බැස නොයන මගේ සඳ කුමරු ඔබ


අනන්තය පුරා සැරිසැරූ මම
නොදු‍ටු මුත් සැබෑ ස්නේහය
වේදනාවෙන් ඉරි තැලී 
බිඳුණු හදවත,
හුස්ම පොදක් අයදිනා විට,
අමාවක එක් ‍රැයක,
පායා ආ සුපුන් සඳ නුඹ,.
නීල තරු යුවල වන් දෙනයන
පවසනා රහස් දැන දැන,
කෙලෙස ඉවසම්ද මම,
ගැහෙනා මගේ හද වත්තම් කර,.
පොපියනා මගේ දෙතොලඟ
නොමැකෙනා ලෙස කිසි කල,
සිනහවක් සිත්තම් කල
සොඳුරු වූ ඒ සිත්තරා ඔබ,
ලදළු පත සම වූ මගේ හද,
සසල කරවන මද පවන ඔබ
ස්නේහයෙන් සැමදා හිඳිමි ලඟ,
බැස නොයන මගේ සඳ කුමරු ඔබ,.


අද මට ගොඩාක්ම සතුටු දවසක් යාළුවනේ.කාලෙකට පස්සේ අද මම මුළු හදවතින්ම හිනා වුනා, ගොඩාක්ම හිනා වුනා. තමන් ආදරේ කරන කෙනා දවස පුරාම ඇස් ඉදිරිපිට පෙනි පෙනී ඉන්නකොට දැනෙන සතුට මම අද උපරිමයෙන්ම වින්ඳා. සැරෙන් සැරේට ඒ ඇස් දෙක මගේ ඉස්සරහ මතු වෙද්දී, මා එක්ක හිනා වෙද්දී මගේ මුළු ඇඟම පණ නැතුව යනවා, මේ ඇත්තමයි. මගේ අතින් ලියවෙන මේ දේවල් කිසිම එකක් ඔයාලට කිසිම වැදගත්කමක් පේන්නේ නැතුව ඇති. ඒත් මට මේ හැමදෙම ගොඩාක් වටිනවා යාළුවනෙ. ඒ හැමදේම මම ඔයාල එක්ක බෙදාගන්නේ මට ඒ හැඟීම් හිත ඇතුලේ හිර කරගෙන ඉන්න බැරි නිසා. මාත් එක්ක මගේ දුක සැප බෙදාගන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.


තව දෙයක්, කෙනෙක් මට කිව්වා මම ලියන ඒවට කැමැත්තෙන් නෙවෙයි කට්ටිය කමෙන්ට් කරන්නේ මම ඒ අයගේ බ්ලොග් වල කමෙන්ට් දාන නිසා කියලා.(විශේෂයෙන්ම කිව්වේ මගේ ඉර හඳ යට කථාවට).ඒක මට කිව්වේ මගේ ලඟම යාළුවෙක් වෙන එකයි මගේ හිතට දුක.එයා මගේ වැරදිත් පෙන්නලා දුන්නා , ඒකට ගොඩාක් ස්තූතියි. ඒත් මම මගේ දුක සතුට බෙදාගන්නේ මේ බ්ලොග් එකේ. මම මගේ බ්ලොග් එකට ආදරෙයි. මගේ අතින් ලියවෙන දේවල් සම්භාභාව්‍යය ඝනයේ නිර්මාණ නොවෙන්න පුළුවන්. ඒත් ඒ හැමදේම මම ආසාවෙන් වචන අමුණලා ලියපුවා. වැරදි අඩුපාඩු තියෙනවානම් මට ඒවා කියල දෙන්න යාළුවනේ. ඕනෙම දෙයක්. මා එක්ක දුක සැප බෙදාගන්න ඉන්න ඔයාල හැමෝවම මට ගොඩාක් වටිනවා. කමෙන්ට් නොකරත් මගේ ලියවෙන දේ බලලා කවුරු හරි සතුටු වෙනවා නම් මට ඒ ඇති.කවුරු හරි සතුටු වෙනව නම් ඒක තමයි මගේ ලොකුම සතුට. 

