ඔබ+ මම = "අපි" ද නොදන්නෙමි, නමුත් ඔබ+ මම = "ආදරය" බව දන්නෙමි.





ඔයාව මුලින්ම මට හම්බ වුන දවසේ, මම හිතුවේ නෑ ඔයා මේ තරමට මට සමීප වෙයි කියලා,. ඔයාව හම්බ වුන මුල්ම දවසේ ඉදන්ම ඔයාව මට හොඳට මතකයි. ඇත්තමයි, එදා ඔයා ඇඳන් හිටියේ ලා නිල් පාට ෂර්ට් එකක්,. එදා වගේම අදටත් ලා නිල් පාට ඔයාට හරිම ලස්සනයි කියලා ඔයාට කියන්න ඕනෙ වුනත්, මට එහෙම කියන්න හයියක් නෑ,. මේ ලඟදි දවසකුත් කොහේදෝ ඉඳන් මගේ ගාවට ආපු ඔයා එවේලේ ඇඳන් හිටියෙත් ලා නිල් පාට ෂර්ට් එකක්, එක පාරටම මගේ ගාවට ආව ඔයා අත හෝදන ගමන් මොන මොනවදෝ මුමුනගෙන ගියා,. හරිම ආඩම්බරෙන් ඉන්න ඔයා මා එක්ක ඒ විදියට කථා කරපු එක ගැන පුදුම හිතුනත් ඒ බව නොපෙන්නා මම ඔයා එක්ක කථා කරා. ‍රැග් එක කාලේ ඔයාට බයෙන්, ඔයා දකිද්දි හැංගෙන මම අදටත් ඔයා ගැන තිබුන ගෞරවය එහෙමමයිඔයාව පාරකදි දැක්කත් ඔයා එක්ක හිනා වුනත් ඒ  ගරුත්වය කවදාවත් අඩු වුනේ නෑ,. ඒ සමහරවිට ඔයා කැම්පස් එකේදී හැසිරෙන විදිය නිසා වෙන්නත් ඇති,. කාව වුනත් ඕනෙවට වඩා ලං කරගන්නේ නැති සරල , ඒත් ටිකක් විතර දඟකාර චරිතයක් වුන ඔයා දකින හැම පාරකම අනිත් හැමෝටම වඩා විශේෂත්වයක් ඔයාගෙන් මම දැක්කා,. 


අනිත් හැමෝම යාළුවෝ කවුරු හරි අයියා කෙනෙක් අල්ලගෙන කථා කරද්දි මම ඒ අයට විශේෂ කැමැත්තක් තිබුනේ නෑ,. මම ඔයා ගැනම කථා කරන නිසා මගේ යාළුවෝ ඔයාට හුරතල් නමකුත් පට බැන්ඳා
"චූටි"තමයි ඒ නම. එහෙම නමක් පට බැන්ඳේ කාට හරි ඔයාගේ ඇත්ත නමින් අපි කථා කරන ඒවා ඇහුනොත් අපිට පිස්සු කියලා හිතෙන නිසා,. ඒ ඔක්කොම කරත් මගේ හිතේ ඔයා ගැන එහෙම විශේෂ කැමැත්තක් තිබුනට ඒක ආදරයක් නෙවෙයි කියලා මට කියන්න පුළුවන්,. ඔයා එක දවසක් හරි කැම්පස් එකේදී මාත් එක්ක කථා කරොත් එදාට මම ඉන්නේ හරිම සතුටින්. තරුවක් එක්ක කථා කරා වගේ,, :P ;)

ඔයා හිනා වුනොත් එදාටත් යාළුවෝ හැමෝටම කියනවා ඔන්න "චූටි" අද මා එක්ක හිනා වුනා කියලා,. :) . ඒත් එතන තිබුනේ ආදරයක් නෙවෙයි, අපිට වඩා වැඩිමල් අයියා කෙනෙක් අපි එක්ක කථා කරන එක අපි දැක්කේ හරිම ලොකු දෙයක් විදියට, සමහර විට ඔයාලට ‍රැග් එක කාලේ අපේ හිතේ ඇති වුන ගෞරවය නිසා වෙන්න ඇති,.

