෴ඉර හඳ යට෴තෙවන කොටස

කාලෙකට පස්සේ වුනත් කථාවේ තුන් වෙනි කොටස දාන්න හිතුවා,
මුල් කොටස් දෙක බැලුවේ නැති අයට බලන්න


හැඳින්වීම
පළවෙනි කොටස
දෙවෙනි කොටස





මාස කිහිපයක් ගතවී ගිය පසුව විභාග ප්‍රථිපල නිකුත් කල බව මට දැනගැනීමට ලැබින. ගැහෙන හදින් යුතුව සමිතත් මමත් එදින උදෑසනම පාසල බලා පියමං කලේ විභාග ප්‍රථිපල දැන ගැනීමේ රිසිනි,.  ප්‍රථිපල පුවරුව දෙස බැලූ සැනින් මගේ දෙපා පණ නැති වී හදවත ගැහෙන්නට විය. දෙනෙතින් දු‍ටු දේ අදහා ගත නොහැකිව මද වෙලාවක් බලා සිටි මා බදාගත් සමිත් මට සුභ පතන විට පියවි සිහියට පැමිණි මා සතු‍ටු කඳුළු අතරින් ප්‍රථිපල පුවරුව දෙස බැලුවෙමි.


පසන් විජේවර්ධන             A             A             A                                                                                                                            Island rank                          District rank
        10                                           1


ඔව්, ප්‍රථිපල පුවරුව මත තිබූ ප්‍රථිපල මට මෙන්ම ඔබටද අදහාගත හැකි නොවනවා නොඅනුමානය. දෙනෙතින් ගලා යන කඳුළු අතරින් සිනාසුන මම ජීවිතයේ ලද ඉහලම සතුට එදා ලද බව නොසඟවා කියන්නෙමි.

දිනිතිගේ ප්‍රථිපල කෙසේ වන්නට ඇද්ද, ඔබට මෙන්ම මටද ඊලඟට ඇති වුන ගැටළුව එයයි..  මහත් සතුටකින් යුතුව ගෙදරට යන මට දිනිතිගේ මිතුරියක් හමුවූයේ අහම්බයකිනි,.

"හා, පසන් දිස්ත්‍රික් පලවෙනියා ඔයා කියලා අපිටත් ආරංචියි, අපිට පාර්ටි එකක් ඕනේ හොඳේ"

", තෑන්ක්ස් හොඳේ, මේ ඒක නෙවෙයි දිනිතිගේ රිසල්ට්ස් කොහොමද? "

"වෙනදා වගේම තමයි ඉතින් ඔයා එක නම් එයා දෙක වෙන්නම එපයි, ඒත් Island rank එක නම් 20 එයාගේ,. "

හදවත තුල නැඟුන සතුට දෝරේ ගලා යන මොහොතක මෙවන් සුභ ආරංචියක් අසන්නට ලැබීම කෙතරම් සතුටක්ද?

"ඉතින් කොච්චර හොඳද , අපි දෙන්නටම යන්න වෙන්නේ එකම කැම්පස් එකකටම තමයි, ඒ ගියාමත් එයා මට ඔරව ඔරවා ඉඳීවිද දන්නේ නෑනේ,."

"අනේ නෑ, එයා එහෙම කරන එකක් නෑ. ඒ එයාගේ හැටිනේ,. ගනන් ගන්න එපා,. කැම්පස් ගියාම ඕවා මඟ ඇරෙයි, එහෙනම් පසන් මම යන්නම්,.පරෙස්සමෙන් යන්න"

එසේ කියමින් ඇය නික්ම ගියාය,.
දැඩි සතුටකින් හදවත ඉපිලෙද්දී ගෙදර බලා ඉක්මන් ගමනින් පිය මැන්නේ මගේ ආදරණීය අම්මාට හා තාත්තාට මේ සුභ ආරංචිය දැන්වීමේ නොතිත් ආසාවෙනි.

************************************************විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම්පත්‍ර ලබා දීම සඳහා පසන් සමඟ නගරයට ගිය මම ආ ගිය තොරතුරු විමසමින් සිටින විට අප පාසලේම වූ පැරණි මිතුරෙක් අපට හමුවිය.
ඔහු පදිංචිව සිටිනුයේ දිනිතිගේ ගෙවල් අසල බැවින් ඇය පිළිබඳ  තොරතුරු දැන ගැනීමට ලැබෙන අවස්ථාව පැහැර හැරීමට මගේ සිත මට ඉඩ ලබා දුන්නේ නැත,.
දිනිති ගැන තොරතුරු දැනගැනීමේ අටියෙන් මම ඔහුගෙන් විස්තර ඇසුවද, ඇය පිළිබඳව අසන්නට ලැබුන පුවත මා සසල කරවන්නට සමත් විය,.