CONVERSATION

16 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. බ්ලොග් එකක් කියන්නේ දින පොතක් වගේ. ඒකේ ලියන්නේ අපි ගැන. අපේ දුක සතුට වගේ දෙවල්. අපේ අත්දැකීම් වගේ ඒවා. සමහරුන්ට ඒවා වැදගත් වෙන්න පුලුවන්. ඒ නිසා ඒවා කියවනවා. තවත් සමහරුන්ට ඒවා වැඩ නෑ. ඒ නිසා කියවන්න එන්නේ නෑ.

    අපි අනිත් අයගේ ලිපි කියවන පලියට එයාලා අපේ බ්ලොග් එකට එන්න කියලා නියමයක් නෑ. මගේ බ්ලොග් එකට කවදාවත් නෑවිත් ඉන්න අයගෙත් ලිපි කියවනවා. කමෙන්ට් කරනවා.

    ඔයාගේ අර යාළුවා කියපු විදිහට මගේ බ්ලොග් එකටත් කටිය එනවනම් හැම පෝස්ට් එකටම කමෙන්ට් 100කට එහා පැත්තෙන් වැටෙන්න ඕනේ. ඒත් එහෙම නෑ.

    අඩු පාඩු පෙන්නලා දෙන එක හොද දෙයක්. ඒ උනාට අඩු පාඩු පෙන්නන එකෙයි අධෛර්යමත් කරන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා කියවන්න අකමැති නම් එහෙමත් නැත්නම් වැඩක් නෑ කියලා හිතෙනවනම් නොකියවා ඉන්න. සතුටින් ලියන කෙනෙක්ව දුකට පත් කරලා අධෛර්යමත් කරන්න එපා.

    අධෛර්යමත් කරනවට වඩා නොකියවා ඉන්න එක ලියන කෙනාට ලොකු උදව්වක් !!!!

    තමන්ට හරියි කියලා හිතෙන ඕනම දෙයක් ලියන්න.හොද හෝ නරක විවේචනය කරන එක කියවන කෙනාට බාරයි. කමෙන්ට් කරන්න තියෙන්නේ හොද කියන්න විතරක්ම නෙමෙයි. හැදෙන්න ඕනේ දේවල් කියන්නත් වැරදි අඩුපාඩු කියන්නත් කමෙන්ට් පාවිච්චි කරන්න පුලුවන්.

    ReplyDelete
  2. ආයි මොනව කියන්නද අක්කෙ..... නියමට තිනවා..
    ඇත්තටම ඒ අයියා ,අක්කගේ හදවතටම දැනෙන්න ‍රැග් එක දිලා තිනවා

    ReplyDelete
  3. ඔන්න තරහ වෙන්න එපා ... මමත් බලන හැම එකේම Comments දාන්නෙ නෑ ....

    ReplyDelete
  4. ලස්සන නිසදැසක් ප්‍රාර්ථනා...පින්තුරෙත් ඒකටම ගැලපෙනවා. "ඉර හඳ යට" නම් තාම බලන්න බැරි උනා. ලඟදිම බලන්නම්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මම දාන පළවෙනි එක මේක.. ඔයාගේ පොස්ට් මම හරිම ආසාවෙන් කියනවවා..එත් ඉතින් කියන්න වැරද්දක් මම කවදාවත් දැකලා නැ.. හැම එකට ම ලස්සනයි කියලා විතරක් දාන්න බැරි නිසාත්..කියන්න වෙන දෙයක් මතක් නොවෙන නිසාත්.. නියමයි කියලා ටික් කරනවා..එත් මෙ හැම එකක් ම හරිම ලස්සනයි..

    ReplyDelete
  7. කියන්න ඕන ඔක්කොම ටික මධුරංග කියලනේ.....තව ඉතින් මොනා කියන්නද?ඔයා ලියන්න යාළුවා....මේක සාහිත්‍ය පිටුවක් නෙමෙයිනෙ.අදහස් බෙදාගන්න තැනක්.ඕව ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි.

