පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ



අද කොළඹ අහස කළු කරගෙන මහා ධාරානිපාත වැහි ඇදන් වැ‍ටුනා,. ඒ අතරේ මගේ හිතට ලස්සනම ලස්සන දේදුන්නක් පායලා. උදේ ඉදන් හිතට දැනුන සතුට කියලා නිම කරන්න බෑ. මම කවි ලියපු ඒ ලස්සන ඇස් දෙක තමයි උදේම කැම්පස් එකට ඇතුල් වෙද්දිම දැක්කේ.  

විභාගෙට තව දවස් දෙකයි,.

පාඩම් කරන්න හිතාගෙන කොමන් රූම් එකේ පැත්තකින් වාඩි වුනත් අර ඇස් දෙක මගේ ඉස්සරහින් සැරෙන් සැරේට එහේ මෙහේ යද්දි මම කොහොමද හිත හදාගෙන පාඩමක් කරන්නේ. ඒ නිසාම ඒ ඇස් දිහා බලාගෙන මගේ ඇස් කථා කරද්දි මගේ යාළුවන්ගෙන් බේරෙන්න නම් මට පුළුවන් වුනේ නෑ.පොත අතට ගත්තත් පැත්තකින් සැරෙන් සැරේ මතු වෙන ඒ රූපෙ බලාගෙන ඉන්නම බැරි තැන මම පුස්ථකාලෙට ගියා තනියම ටිකක් ඉන්න හිතාගෙන.. පුස්ථකාලේ දෙවෙනි තට්‍ටුව හරිම නිස්කලංකයි,. පාඩම් කරන අයට වෙන් වුන තට්‍ටුව තමයි ඒක,. පුස්ථකාලේ ජනේලයක් ගාව තිබුන මේසයක් අල්ලගෙන මම වාඩි වුනේ මේ හැමදේම අමතක කරලා පාඩමක් කරන්න හිතාගෙන.

වැස්සත් එක්ක මුහු වුන වැහි බිඳු හුළඟ එක්ක මුහු වෙලා ඇරලා තිබුන ජනේලයක් අතරින් මගේ මූණේ වැදෙන්න ගත්තා. වෙන දවසක නම් සීතලෙන් ඇකිලෙන මගේ මුළු ඇඟම සීතල වෙලා ගියේ හිතට අමුතුම විදියක හැඟීමක් එකතු කරමින්,. පාඩම් කිරිල්ල පැත්තකින් තියලා මම ජනේලෙන් එලිය බලාගෙන ඉන්න පටන් ගත්තා,. අපේ කැම්පස් එක ඉස්සරහා තියෙන්නේ  මහා රූස්ස ගස් පේලියක්. පුස්ථකාලේ ඉස්සරහ පැත්තෙත් එහෙමමයි,. මේ රූස්ස ගස් වලට වැටිලා පොළව සිඹින වැහි බිඳු කොච්චර ලස්සනද?.. හුළං පාරත් එක්ක වැහි පොද තාලෙට එහේට මෙහේට පාවෙන හැටි මම බලාගෙන හිටියේ පුදුම ආසාවකින්,. එක කොලයක් උඩට වැටෙන වැහි බිඳුවක් එතනින් තවත් කොළයක් උඩට වැටෙනවා. සීතල හුළඟක් සැරෙන් සැරේට ඇවිත් ආයෙමත් මගේ ගත සීතල කරවද්දි මම තවත් වහින දිහා බලාගෙන හිටියා,.

ඒ අතරේ ඇතින් මම දැක්කේ කුඩයක් යටින් එකට ගුළි වෙලා යන ආදරවන්තයෝ දෙන්නෙක්,. ඒ ආදරේ කොච්චර සොඳුරුද? වැටෙන වැහි බිඳු තමන්ගේ සියොලඟම තෙමාගෙන ඇදගෙන හැලෙද්දි පෙම්වතිය පෙම්වතාට තවත් තුරුලු වුනා,. රෝස පාට මල් වැ‍ටුන පාර දිගේ ඒ දෙන්නා ඈතටම යනකන් මම ඒ දිහා බලන් හිටියේ හරිම ආසාවෙන්,. ඒ අතරේ කොහේදෝ ඉඳලා ආපු ලේන ජෝඩුවක් ජනේලේ ගාව පුංචි සෙල්ලමක,. එක්කෙනෙක් පස්සේ අනිකා දුවනවා,. ආයෙමත් නවතිනවා,. ආයෙමත් දුවනවා,. එක්කෙනෙක් නතර වුනොත් නතර වුන කෙනා ගාවට අනිත් ලේනා දුවගෙන එනවා,. හරිම සුන්දරයි,. මේ හැමදේම අතරේ ආයෙමත් පොත මතක් වුන මම පොත දිහා බලද්දි මගේ ඇස් එක පාරටම ඇඳිලා ගියේ මේසේ මත ලියලා තිබුන පුංචි කවි සිවු පදයකට,