"දිනිතිගේ තාත්තා නැති වෙලා මචං, දැන් සුමානයක් වෙනවා. ඒකි තාත්තට පුදුම ආදරයක් තිබුනේ, දැන් සුමානයක් තිස්සේ වැලහින්නක් වගේ අඬනවා,. "

"අනේ දෙවියනේ, මම මේ මුකුත්ම නොදන්න හැටි,. මචං සමිත වරෙන් ගමනක් යන්න,"

"කොහේද බං මේ ඒ පාර දුවන්න හදන්නේ, විස්තරේ අහගන්නේ නැද්ද?"

"විස්තර අහන්න ඕනේ නෑ, වරෙන් මා එක්ක දිනිතිලාගේ ගෙදර යන්න"

මගේ මේ පිළිතුරෙන් පුදුමයට පත්වී උඩ බිම බැලූ සමිත යලිත් වරක් කිසිවක් කියන්නට පෙර ඔහුගේ අතින් අල්ලා ගත් මම ඉක්මන් ගමනින් බයිසිකලය දෙසට ගියෙමි,.

"උඹට පිස්සු හැදිලද මචං, ඒකි උඹ දැක්ක ගමන් එදා අර උඹ තනියම ඉද්දි දුන්නා වගේ කන හරහා හොඳ පාරක් දුන්නොත් ලැජ්ජාවේ පන යයි බං, පිස්සු වැඩ කරන්න එපා."

"බෑ උඹ මොනව කිව්වත් මම යනවා ඒකි බලන්න, මට බෑ බං දිනිති දුකෙන් ඉද්දි එයාව තනි කරන්න."

"ආහ්හ් ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට, කොල්ලා කෙල්ලට කැමතියි වගේනේ,"

එසේ කියූ සමිත අකමැත්තෙන් වුවත් මා සමඟ එන්නට ආවේ මගේ තීරනය වෙනස කල නොහැකි බව මගේ දැඩි පෙනුමෙන්ම වටහා ගත් නිසාවෙන් වෙන්නට ඇත.
අප දිනිතිලාගේ නිවසට යන විටත් හැඬූ කඳුලෙන් පසු වුන ඇය මා දු‍ටු විගස මා වෙත දිව ආවාය,. මෙතරම් කලක් මා දෙසවත් නොබැලූ ඇය මේ ලෙසින් හැසිරීම මට මෙන්ම සමිතටද ප්‍රශ්නයක් වුන බව ඔහුගේ මුහුණේ ඉරියව් වලින් මම දු‍ටුවෙමි,. මා ලඟට දිව ආ ඇය මගේ පපුව මත හිස තබාගෙන හඬන්නට වූවාය,.

"අනේ පසන්, මගේ තාත්තා මාව දාලා ගියා,. එයාට මම කොච්චර නම් ආදරේ කරාද? ඒත් ඇයි එයා ඒ බව දැන දැන මාව දාලා ගියේ,. මම දන්නේ නෑ,. මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ,."

ඇගේ නෙතින් ගලා ගිය කඳුළු වලින් මගේ කමීසය තෙත් වෙද්දී ඇයට රිසිසේ හඬන්නට ඉඩ දී මම බලා සිටියෙමි.
ඇගේ හිත හැදීමට මම කුමක් කිව යුතුද යන්න මම නොදත්තෙමි,. එහෙත් කුමක් හෝ කිව යුතුව ඇත,

"මේ බලන්න දිනිති, තාත්තා ඔයාට ආදරේ බව ඔයා දන්නවා නේද, එහෙනම් තාත්තා කොහේ හරි ඉඳන් ඔයා දිහා බලාගෙන ඇති. ඒ නිසා ඔයත් තාත්තට පෙන්නන ඔයා තාත්තට ගොඩාක් ආදරේ බව,. තාත්තා ඔයාගෙන් බලාපොරොත්තු වුන දේවල් කරලා තාත්තව සතු‍ටු කරන්න. හොඳට ඉගෙන ගන්න. එතකොට තාත්තාගේ ආසාව ඉෂ්ඨ කරා කියලා ඔයාට කවදා හරි සතු‍ටු වෙන්න පුළුවන්. "

කවරදාකවත් මගේ මුහුණට මුහුණ බලා කථා නොකරන ඇය මා කී සියලු දේ අසා සිටියේ පුදුමය හා කුතුහලය පිරි ඇගේ කුඩා දෙනෙත් යුවල මා දෙසටම යොමු කරමිනි.
හිටිහැටියේම යමක් මතක් වූ විටක මෙන් මගේ අත අල්ලා ගත් ඇය කිවූ දේ මට එක්වරම අදහා ගැනීමට නොහැකි විය,.