    ReplyDelete
  8. මධුරග අයියා කිවුවත් වගේ බ්ලොග් එක කියන්නේ හරියට දින පොතක් වගේ.. ඒත් දිනපොතක් කවදාවත් අපිට පෙරලා උත්තර දෙන්නේ නෑ.. ඒත් බ්ලොග් එකේ අපි හැමෝම ඔයා දුක් වෙන වෙලාවට ඒ දුක බෙදාගන්නත්, සතුටු වෙන වෙලාවට ඔයා එක්ක හිනාවෙන්නත් ඉන්නවා.. ඒ නිසා ඔයාගේ හිතේ තියෙන හැමදෙයක්ම මේ බ්ලොග් එකේ ලියන්න....

    ReplyDelete
  9. බ්ලොග් එකක් කියන්නෙ දින පොතක්ම නෙවෙයි නේද? ඒක සාහිත්‍ය කරුණු ඇතුලත් දෙයක් වෙන්න පුලුවන්, කතන්දර වෙන්න පුලුවන්, තාක්ෂණික දැනුම ගෙන එක එකක්, ඕපා දූප තියෙන ගොසිප් සයිට් එකක්.... ඕනම දෙයක් වෙන්න පුළුවන්.

    මේ බ්ලොග් අවකාශයේ මම කිසිදා නොදු‍ටු, ලියන අකුරු පේලි හරහා අඳුර ගත්ත මිතුරන් පිරිසක් ඉන්නවා. ඒ මිතුරන් ලියන ලිපියක් ගැන අදහස් දැක්වීමට අපිට පොඩි යුතුකමක් තියෙනවා. ඒ හැරුණු විට ඕනම බ්ලොග් එකක ලිපියක් සිත් ගන්නවා නම් අනිවාර්යයෙන් හිතට එකඟව කමෙන්ට් කරන්න.

    ඔයා ඔයාගෙ හිතට එන ඕනම අදහසක් ලියන්න. ඒව රස විඳින්න කැමති අය කවදත් මෙහි ඒවි. අදහස් දක්වාවි. අකමැති නම් කියවන්නෙ නැතුව ඉඳිවි.

    ඔබ පතනා ආදරය ඉක්මනින් හිමි වේවා! ජය වේවා!

    ReplyDelete
  10. @මධුරංග අයියා- ඔව් අයියේ, මමත් වෙන කාගෙවත්ම කමෙන්ට් දාන්නේ මගේ බ්ලොග් එකට කමෙන්ට් බලාගෙන නෙවෙයි. මම රසවිඳින හැම බ්ලොග් එකකම මම පුළුවන් විදියට කමෙන්ට් දානවා. ඒ මම ඒ බ්ලොග් එක රසවිඳින නිසා.කියවන්න ඇවිත් කමෙන්ට් නොදා ගියාට මම කා එක්කවත් කිසිම තරහක් නෑ. මම ඇත්තටම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ හිතේ තියෙන දුක සතුට බෙදාගන්න. ඒ දේ මේ හරහා වුනා. මගේ දුක සැප බෙදාගන්න යාළුවෝ ටිකක් මට ලැබුනා. මට ඒක මේ හැමදේටම වඩා වටිනවා.. ගොඩාක්ම ස්තූතියි අයියේ.

    @රහස් පරීක්ෂකයා- ස්තූතියි මල්ලියෝ.. හ්ම්ම් හ්ම්ම්ම්... හදවතටම දැනෙන්න ‍රැග් එක නම් කලා තමයි. :) ;)

    @ඔජායේ- ඒකට කමක් නෑ යාළු, ඔයාලා ඕනේ වෙලාවක මා ගාව ඉන්නවා කියල මම දන්නවා. කමෙන්ට් ගැන නෙවෙයි ප්‍රශ්නේ. මට දුක හිතුනේ අර යාළුවා කියපු දේ ගැන, මම ලියන ඒවට කමෙන්ට් වැටෙන්නෙ හොඳ නිසාම නෙවෙයි ඒත් මම ඔයාලගෙ බ්ලොග් වල කමෙන්ට් කරන නිසා කියපු එක ගැනයි දුක.. :)

