ආදරෙයි නුඹට මම මගේ හද ගැහෙනා හැම වාරේ,.



නිශා හිම කැටිති මල් පියලි වී
තුහින මල් කෙමි විසිරුනී,
ඉඳුදුනක් ඈතින් පැහැය දී
සේල සුළඟට විසිරුනී,.


සිතක පැටලී දෙනෙත් හමුවී
තව හදක් වී මං මුලා,
සවනතට මුමුණමි යලිත් මම
ආදරේ රහසින් කියා,.


සොඳුරු දිනයක සොඳුරු මොහොතක
දෑත් පැටලී තනි වෙලා,
උරතලය මත ‍රැඳී ඉන්නෙමි
ඔබේ සුසුමින් මත් වෙලා,.


ගැහෙන  හදවත නැගෙන නාදය
ආදරේ ස්වර රාව දේ,
ඇසෙන කල ඒ සොඳුරු නාදය
මගේ හද තත් සලිත වේ,.


තරිඳු, දිනපති වී මගේ ලොව
එලිය වී ඔබ බැබළෙනා,
සිහිනයක් වී නෙතු කෙවෙනි මත
ඉන්න සැමදා ලං වෙලා,.


මේ දවස් වල ආදරේ ගැනම කවි ලියවෙන එක ගැන මා එක්ක තරහා වෙන්න නම් එපා යාළුවනේ,. මට කෙනෙක්ව ගොඩාක් මතක් වෙනවා,. ඒ නිසයි මේ කවි ලියවෙන්නේ. මම බොලඳයි කියලා ඔයාලා හිතනවද මන්දා. මට එයා දකින වාරයක් ගානේ ඇති වෙන හැඟීම විස්තර කරන්න බෑ. ඒ හැඟීම තමයි කවියක් වෙලා නිකන්ම ලියවෙන්නේ.. මගේ සතුට දුක බෙදාගන්න මට ඉන්නේ ඔයාල විතරයිනේ. ඉතින් මම ඒ නිසයි මේවා ආසාවෙන් මගේ බ්ලොග් එකේ දාන්නේ. 

CONVERSATION

20 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මෙහෙමයි දරුවෝ. ආදරේ බොලඳයි කියලා හිතෙන්නේ පිටින් බලන කෙනෙක්ට මිසක් ආදරේ කරන දෙන්නට නෙමේ. ඔය අච්චර උගත් මිනිස්සු කවිකාරයෝ හිතන් ආදරේ ඉදිරියේ බොළඳ වෙන එකේ අපි ඕගොල්ලෝ ගැන කවර කතාද නංගි.

    මෙයත් සදරු මල්ලි වගේ ඔකද වෙලාද කොහෙද. ඒකනේ ආදරේ ගැනම කවි ලියන්නේ. කවි ටික කස්සනයි. ආදරේ බේරෙනවා. හික්ස් :)

    ReplyDelete
  2. එහෙම් එහෙම්........... අක්කියෝ.... වැඩේ බරපතලයි වගේ.... දැන් නම් රෝගය උත්සන්න වෙලා....:D :D :D හික්ස්ස්..... නියමයි අක්කි....

    ලස්සනට පද ගළපලා. හැඅමදාම වගේ.. පුදුම ලස්සනයි මේ වචන.
    "
    තරිඳු, දිනපති වී මගේ ලොව
    එලිය වී ඔබ බැබළෙනා,
    සිහිනයක් වී නෙතු කෙවෙනි මත
    ඉන්න සැමදා ලං වෙලා,."

    මම ආසම ඒ ටිකට.... හරිම ලස්සනයි...!!

    අපෝ..... මමනම් තරහා නැතෝ.... මම දන්නවනෙ ඉතින් මගේ අක්කාට මේ දවස් වල "අරයාව" මතක් වෙනවා වැඩියි කියලා.;)
    අනේ දෙයියනේ මේ ආදරේට ඒ හිත බැදිලා හැමදාකම එකටම බැදිලා තියෙන්න ඕනෙ.. ජය වේවා අක්කි...!!!!!