එහෙම හිටපු ඔයා අද වෙනකොට මගේ මුළු හිතම අයිති කරගෙන,. මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා,. ඔයාට ආදරේ කරන එක හරිද වැරදිද කියලාවත් මම දන්නේ නෑ,. මම මීට කලින් ආදරේ කරලා තිබුනත් ඔයා දැක්කම මම ඇත්ත ආදරයක් මීට කලින් විඳලා නැත්දෝ කියලා මට හිතෙනවා,. ඔයා දකින හැම වෙලාවකම මගේ මුළු ඇඟම සීතල වෙලා කකුල් පණ නැතුව යන්නේ කොහොමද මන්දා,. ඔයා මට ගව් ගානක් දුරකින් දැක්කත් මගේ පපුව එක පාරටම ගිනි ගොඩක් වෙනවා. එක පාරට අඬන්න , ඒ වෙලාවෙම හිනා වෙන්න, ඒ දෙකම මට ඕනේ වෙනවා. එකම එක පාරක්.. ඔව්,. එකම එක පාරක් ඔයා මගේ දිහා බැලුවොත් මට මම ඉන්න තැනවත් මතක නැති වෙනවා,. ඒ වෙලාවට කවුරු මොනවා කියනවද කියලවත් මට සිහියක් නෑ,. ඔයා දැක්ක ගමන් මගේ දැඟලිල්ල ඔක්කොම නැති වෙලා එක පාරටම මාව තැන්පත් වෙනවා,. දවස පුරාම මගේ ඇස් ඔයාව හොයද්දි එකම එක වතාවක්වත් ඔයාව නොදැක්කොත් කියලා මට බය හිතෙනවා,. ඔයාව දකින්න හිතාගෙන බලාගෙන ඉද්දි ඔයාගේ යාළුවෝ ඔක්කොම මා එක්ක හිනා වෙලා මාව පහු කරන් යද්දි ඇයි ඔයා තාමත් නැත්තේ කියලා මගේ හිත අහපු වෙලාවල් ඕනේ තරම්,. ඒත් කොහොම හරි අන්තිම මොහොතේ හරි ඔයා එනවනේ කොහේ හරි ඉඳන්. ඒ වගේ වෙලාවට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ,. බලාපොරොත්තු කඩ වෙලා ඉන්න වෙලාවක ඒ බලාපොරොත්තු වුන දේ ලැබෙනකොට තියෙන සතුට විස්තර කරන්න අමාරුයි,. 

ඒත් මම දන්නේ නෑ මේ හැමදේකම අවසානය කොහොම වේවිද කියලා,. ඔයා මගේ හැම ඉරියව්වක්ම, හෙලවීමක්ම බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා,. හිටපු ගමන් ඔයා කැන්ටිමේ පැත්තකින් මතු වෙලා නංගා මම ඉන්නවා කියන්න වගේ බලලා, ආයෙමත් නොපෙනී යනකොට මගේ හිත සතුටින් කෑගහන තරම ඔයා දන්නේ නෑ,. ඔයත් විනාඩි දහයෙන් දහයට මගේ ඉස්සරහින් එහෙට මෙහෙට ඇවිදිද්දී කොහොමද දෙවියනේ මම ඉවසගෙන ඉන්නෙ,.

අඟහරුවාදා දවසට අපිට නිවාඩු නිසා මට කැම්පස් එන්න වෙන්නේ නෑ,.එදා දවස මම ගත කරන්නේ කොච්චර අමාරුවෙන්ද? මම දන්නවා ඔයාටත් එහෙම වෙන්න ඇති, ආදරේ නිසා ගොඩාක් දුක් විඳපු මාව මේ තරම් තේරුම් ගන්න පුළුවන්කම ඔයාට ලැබුනේ කොහොමද කියලවත් මම දන්නේ නෑ,. කලබල වුන වෙලාවට සීමාවක් නැතුව බය වෙන අඬන මගේ හිත හදන්න ඔයාගේ එකම එක කෙටි පණිවිඩයක් ඇති,.
ඔයාට පුළුවන් නංගෝ කියලා ඔයා එව්වාම මට දැනෙන ශක්තිය කියලා නිම කරන්න බෑ.