    @සයුරි- සිත් අහසට ආදරෙන් පිළිගන්නවා අක්කේ, ගොඩාක්ම ස්තූතියි. හැබැයි ඔයාගෙ කවි තරමට නම් මගේ කවි ලස්සන නෑ.. :)

    @Red Riding Hood-ඒකට කමක් නෑ යාළු. ඔයා මගේ බ්ලොග් එක කියවන එකයි මට වැදගත්, මට උපදෙසක් දෙන්න තියෙන අවස්ථාවක ඔයා ඒක මඟ හරින්නේ නෑ කියලා මම දන්නවා. ගොඩාක්ම ස්තූතියි.. :)

    @කුබුවි අයියා- හ්ම්ම් ඔව් අයියේ.. මම කොහොමත් ලියනවා. මගේ අදහස් මම පිට කරන්නේ මම ලියන දේවල් වලින්. ඒවා නැවැත්තුවොත් මට පිස්සු හැදෙයි,.

    @Dinesh- ඒ දුක සතුට බෙදාගන්න එකයි මට ගොඩාක්ම වැදගත් අයියේ, මම දුකින් ඉද්දි හිත හැදෙන්න , සතුටින් ඉද්දි සතුට බෙදාගන්න ඕනේ නිසයි මම මේ හැම බ්ලොග් පෝස්ට් එකක්ම ලියලා තියෙන්නේ,. කවදාවත්ම නොදැකපු ඔයාල මගේ ලඟින්ම ඉදගෙන දුක සතුට බෙදාගන්න එකම මට ලොකු හයියක්. ස්තූතියි අයියේ..

    @විසිතුරු- අනිවාර්යෙන් යාළු, මම රසවිඳින ඕනෙම ලිපියකට කමෙන්ට් එකක් දෙන්න මම ලෝභ වෙන්නේ නෑ, ඒත් ලිපි කියවල රසවිඳින ගොඩාක් අය ඉන්නව කමෙන්ට් දාන්නේ නැතුව, ඒ අය වුනත් ලිපියක් කියවල ඒකෙන් ලබන සතුටම මට ඇති.මේ බ්ලොග් එකේ සමහර වෙලාවට එක කමෙන්ට් එකක්වත් දාපු නැති මගේ යාළුවො බහුතරයක් ඉන්නවා, ඒත් ඒ අය ගොඩක් දෙනා "ඔයාගේ ලියන දේවල් ලස්සනයි හොඳයි, මෙහෙම වෙනස්කම් කරන්න, මේ විදියට ලියන්න, මේක හරි නෑ " කියල ඕනේ තරම් මට කියල තියෙනවා. එහෙම කියන්න තරමට මගේ ලිපියක් ඒ අයට වටිනව කියන එකම මට ගොඩාක් සතුටක් විසිතුරු.
    ප්‍රාර්ථනාවට බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
  11. මෙහෙමයි! අක්ක ලියන දේවල් මට නම් ලස්සනයි! මමනම් දෙතුන් පාරක් කියවනවා! :)

    [මාත් එක්ක මගේ දුක සැප බෙදාගන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.]

    welcome

    ReplyDelete
  12. බ්ලොග් එක කියන්නෙ පෞද්ගලික දෙයක් නේ.මං හිතන විදිහට ඒක පටන් ගත්තෙ දින පොතක් විදිහට.

    ඔයාට ඕන දෙයක් ඕකෙ ලියන්න පුලුවන්.කියවන අය කියවයි.නැති අය නිකන් ඉදියි.මධුරංග මල්ලි ගොඩක් දේවල් කියලා තියෙන්නෙ.

    ReplyDelete
  13. @තනි අලියා- ස්තූතියි මල්ලියෝ. මේ සයිබර් අවකාශේ ගොඩාක් හිත් හරිම සුන්දරයි, හැමෝගෙම දුක සතුට බෙදා ගන්න ඒ අය එක් වෙන්නේ ඒ නිසාමයි මල්ලියො..

    @නිසුපා- හ්ම්ම් ඔව් අක්කේ, මම කොහොමත් ලියනවා, මොන දේ වුනත්. ගොඩක් ස්තූතියි අක්කේ.

