෴නොදු‍ටු පුතු මිය ගිය වගයි෴


තල් පතක් මත
‍රැඳුනි ලේ බිඳුවක්,.
චණ්ඩ වූ හිරු ‍රැසින් කැටිවී
වියැළුනි නොමැකෙනා සේ,
අවි දරා ගියද රුපුන් ඔද බිඳුමට
බිලි‍ඳෙක් වැඩුනි මෝරා ගැබ මත,
"හෙට උපදිනා ලොව ඔබට"
කියූ මුත් සටන් පද,
ඇයගේ ජනිත නොවූ පුත නුඹ
දකීවිද හෙට බිහිවනා ලොව,.
සඳුන් පැන් ඉස
සුගන්ධ පැනින් නහවා,
පෙර දිනෙහි ඇය සරසා
යැවුනි පෙරමුණ බලලා,.
එඩියෙන් මවු ගියද පෙරටම,
වැලකුනේ නැත මරු තෙද,.
නොදු‍ටු බිලිඳුන් හා මව,
වැතිරුනා කාශ්ඨක උතුරු බිම මත,..
හෙට ලොව දැකුමට
අහිමිව මවගේ කුස තුල
මියැදුනා මවුට තුරුළුව,
තව පුතෙක් මහී මව මත,..



CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මේ වගේ අම්මලා කී දාහක් උතුරුකරේ මිහිදන් වෙන්න ඇත්ද. මේ වගේ පියවරු කී දාහක් තමන්ගේ නූපන් දරුවන් වෙනුවෙන් අඩන්න ඇද්ද.
    ගොඩක් දුක හිතෙන ගොඩක් ලස්සන කවි සංකල්පනාවක්.

    ඔන්න මමයි අද පලමුවෙනියා.

    ReplyDelete
  2. සංවේදි සටහනක්....
    කීදාහක් ඔය වගේ එවා වෙන්න ඇත්ද.....

    සංවේදි ලස්සන පොස්ට් එකක්...

    ReplyDelete
  3. සංවේදී මාතෘකාවක් නේ අද නිමිත්ත වෙලා තියෙන්නේ..අපේම වාසනාවකට අපේ කාලෙම මේ සටන ඉවර උනේ..නැත්තනම් තව කි දාහක් අම්මලාට මේ දුක උරුම වෙයිද

    ReplyDelete
  4. දුක හිතෙනවා අක්කියෝ.. හරිම ස්ංවේදී මාතෘකාවක්.. මේ වගේ කීදෙනෙක්නම් ජීවිත වලින් සමු ගන්න ඇත්ද...:( :( යුද්ධෙ ඉවර වුනු එකනම් හොදයි..
    සංවේදී අක්කියෝ...

    ReplyDelete
  5. රුදුරු ගිනි අවිය අත අරන්
    යනවිටදි සටන් පෙරමුණේ
    කැබලි වී යනවාට වඩා
    යෙහෙකි පුත මිය යාම
    ගිලි වී මගේ කුස තුල

    ReplyDelete
  6. ඇත්තටම සංවේදී සටහනක් ප්‍රාර්ථනා... ඒ අතින් බලනකොට යුද්ධේ ඉවර උන එක කොයිතරම් නම් දෙයක්ද??

    ReplyDelete
  7. මටත් කියන්න තියෙන්නෙ යුද්ධය ඉවර කරපු එක කොච්චර නම් දෙයක්ද? ආයෙත් ත්‍රස්තවාද, ජාතිවාද ඇති නොවීම අපේ වගකීම

    ReplyDelete
  8. මේක මරු.... මරු මාතෘකාව..

    ReplyDelete
  9. සිරා සිරා.ලව්ම නැතුව මේවත් ලියන එක හොඳා....

    ReplyDelete
  10. @මධුරංග අයියා- හ්ම්ම් ඔව් අයියේ කී දාහක් නම් අහිංසක මිනිස්සු තමන්ගේ ජීවිතේ පූජා කරාද?
    ස්තූතියි අයියේ, අයියා ඉතින් හැමදාම වගේ පළවෙනියනේ.. :)

    @තනි අලියා- :(

    @රහස් පරීක්ශකයා- ස්තූතියි මල්ලියෝ, කී දාහක අම්මල පුත්තු මේ විදියට මැරෙන්න ඇත්ද? ඒත් අපි දන්නේ ඒ දේවල් වලින් බොහොම අතලොස්සක් ගැන විතරයි..

    @CHAMMA- ඔව් ඇත්තටම, අපි යුද්දෙ ඉවර වුන එක දකින්න තරමට වාසනාවන්ත වුනාට ඒ යුද්ධෙන් මිනිස්සු විඳපු දුක විඳින්න තරමට අපි අවාසනාවන්ත වුනා,..

    @හිතුවක්කාරී නංගා- හ්ම්ම්,, ස්තූතියි නංගියෝ. යුද්ධේ නම් ඉවර වුන එක ගොඩාක්ම හොඳයි තමයි,. නැත්නම් අදටත් අහිංසක මිනිස්සු ගොඩාක් තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවනවා..

    ReplyDelete
  11. @පිසාචයා- හ්ම්ම්,,
    පුතුට සරි ලොවක්,
    තනන්නට සිහින මැවු මුත්
    කුස තුලම මිය ගිය පුත්,
    ඒ ලොව දකීවිද යලි විත්,.

    @Dinesh අයියා- ස්තූතියි අයියේ,

    @විසිතුරු- ඇත්ත, ඉවර කරා වගේම ආයෙ ඒ වගේ දේවල් ඇති නොවෙන්නත් වග බලා ගන්න ඕනේ අපිම තමයි..

    @පොඩි මෑන් - ස්තූතියි පොඩ්ඩෝ, කාලෙකින් මේ පැත්තෙ ඇවිත්...

    @නිසුපා අක්ක- හ්ම්ම්,,, :((((((

    @දිනුක ජයකොඩි- පහුගිය දවස ටිකේ එක දිගටම ඒ ගැනම දැම්ම නිසාමයි අයියේ මේ වගේ කවියක් ලියන්න හිතුනේ. ස්තූතියි

    ReplyDelete
  12. මිනිස් කම මියෙනකල
    මිනිස් කැල හදවත් තුල
    නුඹ මියගියේ කිමදැයි
    ඇසිය නොහැකිය පුත මට

    ReplyDelete
  13. හ්ම්ම්..
    මිනිස්කම මියැදෙන ලෝකෙක, මේ මියගිය කලලය එක කුඩා ප්‍රාණියෙක් විතරයි තමයි..

    ReplyDelete
  14. මෙන්න බඩු, තනි ඇහැට ඉක්කා වැටෙනවා

    ReplyDelete

Back
to top