ඔයා ඊයේ මට කිව්වා නේද අයියේ
"මම කැම්පස් එකේ කාටවත් බය නෑ නංගා, ඒත් ඔයාව දැක්කාම මගේ හිත ගැස්සෙනවා" කියලා.
ඒ වචන ටිකට මම කොච්චර ආදරේද කියලා ඔයා දන්නවා නම් අයියේ,. 


ඔයා මාව ගොඩාක්ම හොඳට තේරුම් ගත්තා,. සමහරවිට එක හේතුවක් නිසා අපි දෙන්නට අපේ වෙන්න බැරි වෙයි, (ඒ හේතුව පසුවට :P). ඒත් ඔයා මට දුන්න ආදරේ, මගේ ආදරේ තේරුම් ගත්ත එක ගැන මට ගොඩාක්ම සතු‍ටුයි,. ඔයාගේ ජීවිතේට දෙන්න පුළුවන් හැම සතුටක්ම මම දෙනවා. ඒත් ඔයා දකින හැම දවසකම මගේ කකුල් පණ නැති වෙලා පපුව හයියෙන් ගැහෙන්න ගන්න එක නම් නවතීවි කියලා මම හිතන්නේ නෑ. ඔයා දකින වාරයක් ගානේ මම අහක බලාගන්නේ ඔය කථා කරන ඇස් දෙක දිහා බැලුවොත් මට මේ මුළු ලෝකෙම අමතක වෙන නිසා,. ඒත් ඔයා දවසට කොච්චර නම් දේවල් ඔය ඇස් දෙකෙන් මට කියනවද?. වචන එකක් දෙකක් අතරෙන්, සමහරවිට එක වචනයකවත් නැතුව, අපි දෙන්නා දවසට කොච්චර නම් දේවල් කථා කරනවද? ඒ හැමදේකටම මම ගොඩාක් ආසයි, ආදරෙයි,.
ඉතින් ඔයා කවදා හරි දවසක මේ පෝස්ට් එක දැක්කොත් මට බනින්නේ නෑ කියලා මම දන්නවා,. එදාට ඔයා මට කියාවි මෙහෙම

"නංගෝ, මම ඔයාට ගොඩාක් ආදරෙයි"



මම අද ලියපු දේවල් නම් කාටවත් කියවලා රසවිඳින්න පුළුවන් තත්වෙක තියෙනවද කියලා මම දන්නේ නෑ,. ඇත්තම කිව්වොත් මට මේ දැනෙන හැඟීම වචන වලට හරවන්න බෑ. ඒත් හිතේ හිර කරගෙන ඉන්න බැරි නිසයි මම මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවේ,. ඒ වගේම මට ආදරේ කරලා මම නිසා හිත රිද්දවගත්ත හැමෝගෙන්ම මම අද සමාව ගන්නවා,. මම දන්නවා ඒ අය හැමෝම මේ බ්ලොග් එක බලනවා,. ඒත් ඒ හැමදේම වුනේ මගේ වැ‍රැද්දෙන් නෙවෙයි කියලත් එයාලා තේරුම් ගනියි කියලා මම හිතනවා. හේතුව මොකක් වුනත් අන්තිමේ ඒ හැම දේකින්ම දුක් වින්ඳේ මමයි,. ඒත් මම ඉල්ලනවා ඒ හැමෝගෙන්ම " මට සමාවෙන්න". ආදරේ කරපු හිතක් රිද්දවලා ඒ ගැන සතු‍ටු වෙන්න තරමේ ගල් හිතක් මට නෑ,. ඒ නිසා දහස් වාරයක් මට සමාවෙන්න,.