නිමේශයක් පාසා  මා නුඹ ලඟම නම්,
මල් පාර පුරාවට මල් වැහි වැටේ නම්,
තුරු හිස වසාගෙන වැසි ඇද වැටේ නම්,
වසන්තය කුමකට සිසිරයත් මනරම්,..

මේසේ පුරාවටම තිබුන කුරු‍ටු ගී වල ගැබ් වුන සුන්දර ආදරේ මම වින්දා අද  පළවෙනි වතාවට,.
කී දාහක් පෙම්වත්තු මේ මේස වල වාඩි වෙලා එකිනෙකාට මුමුනමින් පෙම් බස් කියන්නට ඇත්ද?
කී දාහක් දෙනාගේ ආදර කථා මේ මේස වල කවි පද වෙලා ලියවෙන්න ඇතිද?.

හදිසියේම ආපු සිතුවිල්ලක් නිසා පොත ඇතුලේ තිබුන කොලයක් එලියට ඇඳලා ගත්ත මම ලියන්න ගත්තා,. එක දිගට ලිව්වා,. මගේ කවියක් මේ කුරු‍ටු ගී වලට එකතු කරන්න ඕනෙමයි කියලා හිතාගෙන ලිව්වා,.
වැස්ස, පිණි බිඳු, පෙම්වතුන්, කුරු‍ටු ගී,. මේ හැමදේම කොයි තරම් නම් සුන්දරද?
කවියකට ගලපන්න බැරි තරමට සිතුවිලි ගලාගෙන එද්දි මේ ජීවිතේ කොච්චර සුන්දරද කියලා මට හිතුනා,.
ඒ ඇස් දෙක දකින්න මම මඟ බලාගෙන හිටියා,. ඒ ඇස් එනකන් මම පුස්තකාලෙට වෙලා බලන් ඉන්න බව එයා දැනගෙන හිටියා නම්......

මම දන්නවා, එයා අනිවාර්යෙන්ම ඒවි....

පැයක් තිස්සේ ගලපපු පද වැල් වලින් ආදරේ උතුරලා යද්දි ඒ පද වැල් ටික පරෙස්සමට පාඩම් පොත ඇතුලේ දාගත්ත මම ආයෙමත් ෆැකල්ටිය පැත්තට යන්න පිටත් වුනේ ඒ ඇස් දෙක ආයෙමත් දැක ගන්න ආසාවෙන්.

කොළඹ අහසට මුරුගසන් වැසි
ඇඳ හැලෙයි මිණි කැට ලෙසින්,
පොත්ගුලේ කවුළුවක් අභියස
හිඳිමි ඔබ දකිනා රිසින්,..

සිසිල සඳනා තුෂර බිඳු දැක
ඔබේ උණුසුම සිත සොයයි,
එක කුඩේ යට ,පිණි වැස්ස මැද
ඇවිද යන්නට මට සිතයි,.

පිණි බි‍ඳෙන් පිරි තුරුලතා මැඳ
සැලෙන මගේ සිත දොඩමළුයි,
නොදැක ඉන්නට, නොහැකි තරමට
දෙනෙත වෙහෙසෙයි, ඔබ සොයයි,.

පෙම් වදන් පිරි කුරු‍ටු ගී මැද
පොතට පෙර නෙත ‍රැඳවුනේ,
ඔබට යලි යලි බලාගන්නට
ලියා යන්නද පෙම මගේ,.




