු වුන වදන් පෙළ ලියාගන්න කොළයක් නැති වුනත් මේ තරම් හොඳින් මතකයේ ‍රැ‍ඳෙන්නට ඇත්තේ ඒ නෙතු වල බලපෑම නිසාවෙන්ම වෙන්නට ඇත,.
විභාග ශාලාවට පියනගන දිනක් පාසා ඇගේ රුව සිත් සේ දැක ගත් බැවින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට මට ඇගේ වාසනාව බලපෑවේ යයි මම තදින්ම විස්වාස කලෙමි, එසේ වුවත් ඇගේ ඒ දවාලන බැල්ම නම් කිසි දිනයක වෙනසක් නොවූ බව පමණක් මට කිව හැකිය.
*******************************************************************
උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් මසක් ගතවූ පසුවත් කිසිදු මිතුරෙක් හෝ මිතුරියකගෙන් කිසිදු තොරතුරක් නොලද හෙයින් සමිත හමු වීමට යාමට මම සිතාගත්තෙමි.. වෙන අය කෙසේ වුවත් දිනිති ගැන තොරතුරු දැන ගැනීමට යාම මගේ එකම අවශ්‍යතාවය විය,.

පුරුදු පරිදි මහ මගට බැස පයින්ම ඇවිද යන මට එක් වරම දකින්නට ලැබුනේ රෝස පැහැති ගවුමකින් සැරසුන සොඳුරු යුවතියකි, දුර තියාම ඒ රුව හඳුනා ගන්නට මට හැකිවිනි.. ඔව් ඒ ඇයයි... දිනිති,. මා දු‍ටු විගස යලිත් පෙර පුරුදු ලෙසින්ම ඉවත බලාගත් ඇය ඉක්මන් ගමනින් බස් නැවතුම දෙසට පියනගන්නට විය.

"අද නම් මේකේ දෙකින් එකක් බේරගන්නවා, "

"දිනිති මට ඔයා එක්ක කතා කරන්න ඕනේ ටිකක්,"

"මට ඔයා එක්ක කිසිම කථාවක් නෑ, මට පාඩුවේ ඉන්න දෙන්න "

එසේ කියූ ඇය  පෙර පරිදිම ගස්සා ඉවත බලාගත්තාය,.

"මොකක්ද දිනිති මේකේ තේරුම, මම ඔයා එක්ක කථා කරලවත් නෑ, ඇයි මා එක්ක මෙච්චර තරහක්,. "

මම එසේ ඇසු විටම මා දෙස බැලු දිනිති ප්‍රතික්‍රියා දැක්වූයේ මා සිහිනෙකින්වත් නොසිතු අන්දමිනි,
දැඩි පහරක් මගේ කම්මුල හරහා වදිනු පමනක් මගේ මතකයේ තිබින,

"මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"

යලිත් එසේ කියමින් දිව ගිය ඈ එවිටම වාගේ පැමිනි බස් රථයේ නැග පිටත්ව ගියාය,,

ඇති වූ දැඩි ලැජ්ජාවත්, දුකත් හේතුවෙන් නොසන්සුන් වූ සිතකින් යුක්ත මම සිදුවූ දේ වටහා ගැනීමට නොහැකිව බලා සිටියෙමි,.  ප්‍රසිද්ධ ස්තානයකදී මට කම්මුල් පහරක් ගැසීමට තරමේ වෛරයක් ඇගේ සිතේ පවතින්නේ කුමන හේතුවක් නිසාද යන්න වටහා ගැනීමට නොහැකිව මා අන්ත අසරණ තත්වයකට පත්වුනෙමි.

එහෙත් කුමක් කරන්නද,.... කාලයා විසින් මේ සියළු දේ පැහැදිලි කර දෙනු ඇත,.

පළමු කොටස

CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අපොයි...අහිංසක කොල්ලා කම්බුල් පාරකුත් කෑව නේද......මොකද්ද ඔය තරමටම තියන තරහව

    ReplyDelete
  2. අපොයි.. මේකනම් සැහෙන නඩුවක්... ඇත්තටම ඇයි දිනිති එහෙම කලේ?? හ්ම්ම්.. කතාවෙන්ම අපිට උත්තර ලැබෙනකම් බලාගෙන ඉමු...

    ReplyDelete
  3. බුදු අම්මෝ...එක පාරටම කම්මුල් පාරක් ගහන්න තරම් දෙයක් වුනාද???? O_o

    ReplyDelete
  4. හැබැයි ඉතින් මට ඔහොම දෙයක් උනා නම් ආදරේ පැත්තකින් තියල අනිත් පැත්තට මාත් හොඳ කම්බුල් පාරක් දීල තමයි එන්නෙ.

    ReplyDelete
  5. ඇත්තටම ඒ කොල්ලා ගැන දිනිතිට තියෙන තරහා මොකද්ද?
    මට නම් ඒක තාම තේරුමක් නෑ. කමක් නෑ. නංගි උත්තර දෙන්න ඕනැන්නේ නෑ. කතාව දිගටම කියවගෙන යමුකෝ. එතකොට තේරුං ගන්න පුලුවන් වෙයි නේ.