CONVERSATION

26 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අවසානය කොහොම වෙයිද කියලා දැන්ම බය වෙන්න එපා , හොද අවසානයක් තියෙවි..
    ඒක නෙවේ දැන් නම් ලෙඩේ උත්සන්න වෙලා වගේ :P [ පාටි එක ලැබෙයි නේද ;) ;) ]

    ReplyDelete
  2. මේ මොකෝ මෙච්චර හිනා වෙන්නේ. අද ගොඩක් සතුටින් වගේ. ඔයාගේ හිනාව ඇස් වලිනුත් පේනවා. ඒ තරමටම හිනා වෙනවා.

    මට හිතෙන්නේ වැඩේ හරියාගෙන එනවා වගේ. නියමයි නියමයි.
    ගොඩක් හැඟීම් වචනවලට පෙරලන්න අමාරුයි තමා.

    ඔන්න අද මම් තමා පළවෙනියා. :)

    ReplyDelete
  3. මලා. මම් දෙවෙනියා වෙලා. කමක් නෑ කමක් නෑ. :(

    ReplyDelete
  4. "නංගෝ, මම ඔයාට ගොඩාක් ආදරෙයි"

    අනිවාර්යයෙන්ම ඔබ පතනා මුවඟින් අසන්නට ලැබේවා!

    ReplyDelete
  5. මෙච්චර දෙයක් ලියපු වෙලේ නරකද එකපාරක් ගිහින් ඕක මූණටම කියල දැම්ම නම්... නැත්තන් පසුවට දුක් විඳින්න වෙයි පොර වෙන කෙනෙක් එක්ක යාලුවුනා කියල...

    මොනා වුනත් සුභ පැතුම් කිව්ව !...

    ReplyDelete
  6. අක්කා මාර සංවේදී නේ.....
    ටිකක් සිරියස් අරනුත් වැඩි වගේ.. විභාගේ එහෙම ළග නැනේ...?
    කැම්පස් යන්න බයයි වගේ ‍රැග් එක ඔය වගෙද? හි හි..

    දැනෙන්න ලියලා තිනවා ....

    ReplyDelete
  7. හම්මෝ........ මගේ අක්කියෝ.... මම කිව්වනෙ... ඔයා කළබල ව්නවනෙ.. මේ නංගා කිව්වට අහන්නෙත් නෑනෙ..(නංගා කියන ඒවා අක්කා අහන්න ඕනෙ ;))

    එයා ආදරේ කරාවි අක්කියෝ...එයා ඒවි ලගදිම. ඒ නැතත් අපි එහෙම හිතමු. නාවොත් හිත හදාගමු..ඒත් සුභ වාදීව හිතන එක හොදයිලු.මේ කතාවෙ මුල ඉදන්ම දන්න මට හිතෙන එකම දේ...
    එයා එයි....
    එච්චරයි...!!!
    ජය වේවා මගෙ අක්කට...!!!!

    ReplyDelete
  8. අක්කි ඔයා මේ කිව්ව එව්වා ඈත්තනම් ආයිම ගාලු ආවම මට කේක් ඕන.ඔන්න මම දෑන්ම කිව්වා.congratz අක්කි.

    ReplyDelete
  9. congrazzzzz....oyage adare kawada hari oyaya jaya ganna puluwan.....oyagen liyauna me wachana wala hageeem kochchara nan hirawela thiyanawada kiyala kiyala hitha gana puluwan mata....meka kiyewuwama mage soduru athithayath mata mathak una....oyata suba anagathayak

    ReplyDelete
  10. සුභ පැතුම් ප්‍රාර්ථනා......!!!! ඒ අයියා අනිවාරෙන් කියයි. ඔය කාට කාටත් පාටි දෙන එකේ මටත් ඕනි..... හී..... :)

    ReplyDelete
  11. අවසානය ගැන බය වෙන්න එපා නංගී... ආදරේ හැමදාම ශක්තිමත්ව තියාගන්න.. මොන ප්‍රශ්ණ ආවත්... ඔයාට ඉක්මනින්ම ඔයා ආස කරන ඒ වචන කීපය අහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  12. සංතෝසයි නංගො. ඉදිරිය ගැන දැන්ම හිතන්න යන්න එපා. ඒත් බලාපොරොත්තු නැති කරන්නත් එපා. ලැබෙන්න තියෙන දේ කොහොමත් ලැබෙනවා. ඒක කාටවත් නවත්වන්න බෑ. ඒත් කැපවීම නැත්නම් මොකුත් ලැබෙන්නෙ නෑ.