    ReplyDelete
  3. අයියෝ.. මං හිතුවෙ මම පළවෙනියා කියලා.. මධුරංග අයියා ඉස්සර වෙලානෙ...:(

    ReplyDelete
  4. ඊගාව පාර එක වෙමු. මම් අද ගෙදර නිසයි එක වෙන්න පුලුවන් උනේ. ඔයානේ ඉතින් ප්‍රාර්ථනා නංගිගේ ආදරනීය නංගි පොඩ්ඩ !!!!

    ReplyDelete
  5. ලස්සනයි නංගි. කෙනෙක් මතක් වෙනකොට කවි ලියවෙන එක අහන්නත් දෙයක්ද.හිතේ තියා ගෙන ඉන්නවාට වඩා ලියන එක හොදයි

    ReplyDelete
  6. ලස්සන කවි පන්තියක්! :) මට සාමානයයෙන් ඔය අාදරය ප්‍රේමය වගේ දේවල් ෆෝකස් වෙනව හෙන අඩුයි! එ්ත් මේ කවි පන්තියේ ලස්සන නම් ෆෝකස් උනා :)

    ReplyDelete
  7. ආදරේ බොලදයි නේන්නම්....

    ReplyDelete
  8. බොහෝ සොඳුරුයි
    සිත් අහසේ ඇඳි
    කවි සිත්තම ඔබේ
    ප්‍රර්ථනා

    ReplyDelete
  9. හ්ම්....ලස්සනයි අක්ක කවි ටික...ආදරේ ඉදිරියේ බොළඳ වෙන්නේ නැත්තේ කවුද අක්කේ......අම්මේ අක්කට හරියට මතක් වෙනවා වගේ නේද......අනේ ඉතින් කියන්නත් දෙයක්ද...මතක් වෙන පාරට නේන්නම් කවි ලියවෙන්නේ...ඔන්න ඕක මටත් පොදුයි...ඔය හිත දෙක එකට බැඳිලා හැමදාම සතුටින් ඉන්න පතනවා

    ReplyDelete
  10. කවදාවත් ආදරේ බොළදයි කියල හිතන්න එපා. ඔබ ඔය පවසන ආදරයමයි කෙනෙකුට ලොකු ඉලක්කයක් දී ඔහු දියුණු පුද්ගලයෙකු බවට පත්කරන්නෙත් දියුණු පුද්ගලයෙකු නොදියුණු තැනැත්තෙක් බවට පත් කරන්නෙත්. එමනිසා ආදරය බොලද නොවේ ආදරය ප්‍රබල දෙයකි.. කොහොම උනත් මම ඔබට සුභ පතනවා ඔබේ අනාගතයට.. ඔබට ජය ....

    ReplyDelete
  11. @මධුරංග අයියා- හ්ම්ම්, ඔව් අයියා. මට නම් මේ ආදරේ මහමෙරක් වටිනවා.. හිතූ නංගාගේ කථාවක එයා කියනවා වගේ මගේ ජීවිතේට තිබුන ඉඩෝරේ නැති වෙලා ගිහින් වැස්සක් වෙලා වැටෙන්නේ මේ ආදරේ,. ඉතින් ඒ ආදරේට මම ආදරෙයි..
    හෙ හෙ සඳරු ඔකද වුනේ මට වඩා ගොඩාක් කලින් නේ?
    ස්තූතියි අයියේ,.. :)

    @හිතුවක්කාරී නංගා- හෙ හෙ ඔව් ඔව්, දැන් නම් උත්සන්නයි, මොනව වෙයිද මන්දා.. වැඩි වෙලා උණ සන්නිපාතෙට ආවොත් මාව බලන්න එන්න හොඳේ. හෙ හෙ,,

    ස්තූතියි නංගියෝ, ඔයා මගේ ගාව ඉන්න එක මට ලොකු සතුටක්.. මගේ දුක සතුට බෙදාගන්න..
    පළවෙනියා නොවුනට මොකෝ ඔය දෙන්න මම කලිනුත් කිව්ව වගේ මගේම අයියයි නංගියි වගේනේ.. ඒ නිසා දෙන්නම රන්ඩු නොකර හොඳ ළමයි වගේ ඉන්න ඕනේ හොඳේ,.