CONVERSATION

36 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. පළවෙනියටම මගේ අක්කියෝ මට කියන්න තියෙන්නෙ, ඔන්න ඔයා බලාගෙන් උන්නු වසන්තය ළගටම ඇවිත් ඔයාට අත වනනවා.පිපෙන්න බලාගෙන පෙරුම් පුරපු ඒ මල් පොහොට්ටු, දැන් හිමින් හිමින්, පෙති එකින් එක විහිදනවා වගේ.....සත්තයි අක්කි. මට විශ්වාසයි... ඒ මල් පිපෙයි...... එදාට මේ කොළඹ අහසර දරාගන්න බැරිව ලස්සන ආදර වැස්සක් වැටේවී... ඒ ලස්සන කාලෙ හරිම ළගයි....මට දැනෙනවා...


    ඔයාගෙ මේ පිස්සු හැදෙන ආදර කථාවට මගෙන්, මේ හිතුවක්කර පිස්සු නංගාගෙන් සුභ පැතුම්...!!!!

    "කොළඹ අහසට මුරුගසන් වැසි
    ඇඳ හැලෙයි මිණි කැට ලෙසින්,
    පොත්ගුලේ කවුළුවක් අභියස
    හිඳිමි ඔබ දකිනා රිසින්,.."

    මේ කවිය කියවද්දි මට මැවිලා පෙනුනා.;) මම ආසම කවිය.ඒක.ලස්සනයි අක්කියෝ...

    ජය වේවා...!!!!!!

    ReplyDelete
  2. (හහ්හ් ඔය පාඩම් කරල තියෙන්නෙ හොඳට...:p:p)
    හරිම ලස්සනයි ප්‍රා..!
    ඇත්ත,වසන්තය කුමකට සිසිරයත් මනරම්!!!!!

    ReplyDelete
  3. ''ඔබට යලි යලි බලාගන්නට
    ලියා යන්නද පෙම මගේ,.''

    අනේ මම හරිම ආසයි මේ දෙපේලියට... :)))
    ඔයාට මේ කවිය ඩෙස්ක් එකේ ලියල එන්න තිබ්බෙ...දවසක ලස්සන මතක සටහනක් වේවි... :)
    බය වෙන්න එපා කෙල්ලේ..ඔයාගෙ ආදරේ ගැන එයා අනිවාර්යයෙන්ම දන්නව ඇති..වවුල්ස් දවසක් මට කියාපු දෙයක් තමයි..කෙනෙක් තවකෙනෙක්ට ආදරේ කරනවනම් ඒක ගොඩාක් වෙලාවට අනික් කෙනාට ඉබේටම වගේ දැනෙනව කියන එක..මමත් ඒක විස්වාසකරනවා ඇත්තෙන්ම.අනික ඔයාගෙ ඇස් ඔච්චර දෙඔඩමලු වෙද්දි එයාට ඒක නොතේරී තියෙයිද..??

    ReplyDelete
  4. හෙහෙ එහෙනම් ඒකත් හරිවගේ.දැන් පාඩම් කරන්නෙ කවද්ද එතකොට

    ReplyDelete
  5. මමත් ගියා නංගෝ අපේ ලයිබ්‍රියට....ඉක්මනටම ඒ ඇස් දෙක ඔයාගෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  6. අක්කලා කැම්පස් එකේදි ලස්සනට පාඩම් කරනවා වගේ...

    ඇත්තටම එයා එවී.

    ReplyDelete
  7. ලස්සන අදහස්! :)
    හැබැයි යාලුවෙක් විදියට කාරණයක් කියන්නම්....... Education First :)
    මොකද අපිට පිහිට වෙන්න හැමදාටම ඉන්න එකම එක්කෙනා තමයි ඉගෙන ගත්ත දේවල්, මම එ්ක තේරුම් ගත්ත විදිය කියන්නම්.... තව ටික කාලෙකින්! :'(
    මොන දේඋනත් කතාව ලස්සනයි! :)

    ReplyDelete
  8. මෙන්න නංගිටත් අර හිතු නංගිට හැදුන එකේම අනිත් ලෙඩේ හැදිලා. ඒ වෙන මොකවත් නෙමේ ආදරේ කියන ලෙඩේ. දැන් විභාගෙට පාඩම් කරන්නේ නැද්ද ?

    ReplyDelete
  9. ඉක්මනටම ඔයාගේ ඒ ඇස් දෙක ඔයාගේ හිත ලඟ නතර වෙන්න කියලා පතනවා.