    ReplyDelete
  14. අනේ... අදනම් මම හොදටම පරක්කුයි...:( සමා වෙන්න ඕනෙ.
    අක්කි මෙහෙමයි.. දැන් කියන්න ඕනෙ ඔක්කොම ටික මධුරංග අයියා කියලා තියන්වා. මමත් බුකියෙදි කිව්වනෙ ඔයාට..ඔයා ඔයාගෙ හිතේ තියන දේවල්, ආදරේ, සතුට දුක මේ බ්ලොග් එකේ ලියන්න. ඒවා ආසාවෙන් කියවන අය ගොඩක් ඉන්නවනෙ.නැති අය නොකියවා ඉදියි.

    අනික කියවලත් කමෙන්ට් නොකරන අයත් ඉන්නවනෙ.ඒක එහෙමයි කියලා කවුරුත් කිව්ව පලියට අධෛර්යමත් වෙන්නෙපා.මම ලියන්නෙත් සාහිත්‍යමය විදියට නෙවෙයි. මම මගේ දුක සතුට හැගීම්, අත්දැකීම් ලියන්වා.ඒවා කියවලා කැමති අය කමෙන්ට් කරන්වා.ඒ සමහර අයගෙ බ්ලොග් මම දැකලවත් නෑ.ඉතින්...එක එක්කෙනාගෙ ශෛලීන් වෙනස්. අනික හිතන පතන විදියත් වෙනස්.ඕවා ගනන් ගන්නෙපා.දිගටම ලියන්න. අපි අඅසාවෙන් කියවන්නෙ.

    ලස්සන නිසැදෙසක් අක්කි.. <3 හරිම ලස්සනයි...

    ReplyDelete
  15. කියන්න ඕන දේවල් හොදට මධු කියලා තියනවා.... බ්ලොග් එක ඔයාගේ ලියන්නේ ඔයා කැමති දේවල්... කමෙන්ට් කියන්නේ අපිව දිරිමත් කරන වටින දෙයක්.. මම මේ බ්ලොග් එකට කරන පලවෙනි කමෙන්ට් එක මම හිතන්නේ... කමෙන්ට් හැමදාමත් ලැබෙයි... හැමදෙයක්ම හොදින් වෙයි.... කවුරුවත් කියන දේවල් ඒ තරම් හිතන්න එපා...

    ඇත්තටම ජිවන අත්දැකිම් අපිත් එක්ක බෙදා ගන්න එක ගැන ගොඩාක් සතු‍ටුයි... ඔන්න මම නම් දිගටම මෙහේ එනවා හොදේ....

    ජය වේවා

    ReplyDelete
  16. අනේ මන්දා අක්කේ.. ආප් දේවල් අපිට ඇර අනිත් අයට වැදගත් නොවෙනවත් ඇති. බලලා නිකන් යන්න බැරිකමටත්, තමන්ගේ ඒවාට කමෙන්ට් කරන නිසත් කමෙන්ට් කරනවා වෙන්නැති. ලස්සන කියාගන්න ඕන උනත් දන්නෙ නැතිකමට කමෙන්ට් නොකරනවා වෙන්න ඇති, දැනගත්තත් වචන පටලන්න නොදන්නවා වෙන්නැති, තමන්ට කලිං කෙනෙක් ඒ දේම ගහලා තියනවා වෙන්නැති, ඉස්සෙල්ලාම කමෙන්ට් එක ගහන්න බයයි වගේ ත් වෙන්නැති, මේ මොනවා උනත් තමන් සතුටු තමන් මහන්සිායන් කළ දේට කවුරු හරි හොදකි කියනවා ට. :) කොහොම නමුත් කිවුවත් නොකිවුවත් හිතේ කහටක් නෑ. මොකද අපි ඒ දේ මුළු හිතින්ම කළ දෙයක්. අපි ඒ දේ වින්දා. ඒ දේ බෙදාගන්නයි අපි හැදුවේ. ඒ දේ අනිත් අය බෙදාගන්න අකමැති නම්, කමක් නෑ කියලා හිත හදාගමු. :)

    ReplyDelete

Back
to top