"ඔයා ගොඩාක් හොඳ යාළුවෙක් පසන්, මම ඇයිද මන්දා ඔයා එක්ක මෙච්චර දවස තරහෙන් හිටියේ".

මේ වචන අහන්නට මා පෙරුම් පිරූ තරමක්,.. අවසානයේ සියළු දේ ඉතාමත් හොඳින් විසදෙමින් පවතී. වසර ගනනක් පුරා මම බලා සිටි ඒ මොහොත එලබී ඇත. මගේ කථාව අසන ඔබ මේ අවස්ථාවේ මට සමාව දෙන බව මම දනිමි,..එය දිනිතිගේ පියාගේ දාන ගෙදර නොවූවානම්  ඒ ඇති වුන සතුට නිසා මා උන්මත්තකයෙක් සේ හැසිරෙනු නොඅනුමානය. ඇය මගේ මිතුරියක් වී හමාරය,. එයට වඩා වටිනා දෙයක් තවත් මට ඇත්ද,

කෙසේ හෝ සියළු දේ හොඳින් සිදුවෙද්දී දිනිතිගෙන් සමුගත් මම යලි ගෙදර පැමිනියේ සිතේ ඇතිවූ සතුට දින පොත පුරවා ලියා තබන්නට ඇති වූ නොඉවසිල්ලෙනි,. මගේ දිනපොත තුල මගේ ජීවිතයේ සියළුම රහස් සැඟවී පවතී,සිතට නැ‍ඟෙනා කිසිවක් සමිත හැර වෙනත් කිසිවෙකුට නොපවසන මගේ සිතැඟි දැන ගත් එකම මිතුරා වූයේ මගේ දිනපොතයි,.  ඉතින් එදා,. දිනිති මා හා මිතුරු වුන දිනයේ මගේ දිනපොතේ එක් පි‍ටුවක මෙසේ සටහන් විය,.

2011.04.09
මිතුරියේ ඔබ,
සිත විමසනා එකම රුව ඔබ,
නෙතු දකින්නට පතන සඳ ඔබ,
තරු නෙතින් හිනැහී මගේ ලඟ,
ඉන්න සැමදා පෙර නොවූ ලෙස,.


CONVERSATION

18 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සනට ලියලා තිනවා....
    සංවේදි කතාවක්...

    ReplyDelete
  2. ෂා.. දිනිති හොද වෙලානෙ. ඒත් එක සැරේම එයා මෙහෙම වෙන්න හේතුව මොකක්ද??? එයා අරම තරහින් හිටියෙ ඇයි??

    අක්කියෝ...මටනම් ඉවසිල්ලක් නෑ... ඉතිරි ටික කියවනකම්...
    නියමයි.. ඉතිරියත් ලියන්න... ජය වේවා..!!!

    අයියෝ මම 2 වෙලා... රහස් පරීක්ෂකයා ඉස්සර වෙලා

    ReplyDelete
  3. ලස්සන කතාවක්! යම් යම් මට්ටං වලින් මම මේවට සංවේදීයි! විබාගෙ දා කණේෂොටකුත් කාල එ් තුනකුත් ගත්ත එකාට මල් පහන් තියල වඳින්න වටිනව උනත්....................

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්ම්ම් හිතපු තරම් දරුණු වුනේ නෑ එහෙනම්.......ඉක්මනට ඉතුරු ටිකත් දාන්නකෝ.................:)

    ReplyDelete
  5. දිනිතිලෑ අප්පච්චිව නැති උන එකට නම් දුකයි. ඒ උනාට දෙන්නම පාස් වෙච්ච එකට සතුටුයි. අද කොටසේ දුක වගේම සතුටත් තියෙනවා. ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

    දිනිති, පසන් එක්ක හොදින් කතා කලත් එක්ක නේ. මොනා හරි හොද දෙයක් වෙයි වගේ. එකම කැම්පස් එකටනේ යන්න ඉන්නේ. :)

    ReplyDelete
  6. ලස්සන කතාවක්.. ලස්සනට ලියල තියෙනවා.. ඉතුරු ටිකත් ලියනකම් තමයි බලන් ඉන්නෙ.. :)

    ReplyDelete
  7. කලින් දවසේ පසන්ගේ කම්මුලට ගැහුව දිනිති කොහොමද මෙහෙම එකපාරම වෙනස් උනේ???

    ReplyDelete
  8. කොටස් තුනම එක හුස්මටම කියෙව්වා. මේ කතාව ඉක්මනට ලියන්නකො. මේ තරම් වෙනසක් වෙන්න හේතු මොනවද කියලා බලාගන්න ආසයි..

    ReplyDelete
  9. ඒක මවා ගත්තු තරහක්ද..... දිනිතිවත් හේතුවක් නොදන්න තරහක්...!