    පාඩම් කරන ගමන් පොතේ පිටු ටික එහෙම උලා කන්නේ නෑ .... හයි ද ?

    හා හා....පාඩම් පාඩම් .... පාඩම් කරනු !!!!

    ReplyDelete
  10. @මධුරංග අයියා-මෙන්න බොලේ.. මධුරංග අයියා....:p :p මට හැදුන ලෙඩේ...????මට හැදුනු ලෙඩේ මොකක්ද?? හික්ස්ස්ස්.... මධූට අනේ.. මට නෙවෙයි.;)

    @ප්‍රාර්ථනා අක්කි- ඔව් ඔව්.. අයියා කිව් ලෙසටම පාඩම් කරන්නයි කිව්වෙ.:/ ;) හොද අක්කිනෙ..

    @මකුළු පැංචි- වවුල්ස් කිව්ව කතාව ඇත්තක් වෙන්න ඇති.. අනේ ඒත් එහෙම දැනිලත් නොදැනුනා වගේ ඉන්න අයත් ඉන්නවා හෆ්ෆා...:/

    ReplyDelete
  11. කවිය වගේම පොස්ට් එක ලියපු විදියත් ගොඩක් ලස්සනයි. හොයන ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. :)

    ReplyDelete
  12. හරිම ලස්සනයි අක්කේ.....
    මූඩ් අවුල් වෙලා තිබ්බ මගේ හිත දැන් නම් කූල්...

    ReplyDelete
  13. මට යලි යලි බලා සැනහෙන්නට
    ලියා යන්න නුඹේ පෙම් ගීතය
    වදන් වලට නොපෙරලුන හිතේ සෙනෙහස
    කවි කර යන්න මට දිනක කියවන්න..

    නුඹ වගේම මගේ දෑසත්
    නුඹව සොයන බව කියන්නට හැකිනම්
    දිනක මේ වැහී කුඩේ යටින්
    අවිද යාවි අපි වෙමින් තවෙකෙකුට කවියක්...

    ඔයාගේ කවිය එයා දැක්කම ලැබෙවි කියලා හිතුන විදිහේ පිළිතුරු කවියක් ඔන්න මම ලිව්වා..

    ReplyDelete
  14. @මකුළු පැංචි :
    එතකොට වවුල් පැංචා ඔයාගේ වෙලාද ඉන්නෙ? දන්නේ නැති නිසයි අහන්නේ. හික්ස් :)

    ReplyDelete
  15. බලන්න මේ ළමයි පාඩම් කරන ලස්සන.. :D

    @ හිතුවක්කාරී - ඉතින් මධු කියන්නේ ඔයා නේ :P

    ReplyDelete
  16. @හිතුවක්කාරී :
    ඔව් දැනිලත් නොදැනුනා වගේ ඉන්න අය ඉන්නව නං තමා..ඒකට වෙන උදාහරණ මොකටද ඉතින්..වවුල්ස් වුණත් ඒ කැටගරියෙමනෙ.. :D හැබැයි දවසක එක්කෙනෙක්ට ඕක වචන බවට පෙරලන්නම වෙනවා...වෙනවාමයි...

    @මධුරංග අයියා:
    හපෝයි ඔව් ඔයා නොදන්න නිසාමයි අහන්නෙ කියල මම දන්නවනෙ ඉතින්.. :D

    ReplyDelete
  17. @ChammA අයියා- ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්.. ඕං පටන් ගත්තා. කවුද කියන්නෙ මධූ මං කියලා??? :p :O මෙයාල මට අභූත චෝදනා කරන්නෙපා...;)(හරිද මංදා වචනෙනම්..;))

    ReplyDelete
  18. @හිතුවක්කාරි :
    මධූ ඔයා නෙමේ කියලා මමත් කියන්නේ නෑ.... හික්ස් :)

    @මකුළු පැංචි :
    ඇත්තමයි දන්නේ නෑ නෑංගි. දන්නවනම් ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න.