    හැමදාම හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා පතනවා...
    ජය..!!!!

    ReplyDelete
  13. හම්..මොනාද කියන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නෙ ප්‍රාර්ථනා.....ඔය හැඟිම ඔය විදියටම මාත් විදල තියන නිසා....අදටත් ගොඩක් වෙලාවට ඒ හැඟීම දැනෙන නිසාත්,මන් මුකුත් කියන්නෙ නැ ඔය ගැන. අනිවා ඔයාට ඔයාගේ ආදරේ ලැබෙනවා.....

    බුදුසරණයි...........!!!!

    ReplyDelete
  14. සුභ පැතුම් නංගි.තව දගලන්න ඕනෙ නෑ.මේ පෝස්ට් එකේ ලින්ක් එක එයාට යවන්න.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඔන්න කවදාහරි එයා මේක කියවාවි.. එදාට ....

    ReplyDelete
  17. මොන දේ කලත් කල්පනාවෙන් මිත්‍රයා,WISDOM IS EVERYTHING , ඔහොම කතා හොටු හූර හූර කියල, ඊට ඉස්සරහට විස්තර කරන අයත් ඉන්නව, මමත් අැතුලුව,(මම දැං නං හොටු හූරන්නෙ නෑ)

    සුභ පැතුම්! හැබැයි හෘදයයි ඔලුව අස්සෙ තියන එකයි අතර සමතුලිතය තියාගන්න, ඔලුව අස්සෙ තියන එකට මුල්තැන දෙන්න

    ReplyDelete
  18. @CHAMMA- හ්ම්ම්.. අපි බලමු චමල්.. හී හී, ලෙඩේ නම් ටිකක් විතර උත්සන්නයි වගේ,. පාටියක් දෙන්නම් ඔයාගේ ගානේ වියදම දෙනවා නම්.. ;)

    @මධුරංග අයියා- සතුටින් ඉන්න හේතුව එකම එක්කෙනෙක් විතරයි අයියේ,. ඒත් අනේ මන්දා වැඩිපුර හිනාවෙන්නේ අඬන්නලුනේ,..
    ප.ලි- දෙවෙනියත් නරක නෑ නෙව, හා හා නාඩා ඉන්න දැන්,.. ;)

    @විසිතුරු- හ්ම්ම් ස්තූතියි යාළු,.. ඒත් සමහරවිට ඒක අහන්න ලැබෙන්නෙම නැති වෙයි,..

    @සාතන්- එච්චර දෙයක් කරගන්න හෛයක් නෑ නේ.. :)
    ස්තූතියි..

    ReplyDelete
  19. @රහස් පරීක්ෂකයා- හපොයි, එහෙම හිතෙනවද මල්ලියෝ.. අනේ මන්දා, මට ඇත්තටම හිතෙන දේ තමයි මම අමාරුවෙන් වචන වලට පෙරලුවේ..
    හී හී ‍රැග් එක නම් මේ වගේ නෙවෙයි, ‍රැග් එකේ මතකය නම් පස්සේ කාලෙකදි හරිම සුන්දරයි,.. ස්තූතියි මල්ලි,.

    @හිතුවක්කාරී- හෙ හෙ නංගා කියන ඒවා මම එහෙමත් අහන්නේ නැතුව ඉන්නවද මගේ නංගෝ,. ඒත් ඉතින් මගේ හිත නම් අහන්න කැමති නෑනේ සමහර දේවල්.. :ඵ්
    හ්ම්ම්.. අපි බලමු නංගියෝ, කාලයට ඉඩ දෙමු,. කාලයා සමහර ප්‍රශ්න විසඳනවාලුනේ,.
    ස්තූතියි මගේ නංගාට..