    ReplyDelete
  6. අඩේ මට වෙච්ච එ්ව හොඳයිනෙ බං! exam කරපු තුම්පාරම එක දවසක් වත් ඔහොම බූට් කාරයො මගදි හම්බ උන් නෑ! මේ පාර මම වටපිට බල බල ගියෙ දුටු තැන කණට ගහන්න, හොඳ වෙලාවට මුලිච්චි උන් නෑ!

    ReplyDelete
  7. එක් වරක්වත්
    ‍රැ‍ඳෙන්නට අවසරද
    ඔබේ ඔය නීල දෙනුවනෙහි ඡායාවක්ව,.
    සෙවනැල්ලවත් මගේ
    ඔය නෙතෙහි දු‍ටුවහොත්,
    ඒ නෙතු මතම මියෙන්නෙමි මම,.

    අක්කියෝ....... මේක හරිම ලස්සන පද පෙළක්.. මට හුගාක් ආස හිතුනා.. ලස්සනම ලස්සනයි...:)

    කතාව ගැනනම් කියන්න දෙයක් නෑ.. නියමායි තමා කියන්න තියෙන්නෙ..:)

    ප.ලි- දිනිති සැරයි නේද?? පවු ඒ කොල්ලා..:(

    ReplyDelete
  8. අෆ්ෆා..පුදනකොටම කැපි යකා :/

    ReplyDelete
  9. හ්ම් හ්ම් හ්ම් ...... කතාව ලස්සනට ගලාගෙන යනවා වගෙයි පෙන්නේ... ඔබට සුබ පැතුම් ජය....

    ReplyDelete
  10. දබර වැඩියි කියන්නේ ආදරයක් ළඟ පාතලු..............

    තියන තරහා මෙයා නිසා හැමදාම සෙකන්ඩ් උන එකද දන්නැ ක්ලාස් එකේදි......

    ReplyDelete
  11. අනේ මන්දා කුතුහලේ වැඩිකරන් යන්නකෝ අන්තිමටම..

    ReplyDelete
  12. @සී. නී- හෙ හෙ හ්ම්ම්ම් කෑවා නේන්නම්,. හ්ම්ම්,, තියෙන තරහව මොකක්ද කියල අපි බලමුකෝ..

    @Dinesh- හ්ම්ම්, ඇත්තටම ඇයි දිනිති එහෙම කලේ කියලා සමහරවිට පසන්ම කියාවි, එතකන් බලාගෙන ඉමු අයියේ..

    @නිසුපා- හෙ හෙ. ඒක නේන්නම්.. කෙල්ලොන්ගේ හිත් තේරුම් ගන්න අමාරුයිලුනේ අක්කා..

    @kasun- හපොයි. එහෙනම් ඔයා වගේ කෙනෙක්ට ඒ කෙල්ල ලැබුනා නම් මේ කථාව අදින් ඉවරයි,..

    ReplyDelete
  13. @මධුරංග අයියා- ඇත්තටම මොකද එහෙම වෙන්නේ කියලා කථාව අන්තිමේ හරි කොහේදි හරි සමහරවිට පසන්ට තේරේවි අයියේ..

    @තනි අලියා- හෙ හෙ හෙ, හපොයි හොඳ වෙලාවට මුලිච්චි වුනේ නැත්තේ. පව් ඒ අහිංසකයෝ..

    @හිතුවක්කාරී- ගොඩාක්ම ස්තූතියි නංගියෝ.. හ්ම්ම්,,., දිනිති නම් සැරයි තමයි. අපි බලමුකෝ වෙන දේ

    @CHAMMA- හෙ හෙ ඒකනේ.. පසන් දිනිති එක්ක කථා කරපු මුල්ම දවසෙම කම්මුල් පාරකුත් කෑවලු..

    @NNK- හ්ම්ම් බොහොමත්ම ස්තූතියි යාළු..

    @හා පැටික්කී- හ්ම්ම් බලමුකෝ බලන්න වෙන දේ.. සමහරවිට ඔයා කියන දෙකින් එකක් හරි යන්නත් පුළුවන්..

    @සරත් ලංකාප්‍රිය- හෙ හෙ.. හ්ම්ම් බලමු වෙන දේ,..

    ReplyDelete
  14. මං මේ නිකං අහන්නෙ! එයාලට අහිංසකයො කියනවනං අහිංසකයන්ට කවුරු කියලද කියන්නෙ ? ;) :D

    ReplyDelete
  15. අපොයි පුදනකොටම කාපි යකා කිව්වලු.කෑවා නේද කොල්ලා. මේ එක හුස්මට කියවගෙන යන ගමනේ අතරමග.බලමු ඉස්සරහ...

    ReplyDelete
  16. @සිහින අයියා- හෙ හෙ.. බලමු බලමු,, ස්තූතියි අයියේ

    ReplyDelete

Back
to top