    @ප්‍රාර්ථනා නංගි :
    කෝ මේ ප්‍රාර්ථනා නංගි ? කෝ අපට කමෙන්ට් වලට රිප්ලයි දෙන්නේ නැද්ද ? ආහ්... එයාට මේවට වෙලාවක් නෑනේ දැන්..... හික්ස් :)

    ReplyDelete
  19. @හිතුවක්කාරී - මම දන්නවා නංගියෝ, ඊයේ දවස තරමේ සතු‍ටු දවසක් මට කවදාවත් ලැබිලා නෑ,. මම මගේ බ්ලොග් එකේ ගොඩාක්ම ආස එක පෝස්ට් එකක් තමයි මේ පෝස්ට් එක,. ඒ හැමදේම මාත් එක්ක බෙදාගන්න ඔය දෙන්නට ගොඩාක්ම ස්තූතියි නංගෝ, මධුරංග අයියේ,. ඒ වගේම අනිත් හැමෝටමත් ගොඩාක් ස්තූතියි,.

    මගේ පිස්සු හැදෙන ආදර කථාව ගොඩාක්ම සුන්දර වුනේ ඒක ඔයාලා එක්ක බෙදාගත්ත නිසයි නංගියෝ,. මම දැන් මගේ කැම්පස් එකට ගොඩාක් ආදරෙයි,. ගොඩාක් දුක් විඳපු මගේ හිතට ඊයේ ඇත්තටම දේදුන්නක් පෑයුවා. ඒ දේදුන්නේ පාට හැමදාමත් නොමැකි තියෙනවා නම් මම ගොඩාක්ම ආසයි, මම දන්නවා ඒ පාට ආයෙමත් කවදාවත් මැකෙන එකක් නෑ,.
    ගොඩාක්ම ස්තූතියි නංගෝ,.

    @අශා- හී හී.. ඒ වුනාට මම පාඩම් කරා,. ඔයා දන්නවනේ ඉතින් මම පාඩම් ක5රන විදිය ගැන,. ඒ නිසා ගනන් ගන්න එපා, ඔන්න ඔයාවත් හිටියා නම් මට හොඳට පාඩම් කරන්න තිබුනා. කොහේද ඊයේ ඔයත් ආවේ නෑනේ

    ReplyDelete
  20. @මකුළු පැංචි- මටත් හිතුනා ලියලා එන්න,. ආයෙමත් දවසක ගියාම අනිවාර්යෙන් මම ලියනවා මගේ ආදර කථාව,. :)
    මගේ ආදරේ ගැන එයා දන්නවා අක්කේ,. ඒත් එයා හරි ලැජ්ජාකාරයෙක්,. ;) මාව දැක්ක ගමන් කොහේ කොහේ හරි දුවනවා,. ඒත් මගේ ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ,. හෙ හෙ

    @නදී- හ්ම්ම් හ්ම්ම්ම්... පාඩම් නම් මේ දැනුත් කරනවා,. හෙට විභාගේ,. හෙටයි අනිද්දයි න් පස්සේ මම නිදහස් ,..

    @මන්තරකාරී- ගොඩාක්ම ස්තූතියි අක්කේ,. :ඪ්

    @රහස් පරීක්ෂකයා- හෙ හෙ හෙ.. ඒකනේ මල්ලියො, කැම්පුස් එකේ පොඩ්ඩක් පිස්සු නටන්නත් එපාය.. නැත්නම් එපා වෙනවනේ,.

    ReplyDelete
  21. @තනි අලියා- හ්ම්ම්, ඔව් යාළු මාම් ඒක දන්නවා,. ගොඩාක්ම ස්තූතියි... :ඪ්

    @මධුරංග අයියා- හපොයි, පව් අනේ මගේ නංගා, මඩ ගහන්න එපා,. :)
    ගොඩාක්ම ස්තූතියි අයියේ,. ඒ සතුට මට ලැබුන දවසක ඔයාලටත් ඒ සතුට අයිතියි,. :)

    පාඩම් කරන එක ගැන නම් අනේ මන්දා, මම මේ බලන් ඉන්නේ සඳුදා දවස එනකන්,. බලන් ඉන්න එකත් එපා කරපු වැඩක් එක අතකට,.