    ආ තව ටිකෙන් නියමයි කියන්න අමතකම වෙනවා.... :)

    ReplyDelete
  10. මටනං හිතෙන්නෙ දිනිති හිතේ තියෙන කැමැත්ත වහගන්න තමා එහෙම තරහයි වගේ ඉන්න ඇත්තෙ...දන්නවනෙ... ;) උගුරට හොරා බේත් කන්න ගියාට මූණ ඇඹුල් වෙන එක නවත්තගන්න අමාරුයිනෙ.. :P

    ඒත් ඉතින් සංවේදී වෙලාවක තමන්ට කිට්ටු කෙනෙක් ඉදිරියෙ පහලට වැටෙන එක ඒ හැටි දෙයක් නෙවෙයි කියල හිතුනු නිසා වෙන්නැති දිනිති මෙහෙම වෙනස් වෙන්ටැත්තෙ,....ඒ ගැන පුදුමෙකුත් නෑ.. :))

    ReplyDelete
  11. සැබෑ වෙනසක් , වෙනසට හේතුව හිතේ දුකද දන්නේ නැහැ..කොහොමහරි දෙන්න යාලු උනා නේ..දැන් ඉතින් එකට කැම්පස් එහෙම යනකොට ඔය යාලුකම තව වැඩි වෙයිනේ., ;)

    ReplyDelete
  12. @මකුළු පැංචි :
    ඔය තම තමන්ගේ අත්දැකීම් වලින් වෙන්ටෑ කියනවා ඇත්තේ. හික්ස් :)

    ReplyDelete
  13. @රහස් පරීක්ශකයා- ස්තූතියි මල්ලි,

    @හිතුවක්කාරී- හ්ම්ම් ඒ ඔක්කෝටම හේතු දැන ගන්න නම් අන්තිම වෙනකන් ඉන්න වෙනවා නංගියෝ.. හෙ හෙ...
    ස්තූතියි

    @තනි අලියා- ස්තූතියි.

    @කුබුවි- හ්ම්ම්ම්... බලමුකෝ අයියේ මොකද වෙන්නේ කියලා.. :)

    @මධුරංග අයියා- හ්ම්ම්ම් හොඳ දෙයක් වෙන්නත් පුළුවන්,,., ඒක ගැන බලමුඅ ඊලඟ කොටසෙන්.. ස්තූතියි අයියේ..

    @ඇනොනිමස්- ස්තූතියි යාළු..ඉතිරි ටිකත් ඉක්මනට දාන්නම්.

    @Dinesh - වෙනස් වුනේ ඇයි කියලා සමහරවිට දිනිතිම දවසක පසන්ට කියාවි අයියේ.. :)

    @හංසි- ස්තූතියි හංසි, අනිත් කොටස් වලින් වෙනසට හේතුව බලමු..

    @හා පැටික්කි- ස්තූතියි හාවියේ..
    සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්,, දිනිතිම විතරයි ඒ ගැන දන්නේ,.

    @මකුළු පැංචි- හෙ හෙ මධුරංග අයියා කිව්වා වගේ ඒක නම් අත්දැකීමෙන් කියපු දෙයක්ද කොහේදෝනේ..
    සංවේදී වෙලාවක අනිවාර්යෙන් තමන්ට කිට්ටු කෙනෙක් නොහිටියත් දුක බෙදාගන්න කවුරු හරි ඉන්නවා නම් අපි ඒකට කැමතියි නේද අක්කේ..

    @chamma- හ්ම්ම් හ්ම්ම්, සැබෑ වෙනසක් තමයි, පසන්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒකමනේ..

    ReplyDelete
  14. @මධුරංග අයියා- හෙ හෙ හෙ.. මංචි අක්ක අත්දැකීමෙන්ම තමයි ඒක නම් කිව්වේ..:)

    ReplyDelete
  15. අඩේ මේ අර එදා පසනට කනා සොට් එක දුන්න කෙල්ල නේද? කෙල්ලෝ ඔහොම තමා.ඒත් අප්පා මට මාර අවුල කෙල්ල කොහොමද නිකන් හින්දි ෆිල්ම් එකක වගේ එක පාරට දුවගෙන ඇවිත් කොල්ලට තුරුල් උනේ.අපොයි.. බලමු අවසානයත්....

    ReplyDelete
  16. ඒකනේ අයියේ කියන්නේ , කෙල්ලෝ ඉතරක් නෙවෙයි ඉතින් කොල්ලොත් ඔහොම තමයි.. වෙනසට හේතුව නම් ඉතින් දිනිතිම කියාවි කවදා හරි දවසක..

    ReplyDelete
  17. ඇවිත් ගියා ඊළඟ එකත් බලමුකෝ ..

    ReplyDelete
  18. ස්තූතියි, බලමු අපි.. :)

    ReplyDelete

Back
to top