    @හිම හංසි- හෙ හෙ හා දෙන්නම් දෙන්නම්, ඒත් ගාලු එන්න එපයි එහෙම දෙන්න හරි.. හෙ හෙ.. ස්තූතියි නංගෝ..

    @Shayanga- ස්තූතියි යාළු, අපි බලමු වෙන දේ, හැමදේම වෙන්නේ හොඳටයි කියලා කථාවක් තියෙනවනේ. අනේ ඔයා වගේම එයාටත් ඒක තේරෙනවා නම්..

    ReplyDelete
  20. @හා පැටික්කි- ස්තූතියි හා පැටික්කියෝ.. හ්ම්ම් මමත් හිතනවා..
    ;) හා හා, ඒ වුනාට අර හොරෙන් ගත්ත උපන්දින පාර්ටියෙන් කේක් කැල්ලක්වත් අපිට ලැබුනේ නෑනේ,.. ;)

    @Dineshඅයියා- ගොඩාක්ම ස්තූතියි අයියේ, මම හිතනව හැමදේම හොඳින් විස‍ඳෙයි කියලා,. දුක වෙනුවට සතුටක් ලැබෙන දවසක් ඉක්මනටම මට උදා වෙයි කියලා මම හිතනවා අයියේ,,

    @නවියා- ස්තූතියි අයියේ,. ඔයා කියන කථාව හරි, දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ ලැබේවි. එතකන් මම බලාගෙන ඉන්නවා අයියේ,. මට කරන්න පුළුවන් එතකන් එයාට ආදරේ කරන එක විතරමයි...

    @සී. නී- හ්ම්ම්ම්... ඔයාට දැනුන හැඟීම දරාගන්න එක මොන තරම් අමාරුද කියලා මම දන්නවා සී, නී.. ගොඩාක්ම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට..
    බුදුසරණයි!!!!!

    @නිසුපා - හපොයි අක්කේ එහෙම කරන්න නම් බැරි කමක් නෑ, ඊට පස්සේ එයා දකිද්දි ඉවසන් ඉන්න එක තමයි අමාරු වෙන්නේ.. ;) ස්තූතියි අක්කේ,..

    @සරත් ලංකාප්‍රිය- එදාට හුගාක් දුරට එයා මේක කියවාවි එයා මගේ වෙලා තිබුනොත්,.. :)

    @තනි අලියා- ස්තූතියි මල්ලි, ලැබෙන දෙයක් සතුටෙන් බාර ගන්නවා, නොලැබුන දේකට අඬලා පලක් නෑනේ,..

    ReplyDelete
  21. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. ආදරේ කරන කෙනෙක් ඉස්සරහදි දැනෙන හැඟීම මේ තරම්ම නිර්ව්‍යාජව අකුරු වලට පෙරළගන්න බැරුව මාත් මෙච්චර දවස් හිටියෙ. ඔයා ගොඩාක් ලස්සනට ඒක කරලා තියනවා. මොන බාධක ආවත් ඔයාගෙ ආදරේ ඔයාට සදහටම හිමිවෙන්න කියලා මම සුබ පතනවා..!!

    ReplyDelete
  22. ගොඩාක්ම ස්තූතියි හසි. මේ වචන ටික ගලපගන්න මට ගොඩාක්ම අමාරු වුනා..

    ReplyDelete
  23. ඔයා හැමදේම කියල තියෙන්නේ හරිම අපුරුවට.... සුභ පැතුම්..

    ReplyDelete
  24. ස්තූතියි ක්සැන්ඩර්,.. :)

    ReplyDelete
  25. හ්ම්ම් අක්කේ ඔයා ලස්සනට ඔයාගේ හිත අකුරු කරලා තියෙනවා..

    ReplyDelete
  26. ස්තූතියි නංගියා,. :)

    ReplyDelete

Back
to top