    @හිතුවක්කාරී- හී හී,, ඔන්න මම නම් දන්නේ නෑ, හැමෝම හිතන් ඉන්නේ ඔයා මධූ කියලා,. පසුවදන දෙනකන් මම නම් එහෙම හිතන්නේ නෑ,. ;)
    ඒත් මටත් නිකන් හිතෙනවා වගේ................ ;)

    @ජයමාල් ද වාස් ගුණවර්ධන- ගොඩාක්ම ස්තූතියි යාළු. ප්‍රාර්ථනාවටයි ඇගයීමටයි දෙකටම,.

    @Dinesh අයියා- අනේ,.. මේ කවිය හරිම ලස්සනයි අයියේ,. ඇත්තටම එයා එහෙම කියාවි තමයි,. ගොඩාක්ම දැනුනා අයියගෙ කවිය, ගොඩාක් ස්තූතියි අයියේ,.

    ReplyDelete
  22. @පිසාචයා- ස්තූතියි මල්ලියෝ, ඒත් ඇයි ඔයාගේ මූඩ් අවුල් වුනේ,. මොකක් හරි ප්‍රශ්නයක්ද?

    @CHAMMA- හෙ හෙ හෙ.. හ්ම්ම්.. එක එක කාලෙට එන ලෙඩනේ මෙව්වා,. හැදුනාම හොඳ කරන්න බෑ,. :)

    හැමෝගෙම හොර වැඩ ටික ටික එළියට එනවා වගෙයි මට පේන්නේ,.

    ReplyDelete
  23. @ප්‍රාර්ථනා නංගි :
    ඔන්න ඔයාගේ සතුට බෙදා ගන්න නම් මම් එන්නේ නෑ. ඔයාගේ සතුට ඔයා තනියම භුක්ති විඳින්න.

    දුකක් තියේ නම් කියන්න. එදාට එන්නම් ඒක බෙදාගන්න. එතකොට දුක අඩුවෙයි.

    ReplyDelete
  24. ඔයාලා මගේ සතුට දුක දෙකේදිම මට ඕනේ අයියේ,. දුකට වඩා සතුටෙදි ගොඩාක්ම ඕනේ,. :)

    ReplyDelete
  25. කොල්ලා ගැන මනෝ ගගහ ඇවිදිනකොට අහු වෙනව එහෙම නෙමෙයි ,අරිද නංගි.......:P

    ඉක්මනටම වැඩේ ගොඩ යන්න කියල සුභ පතනව ඕං........

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. දැනගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ! ක්‍රියාවේ යෙදීම ද වැදගත් ය!

    ReplyDelete
  28. @කුබුවි අයියා- අපෝ නෑ, වැරදිලාවත් ඒ පැත්තට නම් එන්නේ නෑ මනෝ පාර ගහගෙන.. හෙ හෙ,,
    ස්තූතියි අයියේ.. :D

    ReplyDelete
  29. කවිය ගොඩක්ම ලස්සනයි. ඔයාගෙ හිතට දැණුනු හැඟීම ඊටත් වඩා ලස්සන ඇති අනිවාර්යයෙන්ම. මාත් ආසයි ඒ හීනෙට.

    ReplyDelete
  30. වස්සාන කාලෙනේ! ආදරවන්තයන්ට වැස්ස කියන්නේ සුන්දර අත්දැකීමක්... සීතලේ තනියම හීන මවන්න, කුඩේ යටින් තුරුල් වෙලා යන්න ................

    ReplyDelete
  31. @හංසි- ස්තූතියි යාළු... හ්ම්ම් ඒ හැඟීම ගොඩාක්ම ලස්සනයි.

    @විසිතුරු- හ්ම්ම් හ්ම්ම්... හීන නම් ගොඩායි, ඒත් හැබෑ වේවිද මන්දා

    ReplyDelete
  32. ආදරේ නම් ඉතින් දැන් ගොඩක් වෙනස් අමගකයි යන්නේ.. එත් කවි ටික නම් පංකාදුයි !

    ReplyDelete
  33. ස්තූතියි, ආදරේ වෙනස් මඟක යනවා කිව්වේ ????

    ReplyDelete
  34. ඉතින් හම්බුනාද ඇස් දෙක :)

    ReplyDelete
  35. PLS VISIT THIS SITE BY FIREFOX
    WWW.RAWAYA.NET
    http://www.rawaya.net/site/index.php?option=com_content&view=category&layout=blog&id=40&Itemid=30

    ReplyDelete

Back
to top