    @මධුරංග අයියා- නැත්නම් හිතූ නංගා මගේ ආදරණීය නංගා පොඩ්ඩ තමයි.. :)

    @නිසුපා අක්කා- ස්තූතියි අක්කේ,, ඒකනේ මතක් වෙන පාරක් ගානේ මම කොලයක් අරන මොනව හරි කුරු‍ටු ගානවා. මේ දවස් ටිකටම මට ප්‍රේම කවි වලින් රෙකොර්ඩ් එකක් ගහන්න පුළුවන් වෙයි වගේ.. ගොඩාක්ම ස්තූතියි මගේ සතුට බෙදාගන්න ආවට,.

    @තනි අලියා- බොහොම ස්තූතියි යාළු, ආදරේ හරියට දැනෙනකන් ආදරේ තියෙන සුන්දරත්වය දැනෙන්නේ නෑ යාළු, ඔයා කවදා හරි කෙනෙක්ට ආදරේ කරන දවසට ඔයාටත් ඒක තේරුම් යාවි..

    ReplyDelete
  12. @පොඩි මෑන්- හ්ම්ම් ඒකනේ...

    @සරත් ලංකාප්‍රිය- බොහෝමත්ම ස්තූතියි, හැමදාමත් මේ පැත්තේ ගොඩ වෙනවටත් ගොඩාක් ස්තූතියි..

    @සිතුවිලි නිහඬයි- ස්තූතියි නංගා, හ්ම්ම් ගොඩාක් මතක් වෙනවා, ඉවසන් ඉන්න බැරිම තැන තමයි මේ කවිය දාන්න හිතුවේ,.
    සුභ පැතුමට ගොඩාක්ම ස්තූතියි නංගෝ.. ඒ වගේම තමයි මගේ සතුට බෙදාගන්න මාව බලල යන්න එන එකටත් ස්තූතියි.

    @ බොහොම ස්තූතියි, ඇත්ත ආදරේ ප්‍රබලයි, ඒ හැඟීම අපේ හිත පුරාම පැතිරිලා යන්නේ හිතට ලොකු ශක්තියකුත් එකතු කරමින්..

    ReplyDelete
  13. ආදරේ බොලද නෑ නංගී... ඔයා ඔයාගේ හිතේ තියෙන දේ ලියන්න.. දැන් මමත් කවි ලියන්නේ නැති එකේ මේ වගේ ආදර කවියක් කියවනකොට හිතට අමුතු හැගීමක් දැනෙනවා..

    ReplyDelete
  14. හ්ම්ම් ඔව් අයියා, ආදරේ නම් බොලඳ නෑ.. හිතේ තියෙන දේ මට කියන්න තියෙන එකම තැන මෙතන විතරයිනෙ.. එහෙම කිව්වම හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක් අයියේ

    ReplyDelete
  15. කවි ටික මාරයි.
    ඇත්තටම ලස්සනයි
    ආදරේ ඔහොම තමයි

    ReplyDelete
  16. අපි නම් ඉතින් ආදරේ කරලා ....දැන් නං ඉතින් පවුල් පන්සල් වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න අය ...ඒත් ආදරේ ගැන මේ වගේ හෘදයාංගම පදවැලක් කියෙව්වම සිතට පුදුම සතුටක් දැනනවා ,
    කොහාම වුනත් ඔබේ සිතේ සතුටට අපිත් සුබ පතනවා ...ආදරේ විඳගන්න ...සතුටින් ...

    ReplyDelete
  17. @රහස් පරීක්ශකයා- ස්තූතියි යාළු,,, හ්ම්ම් ආදරේ මෙහෙම තමයි..

    @මහේෂ් නිශාන්ත- හ්ම්ම්,,, පුංචි පැටවු දෙන්නෙක් එක්ක ගතවෙන මේ කාලය හරිම සුන්දර ඇති නේද?
    බොහොමත්ම ස්තූතියි..

    ReplyDelete
  18. සමහරවිට මම කාටවත් ආදරේ කරන එකක් නෑ! :) ;)

    ReplyDelete
  19. ලස්සනයි අක්කියෝ

    ReplyDelete
  20. @තනි අලියා - හ්ම්ම් ඇයි ඒ..

    @හිම හංසි- ස්තූතියි නංගෝ..

    ReplyDelete

Back
to top